CybeR TubE: DOTA 2
Showing posts with label DOTA 2. Show all posts
Showing posts with label DOTA 2. Show all posts

Monday, November 24, 2014

DOTA 2 : ප්‍රවේශය [ 3 පාඩම ]



අද ලියන්න බලාපොරොත්තු වෙන්නේ ගේම් එකට ආධුනිකයන්ට, සරල hero කෙනක් ගෙන් ගේම් එකට ප්‍රවේශ වෙන හැටි. ගේම් එක දැනට heroes ලා 109 දෙනක් ඉන්නවා. ඒක නිසා මුලින් ඉතා සරල, ලේසි hero කෙනක් ගෙන් ගේම් සෙල්ලම් කරන්නේ කොහොමද කියලා මන් කියලා දෙන්නම්. මන් හිතනවා ඔයාලා ගේම් එකේ training එක ඉවර කරන්න ඇති කියලා.  ඒ නිසා hero ව හසුරවන විදිය වගේ සරල දේවල් ඔයාලා දන්නවා. ඔන්න ඊට පස්සේ තමයි online සෙල්ලම පටන් ගන්නේ. ඔයා ආධුනිකයෙක් නම් මෙන්න මේ heroes ලා 3න් දෙනා ගෙන් විතරක් සෙල්ලම් කරොත් හොඳයි කියලා හිතනවා. මොකද මුලදී hero කෙනක් අතට හුරු වෙන්න අඩුම වශයෙන් online match 10ක් වත් play කරන්න වෙනවා. එක නිසා ඔයා ගේම් එකට හුරු වෙන තෙක් මෙන්න මේ heroes ලා විතරක් තෝරා ගන්න. 

Sniper
Viper
Drow Ranger




ඔතනින් Sniper කියන කෙනාව ඔයාට training එකේදී හම්බෙනවා. එක නිසා මන් එයාව තෝරා ගන්නවා මගේ ලිපියේ ඉදිරි පැහැදිලි කිරීම් වලට. ඒ වගේම sniper තමයි මුළු ගේම් එකේම ඉන්න ලේසිම hero. එක නිසා sniper කියන්නේ අධුනිකයන්ටම හදපු hero කෙනක් වගේ. අනෙක් දෙන්නත් sniper පුරුදු වෙන ගමන් සෙල්ලම් කරන්න. 

ඔය අලුත් නම් match එකක් find කරන්න කලින් game mod එකේ "limited heroes" එක ටික් කරලා find කරා නම් වඩා හොදයි කියලයි මම කියන්නේ. එතකොට සීමිත, ටිකක් ලේසි heroes ලා විතරයි ඔයාට match එකේ දකින්න ලැබෙන්නේ. 


හරි දැන් ඔයා online match එකකට sniper ව select කරන් ගියාම, ඔයා මුලින්ම කරන්න ඕනේ "item build guide" එකක් active කරන එක. ඒක ඉතාම වැදගත්. මොකද item මත තමයි ඔයාගේ hero ගේ ප්‍රබල බව තීරණය වෙන්නේ. ඒ වගේම අපිට හිතුනු හිතුනු item එක heroes ලට දාන්න බෑ. ඒ කිව්වේ දාලා වැඩක් නෑ. මොකද සැම item එකක්ම සැම hero කෙනක් එක්ක compatible නොවන නිසා. එක නිසා ඒ ඒ heroes ට අපිට item/ ability guide එකක් අවශයි. item build guide එක ගන්න මෙන්න මේ විදියට යන්න.

[1] left side එකේ උඩම තියන book වගේ සලකුණ click කරන්න

[2] එකේ කෙළවර තියන පොඩි arrow එක click කලාම තව window එකක් ඒවි.

