මේ මාතෘකාව දැක්කාම කට්ටියට ටිකක් වෙනස් බවක් පෙනේවි. මොකද මේ බ්ලොග් එකේ ගොඩක් වෙලාවට ඉදිරිපත් කලේ තාක්ෂණික ලිපි නිසා. කොහොම නමුත් තාක්ෂණයට පමණක් සිමා නොවී වෙනස් යමක් ඉදිරිපත් කරන්න කාලෙක ඉඳන් මගේ අදහස් තිබුනා. ඒබ්‍රහම් ටි කොවුර් මහතාගේ "දෙවියෝ සහ භූතයෝ" මම කියවා ඇති විශිෂ්ට කෘතියක් කියලා කියන්න පුළුවන්. ඇත්තෙන්ම මගේ ආකල්ප වලට විශාල බලපෑමක් කල කෘති වලින් එකක්. අද ලංකාවේ ගොඩක් දෙනාගේ අදහස් හා විශ්වාස දිහා බැලුවම මේ වගේ කෘති අදට ගොඩක් කාලීන බවක් මම දකිනවා. මැතක ඉඳන් මෙහි නැවත මුද්‍රණ සිදුවී නැති නිසා අද ප්‍රසිද්ද පොත් සාප්පු වල පවා දැන් මේ පොත හොයා ගන්න අමාරුයි. එත් අහම්බෙන් වගේ වගේ ගූගල් සර්ච් කරද්දී මේ කෘතියේ PDF එකක් දකින්න ලැබුනා. කොවුර්ගේ දර්ශනය හා හේතුවාදය ගැන දැන ගන්න කැමති කට්ටියට පහල ලින්ක් එකෙන් "දෙවියෝ සහ භූතයෝ" කෘතියේ PDF එක බාගන්න පුළුවන්. එහි, කෘතියේ ඇති සියලුම මාතෘකා අඩංගු නොවුනත් වැදගත් වන කරුණු බොහොමයක් ඇතුලත් වේ. 


Thawa pothak thiyenawa MA KALA GAWESHANA.Hamoma kiyawanna ona poth.
ReplyDeleteඅනිවාර්යෙන්ම යාළුවා.. හැකිනම් "මා කල ගවේෂණය" පොතේ PDF එකක් තියනවනම් අපට දන්වන්න.
ReplyDeletematath one ma kala gaveshana........
ReplyDeleteමේ පොත මිලදී ගත හැකි තැනක් තියෙනවනම් දැනුම් දෙන්න. මම ගොඩත් තැන්වල සෙව්වා. ඒ වගේම මා කළ ගවේෂණ පොත ගැනත් දන්නව නම් කියන්න.
ReplyDeleteමා දන්නා තරමට දැනට කොවුර් ගේ පොත් ඉතිරිව ඇත්තේ සරසවි පොත්හල වල පමණි. දැන් බොහෝ පිටපත් අවසන් නිසා හැකිනම් ප්‍රධාන පෙලේ සරසවි පොත්හලක එම පොත සොයා බලන්න.
ReplyDeletekowur gen wuna hoda wada godak thiyanawa ewagema samahara thanwaldai waradiiiiii
ReplyDelete