AMD R7 250X ගැන දැන ගනිමු ~ CybeR TubE

Tuesday, January 13, 2015

AMD R7 250X ගැන දැන ගනිමු



අද කතා කරන්නෙ කට්ටිය හුගක් ආස, හුගක් විස්තර හොයන, R7 Series එකේ මැදපෙළ පිතිකරුවෙකු වෙන R7 250X VGA Crad ඒක ගැනයි.

[Click to zoom]
මේ කාඩ් එක කලින් පරපුරේ HD7770 කාඩ් එකට අතිශය සමානයි. ඇත්තම කිවුවොත් ඒක Rename කර මිල අඩු කිරීමක් විදිහටයි මට පෙන්නෙ. මේ කාඩ් එකේ සාමන්‍ය වෙළදපොළ මිල රු15,000 විතර වෙනවා. ඔයා ගෙවන ගානට මේ කාඩ් එකෙන් ඉතාමත් ඉහළ Performance ගන්න පුලුවන්. ඒක හැම AMD කාඩ් එකකටම තියෙන විශේෂත්වයක් කියලා ඔයාලා දන්නවා නේ.

අපේ වචන වලින් කිවුවොත් මේ VGA කාඩ් එක පට්ට..
මේ කාඩ් එක NVIDIA Release කරපු අලුත් කාඩ් එකක් වෙන GT 740 ට වඩා සහ GTX 650 ට වඩා සැලකිය යුතු ලෙස Performance හොදයි.[සහ මිලෙන් අඩුයි]

අපේ වගේ රටවල ඉන්න හැමෝටම Gaming වගේ දෙයක් සදහා හුගක් වියදම් කරන්න අමාරුයි.
මේ වගේ කාඩ් එකකින් ඔයාට Gaming කියන තත්වේ ඇතිකර ගන්න පුලුවන්...

ඒ මොකක්ද ඒ හරුපෙ..??

නෑ. මම කිවුවෙ ඔයාලගෙ PC එක Gaming PC එකක් වෙන්නනම් ඔයාලට හොද Graphics Card එකක් තියෙන්න එපැයි. අද කාලෙ හැටියට NVIDIA GTX කාඩ් එකක් නැත්තම් මේ වගේ කාඩ් එකක්වත් ඕනේ කියලා.

දැන් මේ කාඩ් එකේ Performance කොහොමද කියලා බලමු.[සියලු තාක්ෂණික කරුණු ඉතාමත් ආසන්නයට වටයා ඇත.]
 

  • මේකෙ Performance HD7770 ට සර්වසමයි. 
  • මේකෙ Performance Intel HD4000 ට වඩා ඉතාමත් ඉහලයි.
  • මේකෙ Performance NVIDIA කාඩ් අතර පහත පරිදි වෙනස් වෙයි. 

GTX 650 < R7 250X < GTX 650Ti

මේකෙ Gaming Performance සාමන්‍යෙන් කොහොමද කියලා බලමු..

Assassin's Creed Unity Game එක 720p Resolution වල රන් කරනකොට High to Medium Settings වල Average FPS 30-35 ක් විතර ගන්න පුලුවන්.
1080p Resolution වලත් කිසි අව්ලක් නැතුව Medium Settings වල ගහන්න පුලුවන්.

එදා මෙදා තුර PC වලට ආපු Games අතර ලස්සනම එකක් තමයි Ryse Son of Rome කියන්නෙ. ඒක ඕන කෙනෙක් පිලිගන්නවනේ..
මේ වගේ පට්ට Game එකක් උනත් 720p Resolution වල High Settings යටතේ FPS 35-45 වලින් run කරන්න පුලුවන්.
මේ වගේ ලොකු Games හොදට රන් වෙනකොට අනික් පොඩි Games හුගක් කිසි අවුලක් නැතුව Ultra play කරන්න පුලුවන් කියලා කට්ටියට තේරෙනවානේ..

මේ කාඩ් එක ගන්න කලින් අපේ PC එකේ තියෙන්න ඕන System Requirements මොනවාද?

* ඔයාලගේ Motherboard එකේ PCI express X16 ස්ලොට් එකක් තියෙන්න ඕනේ.[PCIe 3.0 නම් තවත් හොදයි]

 
* හුගක් AMD කාඩ් වලට වගේ මේකටත් හොද Power Supply එකක් ඕනේ.
එක් 6 Pin Connector එකකින් සමන්විත 450W විතර එකක් ප්‍රමාණවත්.

මිලදී ගැනීමේදී සැළකිය යුතු කරුණු..

* මේ වගේ කාඩ් එකක් හුගක් වෙලාවට Brand new ගන්න බලන්න. මොකද මේවා කාලයක් පාවිච්චි කරන්න පුලුවන් කාඩ්.

 
* මේ වගේ කාඩ් එකක වුණත් 1GB එක ගන්න පසුබට වෙන්නෙපා.

 
* මිලදී ගැනීමේදී Warranty පිලිබද සැළකිලිමත් වෙන්න.

 
* තමන් මීට පෙර තනියම කාඩ් එකක් Motherboard එකට සෙට් කරලා නැත්තම්, තමන් කාඩ් එක මිලට ගන්න කඩෙන්ම මේක සෙට් කරගෙන එන්න.
Risk එකක් ගන්න එපා. ඒකට PC එකත් අරගෙන යන්න.

මේවගේ කාඩ් එකකින් උපරිම Performance ගන්නනම් හොද Processor එකක් සහ Minimum 4GB වත් RAM එකක් ඕනෙ.
ඒවගේම කිවුව වගේ හොද Power Supply එකකුත් ඕනේ.


-ඇල් ටොරීටෝ- 

මේ ලිපිය සමහර තැන් වලට මමත් කොටස් එකතු කළා. වැරදි අඩු පාඩු ඇත්නම් හෝ එකතු කරන්න දේවල් තියනවානම් පහලින් කොමෙන්ට් කරන්න.


0 comments:

Post a Comment