[3] එතනින් Grayshark.sniper කියන එකට like එකක් දාලා OK කරන්න. (මේක තේරුම් ගන්න ලේසියි)


දැන් ඔයාට "buy කරන්න ඕනේ item" මොනවාද? "ability active කරන්න ඕනේ පිළිවෙල" පෙන්නාවි. ඔයා Grayshark build එකම ගන්න ඕනේ නෑ. වැඩිම like කරලා තියන item guide හෝ කැමති එකක් ගන්නත් පුළුවන්.  පහල තියෙන්නේ මන් Grayshark build එකට පටන් ගත්තු ගමන් buy කරපු item ටික.  මන් අරන් තියෙන්නේ Tango එකයි, Slippers of Agility 2යි, Iron Branch 2යි. Healing Salve එක අරන් නෑ gold මදි නිසා. ඒ වගේම sniper ගේ ability 4න් "Take Aim" කියන passive වර්ගයේ ability එක තමයි මුලින්ම active කරලා තියෙන්නෙත්.


මුලදී ඔයා මේ guide එකේ කියන විදියටම කරන්න. පස්සේ අපි යම් මට්ටමකට ආවම මේ guide අවශ්‍ය නෑ. දැන් බලමු මේ hero ගෙන් සෙල්ලම් කරන විදිය. මෙයා Ranged hero කෙනෙක් නිසා ඕනෑම lane එකක (top, mid, bot) සෙල්ලම් කරන්න පුළුවන්. ඔයාගේ පළමු match කිහිපය නම් mid සෙල්ලම් නොකරනවානම් හොඳයි. මොකද ඔයා ඒක ටිකක් අමාරු නිසා. හැබයි mid තමයි වැඩිම වේගෙන් gold හා experience (farm එක) ලැබෙන lane එක. ඔයා මුලින්ම කරන්න ඕනේ enemy creep ලාට shoot කරන ගමන් enemy hero ට වරින් වර පහර දෙන ඒක. sniper long ranger කෙනක් නිසා මේ වැඩේ හොඳටම ලේසි. ඒ වගේම enemy hero ගේ farm speed එකත් දුර්වල කරන්න පුළුවන්. හැබයි මතක තියා ගන්න enemies ලගේ ලඟට වැඩිය යන්න එපා. මොකද sniper ට වැඩිය ගුටි කන්න බෑ health එක පොඩ්ඩක් නිසා. පුළුවන් තරම් පස්සට වෙලා attack කරන්න. මෙහෙදී ඔයාගේ 1st ability එක Shrapnel එක( වෙඩි වැස්ස) වැඩිය use කරන්න එපා enemy creep ලාට. එක තේරුමක් නැති ඔයාගේ Mana(ශක්තිය) නාස්ති වෙන වැඩක්. ඒ ability එක tower වලට පහර දෙන්න තියා ගන්න. ඔය විදියට වරින් වර enemy hero ට  පහර දෙමින් එයාලව පීඩනයක්, වධයක් වෙන එක තමයි ගේම් එකේ මුලදී ඔයාගේ role එක. ඒ වගේම enemy creep ලව last hit එකෙන් මරලා පුළුවන් තරම් gold එකතු කර ගන්න. මෙතැනදී last hit කියන ගොඩක් වැදගත් මොකද last hit එකේදී තමයි ඔයාට සම්පුරණ gold අගය ලැබෙන්නේ kill එකක. enemy hero කෙනක් මැරුවොත් ඔයාට ලොකු gold එකක් ලබා ගන්නත් පුළුවන්. හැබයි enemy hero ව මරන්න හදිස්සි වෙන්න එපා. හැම වෙලාවේම,  නියම වේලාව එනකන් අවධානයෙන් ඉන්න hero ව attack කරන්න. ගේම් එකේ team fight එකට එද්දී පුළුවන් තරම් team එකේ අනෙක් අයට cover වෙලා ඒ කිව්වේ පස්සට වේලා ඔයාගේ attack එක දෙන්න, මන් කලින් කිව්වා වගේ. sniper ට යුද පිටියේ ඉස්සරහට ගිහින් සටන් කරන්න ශක්තිය නෑ. මෙතනදී ඔයාගේ 1 power එකත් (Shrapnel) ගොඩක් වැදගත්. low health තියන enemy hero කෙනක් දැක්ක ගමන් ඔයාගේ ulti එක (4 ability) එක use කරන්න. ඔයාට ලේසියෙන් enemy hero ගේ kill එක ගන්න පුළුවන්. 

