Titanfall ගේම් එක ඇත්තටම හොඳද? ~ CybeR TubE

Monday, January 26, 2015

Titanfall ගේම් එක ඇත්තටම හොඳද?



අද මන් ලෑස්ති වෙන්නේ Titanfall ගේම් එක ගැන මම දන්න දේ ගැන පොඩි review එකක් ලියන්න.  Titanfall කියන්නේ 2014, march release වෙච්ච first person shooter, multiplayer ගේම් එකක්. ඒ වාගේම මේ වෙනකොට Awards 75 කට උරුමකන් කියන, EA Games ලා publish කරපු ගේම් එකක්. 

ඉතින් ඇත්ටමට Titanfall ගේම් එක හොඳද? මන් කෙටි සරල උත්තරයක් දෙනවනම්, ගේම් ඒක "ඉතා හොඳයි". හැබයි මේ ගේම් එකට හිතුව තරම් ජන්ප්‍රියක්, පාරිබෝගික සංඛ්‍යාවක් අත් කර ගන්න බැරි වුනා. තවත් විදියකින් කිව්වොත් ගේම් ඒක වෙළදපොළේ පසුබෑමකට ලක් වෙලා තියෙන්නේ. Titanfall Xbox සැලකිය යුතු ස්ථාවරයක තිබුනත්, PC version එක තමයි මේ තත්වෙට මුහුණ දීලා තියෙන්නේ. මුලින් පැහැදිලි කරන්නම් ඇයි Titanfall එකට මේ වගේ දෙයක් වෙන්න මූලික හේතු මොනවද කියලා.

[1] මන් පළවෙනි කාරණය විදියට දකින්නේ මේ ගේම් ඒකට Single player එකක් එහෙමත් නැත්නම් story mode එකක් නැති වීම. මන් දකින විදියට විශේෂයෙන් PC Gamers ලා අතරේ  story mode එකට විශේෂ ඇල්මක් තියනවා. උදාහරණක් විදියට මන් පවුද්ගලිකව Multiplayer විතරක් play කලත්,  story mode එකක් යම් විදියකට බලාපොරොත්තු වෙනවා.

[2] මේ ගේම් එකෙට crack එකක් නැති වීමත් එක හේතුවක් විදියට දකින්න පුළුවන්. ඔයාට play කරන්න ඕනේ නම් ගේම් එක buy කරන්නම වෙනවා. ගේම් ඒක අවම රු 3200 ක් (stranded version) වගේ. මේ ගේම් එක play කරද්දී මන් දැකපු දෙයක් තමයි South Asian players ලා ඉතා අඩු පිරිසක් තමයි ඉන්නේ. මොකද අපේ වගේ රටවල ගේම් එකක් genuine copy එක සල්ලි දීලා ගන්න තියන උනන්දුව ගොඩක් අඩුයි. අපි ගොඩක් වේලාවට play කරන්නේ ගේම් crack කරලා. මගේ බ්ලොග් එකෙත් වැඩි පුරම ඇත්තේ crack කරන්නේ කොහොමද කියලනේ :p .   

[3] අනෙත් කාරණය මේකට හොඳට play කරන්න නම් ටිකක් වැඩි performance තියන PC එකක් ඕනේ වෙනවා. ඒ කිව්වේ හොඳ VGA එකක් RAM එකක් ඕනේ වෙනවා. මම නම් කියන්නේ මේකට අඩුම 6GB ram එකක් තිබුනොත් හොඳයි කියලා. මොකද ගේම් එක run වෙද්දී සාමාන්‍ය මට්ටමේදී  ram එකෙන් 3600MB වගේ use කරනවා.  VGA එක නම්  අවම ATI  R7 series එකෙන් සෙල්ලම් කරන්න පුළුවන්. GTX වගේ series නම් ගොඩක් හොදට වැඩ කරනවා.  මේ ගේම් එක instal වුනාම 55GB වගේ වෙනවා. මට තාම හිතා ගන්න බෑ 55GB වෙන්න ගේම් එකේ මොනවද තියන්නේ කියලා.

[4] Titanfall එකේ Publishing Rights එක තියෙන්නේ EA Games ලාට. මේ ගේම් ඒක ගන්න පුළුවන් වෙන්නෙත් Origin ලාගෙන් විතරයි. මේ ගේම් එක Steam එකේ තිබුනානම් මිට වඩා හොඳ මට්ටමක ඉන්න තිබුනා කියලයි මන් හිතන්නේ. ඒ වගේම EA Games ලා Battlefield, FIFA, NFS එකට දෙන advertise සහ උනන්දුව, එයාලාගෙන් Titanfall එකට ලැබුනේ නෑ කියලයි මම නම් දකින්නේ.        

