HANGOVER | පමණට වඩා ~ CybeR TubE

Wednesday, May 30, 2012

HANGOVER | පමණට වඩා


    මේ දවස් වල බැංකු වැඩ නිසා පොස්ට් එකක් දාන්නවත් වෙලා නෑ. දාන්න දේවල් නම් හිතේ ගොඩක් තියනවා. එත් වෙලාවක් නැති එක තමා case එක. හරි ගොඩක් කාලෙකින් ෆිල්ම් එකක් දැම්මේ නැති නිසා අද මන් ෆිල්ම් එකක් දෙනවා. සමහරවිට මේ ෆිල්ම් එක ගොඩක් දෙනා බලලත් ඇති.  නමුත් තවමත් බලලා නැති කට්ටිය වෙනුවෙන් මේ පොස්ට් එක දානවා.  මේක maxxa comedy ෆිල්ම් එකක්. Theater එකක බැලුවානම් නියම ෆන් එකක් ගන්න පුළුවන්. මේ ෆිල්ම් එකේ දැනට 2 වෙනි කොටසත් ඇවිල්ලා ටිකක් කල්. එත් මුලින් පලවෙනි කොටස දීලා ඉන්න එපැයි. හරි ෆිල්ම් එක ගැන විස්තරයක් මන් කෙටියෙන් කියන්නම්.

    Phil, Stu, Alan, Doug කියලා යාලුවෝ හතර දෙනෙක් ඉන්නවා. මේ අතරින් Doug හෙට අනිද්දා marry කරන්න ඉන්නවා. ඔයාලා දන්නවනේ බැන්දට පස්සේ අපිට ඕනේ ඕනේ විදියට පිස්සු නටන්න අමරුයි. මේ නිසා විවාහ දිවියට යන්න කලින් යලුවෝ කට්ටිය තීරණය කරනවා පාර්ටි එකක් එහෙම  දාලා පොඩි ෆන් එකක් ගන්න. එහෙම හිතලා මේ සෙට් එක Vegas යනවා. දන්නවනේ Vegas. පිස්සු ලෝකයක්. ඔන්න ඉතින් එදා රැ කට්ටිය පාටිය පොඩියට සමරනවා. මේ අතර මේ කට්ටියට නරක පුරුද්දට අමුතු මත් ද්‍රවයක් ගන්නවා. මෙතනින් තමයි මේ ගොල්ලන්ට හැම කරදරයක්ම පටන් ගන්නේ. ඊට පස්සේ උදැසන ඇහෙරෙන කොට යලුවෝ කට්ටියට හිතා ගන්න බැරි අමුතු අද්දැකීම් වලට මුහුණ දෙන්න වෙනවා. බාත්රූම් එක ඇතුලේ මිනි කන කොටියෙක්. Stu ගේ ඉස්සරහා දතක් ගැලවිලා. කාමරේ මාස හතරක විතර පොඩි ළමයෙක්. ඒ මදිවට Doug අතරුදහන් වෙලා. Doug ව කොටියා කාලද.? අර එදා රැ ගත්තු මත් ද්‍රවය නිසා කට්ටියට එතනින් පස්සේ වුණු හැම දේම අමතක වෙලා. ඔන්න ඔතනින් තමයි කතාව පටන් ගන්නේ.

    ෆිල්ම් එකේ අවසානය තෙක් කුතුහයෙන් හා හාස්‍යන් නරබන්න පුළුවන්. හබැයි ඇතැම් දර්ශන නිසා මේ ෆිල්ම් එක පවුලේ සැමට එකට නැරබිය හැකි ෆිල්ම් එකක් නෙමයි. ඒ නිසා එවැනි අවදානම් නොගෙන ෆිල්ම් එක බලන්න කැමති කට්ටිය පහලින් බාගන්න.

                                                        720P/430MB

0 comments:

Post a Comment