ඒ වගේම තවත් වැදගත් කරුණ තමයි item build එක සිදු කරන ආකාරය. අපිට ඔතැන හැම item එකම එකවර buy කරන්න බෑ. ඒ නිසා එක item එකක් වුනත් කොටස් වශයෙන් තමයි build කරන්න වෙන්නේ. පහල රූපය බලන්න. 


ඔතන gold 1400 වෙන Power Treads කියන item එක හැදෙන්නේ තවත් සුළු item 3ක් එකතු වෙලා. ඔයා එක පාර ඔය boot එක ගන්න ඕනේ නෑ. ඔයාට gold හම්බෙන විදියට අර සුළු item 3න් එක බැගින් මිලදී ගන්න. ඔයා ඒ item 3 එකතු වුනු ගමන් Power Treads කියන main item එක build වෙනවා. මේ කිව්ව එක වැදගත් වෙන්නේ ගොඩක් වැඩි වටිනාකමක් ඇති item build කරනකොට. හරියට sniper ගේ gold 4100 වෙන Desolator කියන item එක හදනකොට වගේ. ඔයා එකපාර 4100 ගෙවන්නේ නැතුව, එක හැදෙන සුළු item කිහිපය හඳුනා ගෙන් කොටස් වශයෙන් එකතු කරන්න. අවසානයේ අවශ්‍ය item එක නිර්මාණය වෙලා තියේවි.

ඔයා sniper ගෙන් play කරනවානම් අනිවා මේ item හදා ගන්න උනන්දු වෙන්න. 

Desolator
Shadow Blade
Power Treads

Mask of Madness





Sniper ගේ වැඩි විස්තර මේ link එකෙන් බලන්න. මේකේ ඉන්න heroes ලා පිළිබද හැඳින්වීම ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වෙන්න. අදහස් චෝදනා යෝජනා තියනවනම් පහලින් කොමෙන්ට් කරන්න!          

DOTA 2 : Map එක ගැන [ 2 පාඩම ]


මෙහෙදී මම Dota 2 Map එක ගැන මුලික කරුණු කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි එහෙනම් dota 2 map එකේ දළ අදහස ගන්න පහල රූපය බලන්න. 


මෙහිදී කොළ පාටින් පෙන්වන්නේ Radiant කණ්ඩායම හා රතු පාටින් Dire කණ්ඩායම නියජෝනය කරයි. මේ දෙකෙන් එකකට තමයි ඔයා සෙල්ලම් කරන්නේ. එක් පාර්ශවයක් ජයග්‍රහණය කරන්න නම් අදාළ ප්‍රති පාර්ශ්වයේ Ancient එක (A අකුර) සම්පුර්ණයෙන් විනාශ කරන්න ඕනේ. ඔයාට පේනවා ඇති Ancient පිහිලා තියෙන්න map එකේ කෙරවල් දෙකේ.  අපි නිර්මාණය වෙන්නේ ඊට පිටු පසින් ඇති Fountain එකෙන්. (Red color ඔටුන්න).

ගේම් එක තුල ප්‍රධාන lane 3ක් තියනවා. ඒ තමයි Top lane, Mid lane, Bottom lane. ගේම් එක පටන් ගන්නකොට ඔයා සටන් කරන්නේ මේ lane වල. ඔයාගේ team එකේ 5න් ගෙන් දෙදෙනා බැගින් top හා bottom සටන් කලයුතු අතර. එක් අයෙකු තනිව mid සටන් කල යුතුය.  ඔය සැම lane එකක්ම අරක්ෂා කරන්න Tower පිහිටලා තියනවා. ඔය කොටු වලින් පෙන්නලා තියෙන්නේ ඒවා. මේ Tower තමාගේ පිලේ නොවන ඕනෑම කෙනකුට automatically පහර දෙනවා. මේවා විනාශ කරලා ඉදිරියට ගිහින් ප්‍රතිවාදීන්ගේ Ancient එක විනාශ කරන එක තමයි අපේ අරමුණ. නමුත් මේ Tower විනාශ කරන එක එච්චර ලේසි නෑ. 