[5] අනෙත් කාරණය තමයි මේ ගේම් එකේ weapons, ඒවායේ attachments, game mode වගේ දේවල් ටිකක් අඩුවෙන් තියෙන්නේ. අපි කවුරුත් කැමති sniper ඒක මේකෙදි එච්චර වැඩක් නෑ. මොකද අසාමාන්‍ය දිවීමේ හැකියාව, wall run, double jump පහසුකම් තියන කොට sniper එකෙන් shoot කරන්නේ කොහොමද කියලා ඔයාට තේරෙනවා ඇති නේ. ගේම් එකේ ජනප්‍රිය mode එක Attrition (Team Deathmatch ) විතරයි.  ඒ වගේම Cod, BF වගේ ගොඩක් කට්ටියට match එකේ සෙල්ලම් කරන්න බෑ. උපරිම ඒක පිලකට 6යි ඉන්න පුළුවන්. යාලුවෝ ගොඩක් ඉන්නවනම් එතකොට එක ප්‍රශ්නයක් වෙනවා.  attachments නම් ගොඩක් අඩුයි.  මේ ගේම් ඒපා කරපු noob gun එකක් තියනවා MK5  කියලා. මේ gun එකට short range Auto target හැකියාවක් තියනවා. ඉතින් මේ වගේ gun use කරන 3-4 ක් match ඉන්නකොට තමයි ලේ කෝප වෙන්නේ :p  

හැබයි ඔය මොන ප්‍රශ්න තිබ්බත් COD 4 වලින් පස්සේ මගේ හිතට අල්ලපු එකම FPS ගේම් එක Titanfall. මොකද එකටත් ගොඩක් හේතු තියනවා. වෙන කිසිම FPS ගේම් එකක නැති multiplayer style එකක් Titanfall එකේ තියෙන්නේ. Wall run, Rocket Jump, Invisible හැකියවා, ඒ වගේම අඩි 20ක් වගේ උස රොබෝ කෙනක් පාලන කරන එක, ඒ වගේම් තවත් දැවැන්තයෙක් එක්ක face to face fight කරන ඒක, මිසලයක් එද්දී දුවලා බේරෙන්න පුළුවන්වෙන , පොඩි මිනිහෙක් අඩි 20 ක රොබෝ කෙනක් බිම දාන්න පුළුවන් වගේ multiplayer experience ලැබෙන එකම ගේම් එක නම් Titanfall වෙන්න ඕනේ.  ලොල් ඒ වාගේම මෙයාලගේ wall run speed එක Assassin Creed එකේ කට්ටියත් වඩා වැඩි කියලත් හිතා ගන්න. :p 

ඒ වගේම් ගේම් එකේ Asian server එකේ ping 60-100 අතර තියන්නේ. ඒ වගේ ping එකක play කරද්දී කොහොමද කියලා කියන්න ඕනේ නෑ නේ . මට COD එපා වුනේම එකේ high ping නිසා. ඒ වගේම් ගේම් එක ඇතුලේ view filed වගේ ගත්තොත් ඒක ගොඩක්ම සමාන වෙන්නේ COD style එකට. තවත් විදියකින් කිව්වොත් Titanfal ගේම් එකේ අපි දකින විදිය, movement සහ shooting  style එක බොහෝ දුරට COD වල වගේ. මන් ඒ දේ කියන්නේ උදහරණයක් විදියට Battlefield සහා COD වල style එකිනෙකට බොහෝ වෙනස්. අපි BF වල player ව අපිට දැනෙන විදියට නෙමෙයි අපිට COD වල player ව අපිට දැනෙන්නේ. ඒ වෙනස ඔය ගේම් දෙකම multiplay කරන කෙනක් නම් හොඳට දන්නවා. 

ගේම් එකේ ඉන්නේ players ලා උපරිම 12ක් වුනාට map එක නම් කිසිම තැනක් නිදහසේ නෑ. මොකද අපිත් එක්ක ගේම් එකේ bot ලත් fight කරනවා. ඒ කිව්වේ අපිට players වගේම් bot ලා එක්කත් fight කරන්න වෙනවා. මේකේ stranded version එකට map 15ක් ලැබෙනවා. ගේම් එකේ map නම් කියලා වැඩක් නෑ සුපිරි. සාමාන්‍යන් හැම map එකක්ම වගේ ටිකක් ලොකුයි. විනාඩි 3 වරක් සෑම කෙනෙක්ට Titan රොබෝ කෙනෙක් ලැබෙනවා fight එකේදී . ඇත්තටම මේ ගේම් එක උපරිම 12 සිමා වෙලා තියෙන්නේ මේ රොබෝ ලා නිසා. එක රොබෝ ඇවිල්ලා කරන ටික දැක්කාම කෙනකුට ඒක හිතා ගන්න පුළුවන් වෙනවා.  

ඔන්න ඔහොමයි මගේ අදහස Titanfall ගැන. ඔයාට අදහසක් එන්න පහළ තියන වීඩියෝව හා images බලන්න. මට හිතෙන්නේ Titanfall සල්ලි දීලා ගත්තත්, ගෙවන ගානට පාඩු නැති ගේම් එකක් අනෙක් ඒවාට සාපේක්ෂව බලද්දී. Titanfall ගැන තව මොනාව හරි දැන ගන්න ඕනේ පහලින් කොමෙන්ට් එකක් වශයෙන් දාන්න. එහෙනම් වෙන දවසක තවත් පොස්ට් එකකින් හම්බු වෙමු.!          




   

0 comments:

Post a Comment