GTA V වල Crash Fix කරමු. ~ CybeR TubE

Monday, April 27, 2015

GTA V වල Crash Fix කරමු.



   GTV V ගේම් එකේ ගොඩක් issues තියනවා කියලා සෙල්ලම් කරන කට්ටිය දන්නවා ඇති. පැය 36 ක් වගේ සෙල්ලම් කරලා මම ගේම් එක සම්පුර්ණයෙන් ඉවර කළා මේ ලෙඩ එක්ක. ගේම් එකේ crash සහා ඒවා මඟ හරිමින් ගේම් එක play කරන හැටි කියලා දෙන්න මේ ලිපියෙන් බලාපොරොත්තු වෙනවා.

   ගේම් එක play කරන්න ඕනේ අවම system requirement ආයෙත් කියන්න ඕනේ නෑ නේ. මේ ගේම් එක play කරන්න මහා ලොකු VGA එකක් ඕනේ නෑ. හැබයි graphics හොඳට දාන්න නම් අනිවා හොඳ VGA එකක් ඕනේ.

හරි දැන් එහෙනම් බලමු මොනවද මේ crash වෙන සිද්දි කියලා.

[1] Q එක press කරලා cover වෙද්දී ගේම් ඒක crash වීම.

   මේ ලෙඩේ එන්නේ update 3 and crack V4(අලුත්ම ඒක)  එකට ගේම් ඒක update කලාම. මේ ලෙඩේ fix කරන්නේ මෙහෙමයි.

i) ගේම් එක අලුත්ම crack ඒක සහ update ඒක දාන්න. (දැනට දාලා නම් ආයේ දාන්න ඕනේ නෑ)

ii) දැන් පරණ update 2 (මේ update ඒක තමයි ගේම් DVD එකේ crack folder ඒක ඇතුලේ තියෙන්නේ) විතරක් ගේම් ඒක install කරපු තැනට copy-paste කරන්න. මතක තියා ගන්න update කියන එක විතරයි. පරණ crack ඒක කොපි කරන්න එපා.


හරියටම කිව්වොත් ඔයාගේ ගේම් ඒක දැන් තියෙන්න ඕනේ අලුත්ම V4 Crack සහ පරණ Update 2 එක එක්ක.

iii) ඒ වාගේම අනිවා Social Club v1.1.5.8  තියනවාද කියලත් තහවුරු කරන්න.

iv) දැන් ගේම් folder එකට ගිහින්  Launcher.exe (3DM logo ඒක තියන ඒක) එකෙන් ගේම් එක open කරන්න. වැඩේ හරියට කළා නම් crash වෙන එක fix වෙලා ඇති. 

සැ.යු - link දාලා නැත්තේ crack torrent link නිතර වෙනස් වන නිසා. ඔය crack/ update search කරලා ගන්න ඒක ලේසි.

[2] Car ඒක ඇතුලේ ඉඳන් shoot කරනකොට crash වීම. 

   මේ ලෙඩේ නම් fix අමාරුයි. මොකද මේ ලෙඩේ එන්නේ update 2 ඒක නිසා. ඔයා update 3 දැම්මොත් මේ ලෙඩේ නැති වෙනවා හැබයි මන් කලින් කිව්ව cover වෙනකොට crash වෙන ලෙඩේ මතු වෙනවා. ලොල්. ඒක නිසා පුළුවන් තරම් car එක ඇතුලෙ ඉඳන් වෙඩි නොතියා ඉන්න. මොකද ඒක එච්චරම වැදගත් දෙයක් නෙමයි cover වෙන ability එක්ක බලද්දී. chase කරනකොට හොඳට armor එක තියන vehicle එකක් ගත්තනම් හප්පලම ඉවරයක් කරන්න පුළුවන්.

[3] Mission ඒක අතර මැද ගේම් එක crash වීම.