මේ සැම lane එකේම අදාළ කණ්ඩායමට අයත් creeps ලා (හේවායෝ) සටන් කරමින් ඉදිරියට ඇදෙනවා. මෙයාලව අපිට direct පාලන කරන්න බෑ. නමුත් අපිට මෙයාලව උපායශීලිව මෙහෙයවන්න පුළුවන්. ඇත්තටම මෙයාලා තමයි අපිට උදව් වෙන්නේ අර Towers විනාශ කරන්න. මෙයාලා නිර්මාණය වෙන්නේ අපේ Ancient එකේ ලඟ තියන barrack 3කින් අදාල lane 3ට. අපේ barracks විනාශ වුනොත් මෙයලා නිර්මාණය වෙන්නේ නෑ.  

ඔයා මුලින් කරන්න ඕනේ ප්‍රතිවාදීන්ගේ creep ලා මරලා Gold හා Experience ගන්න. මොකද Gold අවශයි ඔයාට item හදා ගන්න හා Experience අවශයි level up වෙන්න. අපිට item ගන්න තියෙන්නේ shop වලින්. main shop එක අදාළ පිලේ Fountain එකේ තියනවා. ඊට අමතරව top හා bottom lane ආසන්නව Secret Shop තුනක් (orange color අත් සලකුණ) පිහිටා තිබෙනවා. මේ නිසා අපිට Fountain එකට නොයා ඒ Secret Shop වලින් item ගන්න පුළුවන්.  

lane හැර අනෙක් කොටස් වලට කියන්නේ jungle එක කියලා. ඔය ගස් පෙන්නලා තියන කොටස. ඔය jungle ඒක එක ජාතියේ creatures ලා ඉන්නවා. අපිට එයාලව මරලා Gold සහ Experience ගන්නත් පුළුවන්. එකට කියන්නේ "jungle කරනවා" කියලා. ඔයා ගේම් එකට අලුත් නම් jungle කරන්න යන්න එපා මොකද ඒක එතරම් ලේසි වැඩක් නෙමයි ආධුනිකයන්ට. ඒ වගේම ඔය Dire පැත්තේ jungle එකේ ගුහාවක ඉන්නවා ලොකු මකරෙක් වගේ සතෙක් Roshan කියලා. (R අකුර). මේ Roshan මරන්න ගොඩක් අමාරුයි. මුලදී නම් මෙයාව මරන්න team එකේ 5ස් දෙනාම ඕනේ. හැබයි Roshan මැරුවොත් ඔයාට Aegis of the Immortal කියන item එක විනාඩි කිහිපයකට ලැබෙනවා. එකෙන් වෙන්නේ ඔයා fight එකේදී මැරුම් කෑවොත් ඔයාට ඒම ස්ථානයේදීම නැවත ඉපදීමට එක් අවස්ථාවක් ලැබෙනවා.

ඊළඟට තියෙන්නේ River එක. මේක තමයි දේශ සිමා වෙන් කරන සිමාව. මේ river ගොඩක් වැදගත් සටන් වලදී.  ඒවගේම river එකේ සලකුණු කර ඇති ස්ථාන 2හි Runes (light Blue සලකුණ) මතු වෙනවා විනාඩි කිහිපයකට වරක්. ඒව ලබා ගැනීමෙන් අපිට විවිද powers ලැබෙනවා විනාඩි කිහිපයකට හෝ එක් වරක් use කිරීමට.   

