AMD R7 240 VGA Card ගැන දැන ගනිමු ~ CybeR TubE

Sunday, January 11, 2015

AMD R7 240 VGA Card ගැන දැන ගනිමු



 අද ඉඳන් ඔයාලට VGA Card පිළිබද ලිපි පෙළක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද Gaming වලට අවශ්‍යම දේ VGA එක නිසා. මේ ලිපි වල නියම අයිතිය, ඒ කිව්වේ මේ ලිපි ලිව්වේ "ඇල් ටොරීටෝ" කියලා මගේ FB එකේ ඉන්න යාළුවෙක්. එයා ලියපු මේ VGA පිළිබද ලිපි වල වටිනාකමක් දැකපු නිසා ඒ දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න තීරණය කළා. මුල්ම ලිපිය විදියට AMD R7 240 VGA Card ගැන ඉදිරිපත් කරනවා. එහෙනම් ඇල් ටොරීටෝ යාළුවට ස්තුතිවන්ත වෙන ගමන් අපි ඒ ලිපිය වෙත යමු. 

[click to zoom]

මේ දවස් වල අඩු ගානට ගන්න පුලුවන් හොදම කාඩ් එකක් තමයි R7 පවුලේ ආරම්භකයා වෙන Radeon R7 240. මේක AMD ලාගෙ කලින් පරපුරේ HD 7730 ට හුගක්ම සමානයි. ඇත්තම කිවුවොත් HD7730 ට වඩා ටිකක් හොදයි. R7 240 කාඩ් එකේ තියෙන විශේෂත්වය තමයි ඔයා ගෙවන මුදලට මෙයාගෙන් ගන්න පුලුවන් Performance ඉතාමත් වැඩි වීම. 

මේ දවස්වල අපේ Graphics කාඩ් වලට හිසරදයක් වෙච්ච Game එකක්නෙ Assassin's Creed Unity කියන්නෙ. ඒ වගේ බරපතල Game එකක් උනත් කිසි අව්ලක් නැතුව 720p Resolution වල Medium දාල 30 FPS වලින් වගේ Enjoy කරන්න පුලුවන්. හැබැයි Game එකට අදාල අනික් පරිසරය යහපත් වෙන්න ඕනෙ. [6 GB Ram, හොඳ Processor එකක් ඕනෙ]. Unity ගැන කිවුවට පස්සෙ අනික් Games ගැන කියන්න මහන්සි වෙන්න ඕනෙ නැහැ නේද?
 

මේ කාඩ් එකට PCI 2.0/3.0 Support කරන Motherboard එකක් ඕනෙ. අමතර Power Connectors මුකුත් ඕනෙ නැහැ. සාමාන්‍ය 300W වගේ power supply එකකින් වුනත් වැඩ කරන්න පුළුවන්. ඒ වගේම මේක සියලුම අලුත් පහසුකම් වලින් සමන්විතයි. [DirectX 11.2, අරවා මෙව්වා.. ඔක්කොම තියෙනවා. සියලු විස්තර ඉහත Picture එකෙ ඇත.]
 

දැන් මේ කාඩ් එකේ Performance කොහොමද කියලා බලමු. [සියලුම තාක්ෂණික කරුණු ඉතාමත් ආසන්නයට වටයා ඇත.]
 

  • මේකෙ Performance ජනප්‍රිය Nvidia කාඩ් එකක් වෙන GT 640 ට සමානයි.
  • මේකෙ Performance HD7730ට ආසන්නව සමානයි.
  • මේකෙ Performance Intel HD Graphics 4400/4600 ට වඩා හුගක් වැඩීයි.

මේ වගේ කාඩ් එකක් වැදගත් වෙන්නෙ කාටද?
ඔයාල දන්නවා 8800GT, 9800GT කියන්නේ කලින් Gaming පරපුර රජ කරගෙන හිටපු කාඩ් කියලා. අලුත්ම DirectX 11 පහසුකම අහිමි වීමෙන් ඒවා දැන් යල්පැනගිය තත්වෙට පත්වෙලා. ඒ වගේ කාඩ් එකක් පාවිච්චි කරන කෙනෙකුට අවම මුදලක් වියදම් කර යලිත් යථා තත්වයට පත්වෙන්න මේක තමා හොදම VGA එක.
අලුතෙන් Game ගහන්න පටන් ගන්න කෙනෙකුටත් මේක ඉතා හොද ආරම්භයක්.
 

වැදගත් කරුණු -
මේකෙ සාමන්‍ය මිල රු.9000 - 11,000 අතර වෙනවා. (Redline Price)
මේක තමා  මේ වෙද්දී රු.10,000 විතර ගන්න තියෙන හොදමම කාඩ් එක. 



මේ කාඩ් එකක් ගන්නවා නම් Brand New ගන්න. Redline වගේ shop එකකින් ගත්තොත් 3 years Warranty එකක් තියනවා. කාඩ් එක වැඩිය පරණ නැති නිසා 2nd Hand හොයාගන්නත් අමාරු වේවි. මේ කාඩ් එකේ DDR 3 එකට වඩා GDDR 5 එක ගන්න බලන්න. මොකද DDR 5 එකේ speed එක DDR 3 එකට වඩා සැලකිය යුතු ලෙස වැඩි. මේවගේ කාඩ් එකක වුනත් 1GB VRAM වලට වඩා හොයන එක මුදල් අපතේ හැරීමක්. [1GB GDDR5 එකක් ගන්න ඒක පට්ට] මේකෙ මුදලට සමාන Performance තියෙන Nvidia කාඩ් එකක් හොයා ගන්න නැහැ. 2014ට පෙට ආපු Games කිසි අව්ලක් නැතුව Medium/High වගේ ගහන්න පුලුවන්. ඉතින් මේක ගන්න මුදලට පොඩ්ඩක්වත් පාඩු නැති කාඩ් එකක්.

-ඇල් ටොරීටෝ-

මේ ලිපිය සමහර තැන් වලට මමත් කොටස් එකතු කළා. වැරදි අඩු පාඩු ඇත්නම් හෝ එකතු කරන්න දේවල් තියනවානම් පහලින් කොමෙන්ට් කරන්න පුළුවන්.


0 comments:

Post a Comment