   මතක තියා ගන්න mission 3ක් තියනවා crash වෙන ඒක නවත්වන්න බැරිම.  

 i) Blitz Play
ii) Caida Libre
iii) Monkey Business

   මේ mission අතර මැද්දෙදි crash වෙනවා. අපිට තියෙන්නේ පුංචි කපටි කමක් කරලා මේ mission 3 මඟ ඇරලා දාන්න. ඒක කරන්නම් නම් මුලින් ඔයාට ගේම් එක crash වෙන්නේ mission එකේ කොයි වෙලාවටද කියලා අඳුන ගන්න වෙනවා. ගොඩක් වෙලාවට crash ඒක වෙන්නේ characters මාරු වෙද්දී. ඔයාට තියෙන්නේ character මාරු වෙන්න කලින් ඕනේ කමින් 4 පාරක් විතර mission එක ඇතුලේ සියදිවි හානි කර ගන්න. එතකොට mission එක skip කරන්නද අහනවා. එතකොට ඒ කොටස skip කරලා ශේප් වෙන්න තියෙන්නේ. හොඳට තේරෙන්න මේ video එක බලන්න.




[4]  characters මාරු වෙද්දී ගේම් එක crash වීම.

   මේකට නම් හරි විසදුමක් නෑ. හැබයි මේක හැම වෙලේම එන්නේ නෑ. ඒ නිසා පුළුවන් තරම් ගේම් එක auto save දාලා, පුළුවන් තරම් ගේම් ඒක save කර කර play කරා නම් එච්චර අවුලක් නෑ. ඒ වාගේම  Alt press කරලා characters මාරු කරන්න. F keys use කරන කොට crash වෙන ගතිය වැඩි.

   ගේම් ඒක open වෙද්දී එන crash නම් මන් කතා කරන්නේ නෑ. මොකද ඒවා ගොඩක් වෙලාවට ඔයාගේ PC එකේ or VGA drivers වල අවුලක් නිසා ඒන ඒවා. common ප්‍රශ්න විදියට තිබ්බ ඒවා තමයි මන් මේ ලිපියේ දැම්මේ.

   ගේම් එකේ language problem එක හදන්නේ ඔයාගේ game files තියන තැනට ගිහින් 3dmgame.ini  file එක හොයා ගෙන මේ විදියට edit කරලා save කරන්න. එතකොට English වලින් විතරක් ගේම් එක open වෙනවා. 

[Settings]
ExeName=GTA5.exe
[Language]
Language=en-US



ගේම් ඒක ඉක්මනට ඉවර කරන්න ඕනේ ඉඟි ටිකක් මන් කියන්නම්

   පුළුවන් තරම් travailing වලට Taxi පාවිච්චි කරන්න. phone එකෙන් Taxi එකකට call කලාම ඔයා ලඟටම එකක් එනවා. මොකද වැඩිම වේලාවක් යන්නේ මේ travailing වලට. හැබයි ගේම් එකේ මුල් අධියර වල මෙහෙම කරන්න එපා. මොකද driving skill ඔයා අනිවා හදා ගන්න ඕනේ දෙයක්.

   Money. සල්ලි තියනවනම් ඔයාට ලේසියෙන් ඕනෙම දෙයක් කරන්න පුළුවන්. බොරුවට car, ඇදුම් ගන්න සල්ලි නාස්ති කරන්න එපා. ඒවා ammo සහා business වල ආයෝජනය කරන්න. පස්සේ කැමති දෙයක් ගන්න පුළුවන් තරම් සල්ලි ලැබෙනවා. submission කරන්න ඉක්මනට සල්ලි වැඩි කර ගන්න.

   Health cheat. ඔයාගේ health ඒක අඩු වුනු වෙලාවට keyboard එකේ "~" press කරලා මෙහෙම type කරන්න 


TURTLE

   ගේම් එක ගැන මගේ අත්දැකීම් අනුව තමයි මම ලිපිය ලිව්වේ. අඩුපාඩු ඇති. හැබයි මේවායෙන් එකක් දෙකක් හෝ උදව් වෙන්න පුළුවන්. ගේම් එකේ story ඒක ගොඩක් හොඳයි. අහ්හ් තව දෙයක් ගේම් එකේ last mission එකේ ඔයාට decision එකක් ගන්න තියනවා, ඔයාගේ යාලුවෝ දෙන්නගෙන් කෙන්ක්ව මරන්න. එහෙම කරන්න එපා!  Deathwish තෝරන්න. ඒක තමයි හොඳම අවසානය! 

මගේ cars සෙට් ඒක. ^_^ ^_*





0 comments:

Post a Comment