ඔන්න ඔහොමයි map එක ගැන මුලික කරුණු. ගේම් එකට ප්‍රවේශ වීම පිළිබද කරුණු ඊලඟ ලිපියෙන් බලාපොරොත්තු



Sunday, November 23, 2014

DOTA 2 : මූලික හැඳින්වීම [ 1 වෙනි පාඩම ]


මන් මෙච්චර කාලෙකට play කරලා තියන හොඳම ගේම් එක මොකද්ද කියලා ඇහුවොත්? ඒකට උත්තරේ තමයි dota 2. ගොඩක් අය ගේම් එකක ප්‍රමතිය මනින්නේ එකේ ග්‍රැපික්ස් වලින්. ඇත්තටම ඒවා නම් ප්‍රථමික මිනුම් දඬු. මට අනුව නම් ගේම් එකක ප්‍රම්තිය මනින්නේ ගේම් එකෙන් අපිට ලැබෙන තෘප්තියයි, කොච්චර අපේ හැකියාවන් ගේම් එක තුල භාවිතා කරන්න පුලුවන්ද යන්න මතයි. ඒ වගේ ගේම් එකක් තමයි dota 2 කියන්නේ. එක නිසා මෙච්චර කල් dota සෙල්ලම් කරලා නැති, ගේම එකට අලුත් කට්ටියට උදව් වෙන්න ලිපි පෙළක් දෙන්න මගේ බ්ලොග් එකෙන් බලාපොරොත්තු වෙනවා. මොකද මන් dota 2 එකේ ගොඩක් දේවල් ඉගෙන ගත්තේ තනියෙම ගොඩක් කාලයක් වැය කරලා. ඔයාලට එහෙම කාලයක් අවශ්‍ය නොවී ගේම් එකේ basic ටික ලබා දෙන එක තමයි මේ ලිපි වල අරමුණ. හරි එහෙනම් බලමු මොකද්ද මේ dota කියලා. 

DOTA එහෙමත් නැතිනම් Defense of the Ancients කියන්නේ Strategy වර්ගයට අයත් ගේම් එකක්. අපේ ලෝකල් වචනයෙන් කියනවානම් උඩින් පේන, බට්ටෝ ගේම් එකක්. මේක පදනම් කරගෙන තියන්නේ World of Warcraf කියන ගේම් එක. ගේම් විශේෂඤට අනුව නම් dota කියන්නේ " Dota is a combination of football and Chess." මෙහෙදී ඔයාලගේ කණ්ඩායම් හැකියාව, නායකත්ව හැකියාව, වේගවත් බව, කාල කළමනාකරණය, උපායශීලි බව හොඳින්ම පරික්ෂා කරන ගේම් එකක් කියලා කියන්න ඕනේ. ඒ වාගේම මේක කණ්ඩායම් දෙකක් අතර සිදු වෙන ගේම් එකක්, එක පිලිකට 5 බැගින්. ඔන්න ඔහොමයි ගේම් එකේ මුලික අදහස. සැම අවුරුද්දකම dota 2 එකෙන් world championship එකක් තියනවා. මේ event එක කොච්චර දැවැන්ත එකක්ද කියන එක ඔයාලට මේ පින්තුරෙන් හිතා ගන්න පුළුවන් වේවි. ඒ වගේම ඔයාලා පුදුමත් වේවි, මේ අවුරුද්ද්දේ මෙහි පළමු ජයග්‍රාහී කණඩායමට "ඩොලර් මිලියන 10ක්"  (රු.කොටි 13ක් ආසන්න) ලැබුනා කිව්වම.  
 

