DOTA 2 : මූලික හැඳින්වීම [ 1 වෙනි පාඩම ] ~ CybeR TubE

Sunday, November 23, 2014

DOTA 2 : මූලික හැඳින්වීම [ 1 වෙනි පාඩම ]


මන් මෙච්චර කාලෙකට play කරලා තියන හොඳම ගේම් එක මොකද්ද කියලා ඇහුවොත්? ඒකට උත්තරේ තමයි dota 2. ගොඩක් අය ගේම් එකක ප්‍රමතිය මනින්නේ එකේ ග්‍රැපික්ස් වලින්. ඇත්තටම ඒවා නම් ප්‍රථමික මිනුම් දඬු. මට අනුව නම් ගේම් එකක ප්‍රම්තිය මනින්නේ ගේම් එකෙන් අපිට ලැබෙන තෘප්තියයි, කොච්චර අපේ හැකියාවන් ගේම් එක තුල භාවිතා කරන්න පුලුවන්ද යන්න මතයි. ඒ වගේ ගේම් එකක් තමයි dota 2 කියන්නේ. එක නිසා මෙච්චර කල් dota සෙල්ලම් කරලා නැති, ගේම එකට අලුත් කට්ටියට උදව් වෙන්න ලිපි පෙළක් දෙන්න මගේ බ්ලොග් එකෙන් බලාපොරොත්තු වෙනවා. මොකද මන් dota 2 එකේ ගොඩක් දේවල් ඉගෙන ගත්තේ තනියෙම ගොඩක් කාලයක් වැය කරලා. ඔයාලට එහෙම කාලයක් අවශ්‍ය නොවී ගේම් එකේ basic ටික ලබා දෙන එක තමයි මේ ලිපි වල අරමුණ. හරි එහෙනම් බලමු මොකද්ද මේ dota කියලා. 

DOTA එහෙමත් නැතිනම් Defense of the Ancients කියන්නේ Strategy වර්ගයට අයත් ගේම් එකක්. අපේ ලෝකල් වචනයෙන් කියනවානම් උඩින් පේන, බට්ටෝ ගේම් එකක්. මේක පදනම් කරගෙන තියන්නේ World of Warcraf කියන ගේම් එක. ගේම් විශේෂඤට අනුව නම් dota කියන්නේ " Dota is a combination of football and Chess." මෙහෙදී ඔයාලගේ කණ්ඩායම් හැකියාව, නායකත්ව හැකියාව, වේගවත් බව, කාල කළමනාකරණය, උපායශීලි බව හොඳින්ම පරික්ෂා කරන ගේම් එකක් කියලා කියන්න ඕනේ. ඒ වාගේම මේක කණ්ඩායම් දෙකක් අතර සිදු වෙන ගේම් එකක්, එක පිලිකට 5 බැගින්. ඔන්න ඔහොමයි ගේම් එකේ මුලික අදහස. සැම අවුරුද්දකම dota 2 එකෙන් world championship එකක් තියනවා. මේ event එක කොච්චර දැවැන්ත එකක්ද කියන එක ඔයාලට මේ පින්තුරෙන් හිතා ගන්න පුළුවන් වේවි. ඒ වගේම ඔයාලා පුදුමත් වේවි, මේ අවුරුද්ද්දේ මෙහි පළමු ජයග්‍රාහී කණඩායමට "ඩොලර් මිලියන 10ක්"  (රු.කොටි 13ක් ආසන්න) ලැබුනා කිව්වම.  
 

dota 2 download කරන හැටි මන් කලින් ලිපියක ඔයාලට දුන්නා. download කරපු නැති කට්ටිය ඒ ලිපිය කියවන්න. මෙහෙදී මේ ලිපි වල crack, patch, cheat  ගැන මන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නම් නෑ. මොකද dota වල හොර කරන්න බැරි නිසා. කරන්න හැදුවොත් ඉතින් ඔයාගේ account එකට සොරි තමයි කියලා කියන්න ඕනේ. ඒ වගේම මතක් තියා ගන්න මේක ගොඩක් addicted වෙන ගේම් එකක්. රෑට අනිවා හීනෙනුත් පේන, සමහර වේලාවට පෙම්වතියත් අහිමි වෙන ගේම් එකක් :ලොල්.  ඒ වගේම dota 2 වලට addict වුනු කෙනක් වෙන ගේම් එකකට යන්නේ ඉතාම කලාතුරකින්. ගේම් එක සෙල්ලම් කරන හැටි, map එක, උපාය මාර්ග, heroes ලා, items යන මුලික හැඳින්වීම් ඊළඟ ලිපි වලින් බලාපොරොත්තු වෙන්න.   

      

0 comments:

Post a Comment