DOTA 2 : Map එක ගැන [ 2 පාඩම ] ~ CybeR TubE

Monday, November 24, 2014

DOTA 2 : Map එක ගැන [ 2 පාඩම ]


මෙහෙදී මම Dota 2 Map එක ගැන මුලික කරුණු කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි එහෙනම් dota 2 map එකේ දළ අදහස ගන්න පහල රූපය බලන්න. 


මෙහිදී කොළ පාටින් පෙන්වන්නේ Radiant කණ්ඩායම හා රතු පාටින් Dire කණ්ඩායම නියජෝනය කරයි. මේ දෙකෙන් එකකට තමයි ඔයා සෙල්ලම් කරන්නේ. එක් පාර්ශවයක් ජයග්‍රහණය කරන්න නම් අදාළ ප්‍රති පාර්ශ්වයේ Ancient එක (A අකුර) සම්පුර්ණයෙන් විනාශ කරන්න ඕනේ. ඔයාට පේනවා ඇති Ancient පිහිලා තියෙන්න map එකේ කෙරවල් දෙකේ.  අපි නිර්මාණය වෙන්නේ ඊට පිටු පසින් ඇති Fountain එකෙන්. (Red color ඔටුන්න).

ගේම් එක තුල ප්‍රධාන lane 3ක් තියනවා. ඒ තමයි Top lane, Mid lane, Bottom lane. ගේම් එක පටන් ගන්නකොට ඔයා සටන් කරන්නේ මේ lane වල. ඔයාගේ team එකේ 5න් ගෙන් දෙදෙනා බැගින් top හා bottom සටන් කලයුතු අතර. එක් අයෙකු තනිව mid සටන් කල යුතුය.  ඔය සැම lane එකක්ම අරක්ෂා කරන්න Tower පිහිටලා තියනවා. ඔය කොටු වලින් පෙන්නලා තියෙන්නේ ඒවා. මේ Tower තමාගේ පිලේ නොවන ඕනෑම කෙනකුට automatically පහර දෙනවා. මේවා විනාශ කරලා ඉදිරියට ගිහින් ප්‍රතිවාදීන්ගේ Ancient එක විනාශ කරන එක තමයි අපේ අරමුණ. නමුත් මේ Tower විනාශ කරන එක එච්චර ලේසි නෑ. 

මේ සැම lane එකේම අදාළ කණ්ඩායමට අයත් creeps ලා (හේවායෝ) සටන් කරමින් ඉදිරියට ඇදෙනවා. මෙයාලව අපිට direct පාලන කරන්න බෑ. නමුත් අපිට මෙයාලව උපායශීලිව මෙහෙයවන්න පුළුවන්. ඇත්තටම මෙයාලා තමයි අපිට උදව් වෙන්නේ අර Towers විනාශ කරන්න. මෙයාලා නිර්මාණය වෙන්නේ අපේ Ancient එකේ ලඟ තියන barrack 3කින් අදාල lane 3ට. අපේ barracks විනාශ වුනොත් මෙයලා නිර්මාණය වෙන්නේ නෑ.  

ඔයා මුලින් කරන්න ඕනේ ප්‍රතිවාදීන්ගේ creep ලා මරලා Gold හා Experience ගන්න. මොකද Gold අවශයි ඔයාට item හදා ගන්න හා Experience අවශයි level up වෙන්න. අපිට item ගන්න තියෙන්නේ shop වලින්. main shop එක අදාළ පිලේ Fountain එකේ තියනවා. ඊට අමතරව top හා bottom lane ආසන්නව Secret Shop තුනක් (orange color අත් සලකුණ) පිහිටා තිබෙනවා. මේ නිසා අපිට Fountain එකට නොයා ඒ Secret Shop වලින් item ගන්න පුළුවන්.  

lane හැර අනෙක් කොටස් වලට කියන්නේ jungle එක කියලා. ඔය ගස් පෙන්නලා තියන කොටස. ඔය jungle ඒක එක ජාතියේ creatures ලා ඉන්නවා. අපිට එයාලව මරලා Gold සහ Experience ගන්නත් පුළුවන්. එකට කියන්නේ "jungle කරනවා" කියලා. ඔයා ගේම් එකට අලුත් නම් jungle කරන්න යන්න එපා මොකද ඒක එතරම් ලේසි වැඩක් නෙමයි ආධුනිකයන්ට. ඒ වගේම ඔය Dire පැත්තේ jungle එකේ ගුහාවක ඉන්නවා ලොකු මකරෙක් වගේ සතෙක් Roshan කියලා. (R අකුර). මේ Roshan මරන්න ගොඩක් අමාරුයි. මුලදී නම් මෙයාව මරන්න team එකේ 5ස් දෙනාම ඕනේ. හැබයි Roshan මැරුවොත් ඔයාට Aegis of the Immortal කියන item එක විනාඩි කිහිපයකට ලැබෙනවා. එකෙන් වෙන්නේ ඔයා fight එකේදී මැරුම් කෑවොත් ඔයාට ඒම ස්ථානයේදීම නැවත ඉපදීමට එක් අවස්ථාවක් ලැබෙනවා.

ඊළඟට තියෙන්නේ River එක. මේක තමයි දේශ සිමා වෙන් කරන සිමාව. මේ river ගොඩක් වැදගත් සටන් වලදී.  ඒවගේම river එකේ සලකුණු කර ඇති ස්ථාන 2හි Runes (light Blue සලකුණ) මතු වෙනවා විනාඩි කිහිපයකට වරක්. ඒව ලබා ගැනීමෙන් අපිට විවිද powers ලැබෙනවා විනාඩි කිහිපයකට හෝ එක් වරක් use කිරීමට.   

ඔන්න ඔහොමයි map එක ගැන මුලික කරුණු. ගේම් එකට ප්‍රවේශ වීම පිළිබද කරුණු ඊලඟ ලිපියෙන් බලාපොරොත්තු



0 comments:

Post a Comment