dota 2 download කරන හැටි මන් කලින් ලිපියක ඔයාලට දුන්නා. download කරපු නැති කට්ටිය ඒ ලිපිය කියවන්න. මෙහෙදී මේ ලිපි වල crack, patch, cheat  ගැන මන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නම් නෑ. මොකද dota වල හොර කරන්න බැරි නිසා. කරන්න හැදුවොත් ඉතින් ඔයාගේ account එකට සොරි තමයි කියලා කියන්න ඕනේ. ඒ වගේම මතක් තියා ගන්න මේක ගොඩක් addicted වෙන ගේම් එකක්. රෑට අනිවා හීනෙනුත් පේන, සමහර වේලාවට පෙම්වතියත් අහිමි වෙන ගේම් එකක් :ලොල්.  ඒ වගේම dota 2 වලට addict වුනු කෙනක් වෙන ගේම් එකකට යන්නේ ඉතාම කලාතුරකින්. ගේම් එක සෙල්ලම් කරන හැටි, map එක, උපාය මාර්ග, heroes ලා, items යන මුලික හැඳින්වීම් ඊළඟ ලිපි වලින් බලාපොරොත්තු වෙන්න.   

      

Thursday, November 20, 2014

Gamer කෙනක් නම් Steam දා ගමු



     ඔන්න කාලෙකට පස්සේ ආයෙත් CybeR TubE වැඩ පටන් ගත්තා. අද හාහාපුරා කියලා පටන් ගන්න යන්නේ gaming lesson එකකින්. Steam ගැන කියන්න ලොකුම හේතුව සිංහලෙන් ඇති බ්ලොග් වල මේ ගැන ගොඩක් අඩුවෙන් තියන්නේ. එක නිසා steam ගැන මන් දන්න දේ මේ ලිපියෙන් ලියන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම කියන්න ඕනේ Steam ගොඩක් ප්‍රොයෝජනවත් වෙන්නේ ඔබ online gaming කරන කෙනක් නම් විතරයි. අනිත් කාරණය Steam අපේ වගේ රටවල ගොඩක්ම ජනප්‍රිය වුනේ DOTA 2 පරිගණක ක්‍රීඩාව නිසා. DOTA 2 කියන්නේ මන් දැනට play කරලා තියන හොඳම ගේම් එක කියලා කිව්වත් වැරදි නෑ. දන්නේ නැති කට්ටියට ඒ ගේම් එක සම්බන්ද කරුණු ඉදිරියේදී කියන්න බලාපොරොත්තු වෙනවා.


     හරි දැන් topic එකට ආයෙත් එමු. steam කියන්නේ online game platform එකක්. සරලව කියනවානම් එයාලා ඔබට ගේම්ස් නිත්‍යානුකුලව මිලදී ගැනීමට, ඒවා play කිරීමට, අදාලව community නිර්මාණය කර ගැනීමට අවශ්‍ය පහසුකම් සපයනවා. මේ සඳහා Steam Client software එක ඔයාලගේ pc එකේ install කරලා account එකක් හදා ගන්න වෙනවා. මන් කලින් කිව්වා වගේ steam එකෙන් ඔයාලට games buy කරන්න පුළුවන් සල්ලි වලට. ඔයා කැමති ඕනෙම ගේම් එකක් steam එකේ තියනවා. (සමහර පරණ ඒවා ඇරෙන්න). paypal / bank debit, credit card වලින් තමයි ගෙවන්නේ. genuine ම ගේම් එක තමයි මෙහෙදී ඔයාලට ලැබෙන්නේ. ආයේ crack කිරිලි මුකුත් නෑ. original server වලට බය නැතුව ගිහින් සෙල්ලම් කරන්නත් පුළුවන්. දළ අදහසක් ගන්න ජනප්‍රිය ගේම් වල මිල ගණන් ටිකක් දාන්නම්

 
Call of Duty: Advanced Warfare - $60
Call of Duty 4: Modern Warfare - $20 
Counter-Strike: Global Offensive - $15

     
අලුත් ගේම් නම් ටිකක් සැර වැඩි. හැබයි මෙයාලගේ ගොඩක් වේලාවට discount දෙනවා. සමහර වේලාවට 60%-80% දෙනවා. හිතා ගන්න පුළුවන්නේ කොච්චර අඩු වෙනවද කියලා. අනිවාර්යෙන් මේ දෙසැම්බර් එයාලා ගේම් sale එකක් දානවා නත්තල් නිසා. එතකොට පරණ ගේම් ගොඩක් අඩුවට ගන්න පුළුවන්. GTA IV full version එක ගියපාර $4 තිබ්බා. ඔන්න ඔහොමයි මිලදී ගැනීම් පැත්ත.

     
ගේම් සෙල්ලම් කිරීමේ පහසුකම් බැලුවොත් වැඩියෙන්ම වාසි තියෙන්නේ online play කරන කොට. මේකෙදි අපිට වෙනම FB profile වගේ steam profile එකක් හදන්න වෙනවා. ඊට පස්සේ යාලුවෝ add කර ගන්න. එයාලා එක්ක voice chat කරන්න, හවුලේ multiplay සෙල්ලම් කරන්න. group හදා ගන්න, photos /videos දාන්න පුළුවන් හරියට FB වගේ. ඒ වගේම cloud saving system එකක් තියෙන්නේ. ඒ නිසා format කලත්, වෙන PC එකක් ගත්තත්, මොනවා කලත් ඔයාගේ account එකට log වෙච්ච ගමන් ඔයාගේ ගේම් ටික නිකන්ම download වෙලා තිය්වී.

     
ඊළගට steam කෙකේ අපිටම කියලා market එකක් හදලා දීලා තියනවා. මේ ටිකක් ශෙයා මාර්කට් එක වගේ. steam එකේ සමහර ගේම්ස් වලට Item තියනවා. හරියට ඔය DOTA, Counter-Strike වගේ ඒවාට. item කියන්නේ ගේම් එකේ ආයුද, heroes ලා, outfit වගේ දේවල්. ඒවා අපි ගේම් එක සෙල්ලම් කරද්දීත් ලැබෙනවා. අපිට පුළුවන් මේ item market එකේ සල්ලි වලට විකුණන්න. හැබයි මේ සල්ලි අපේ අතට ගන්න බෑ. steam එකට සල්ලි දැම්මොත් ආයේ අතට ගන්න බෑ. හැබයි අපි උපයන සල්ලි වලින් steam එකේ ඇතුලේ දේවල් වලට වියදම් කරන්න පුළුවන්. හරියට ලංකාව නමින් හදපු paypal account එකක් වගේ. ඔය item වල මිල නිතර වෙනස් වෙනවා. ඒ හිනදා තමයි අපිට සල්ලි හොයන්න පුළුවන් කියලා කිව්වේ. අද ගොඩක් වේලාවට සමහරු කරන්නේ DOTA play කරනවට වඩා Trade කරන එක. මොකද එක ගොඩක් වාසි නිසා.
 

     ඒ වගේම ගොඩක් යාලුවෝ හදා ගන්නත් පුළුවන් steam වලින්. මගේ profile එකේ ලංකාවේ active friends විතරක් 100 වඩා ඉන්නවා. ඒ අය ඔක්කොමලා dota play කරන අය කිව්වොත් ඔයාලා පුදුම වේවි. ලංකාවේ ගොඩක් gamers ලා steam එකේ ඉන්නවා. ඔය ලංකාවේ group එකකට් join වුනා නම් gamer යාලුවෝ ටිකක් නික්නම් හදා ගන්න පුළුවන්.

     
අන්තිමට කියන්න ඕනේ steam එක ටිකක් data use කරනවා. මොකද නිතර ගේම් update, patch වෙනවා. එක නිසා ඔයා මොකක් හෝ ගේම් එකක් active use කරනවානම් අවම 15GB package එකවත් ඕනේ මේක නඩත්තු කර ගන්න. පහලින් කැමති කට්ටිය register වෙලා app එක download කර ගන්න.






Steam client (link)



Tuesday, December 24, 2013

Dota 2 Download කරමු


   Dota 2 ගැන නෙට් එකේ සිංහලෙන් ගොඩක් දේ තිබුනාට කොහොමද මේක ගන්නේ කියන එක ගැන වැඩි සඳහනක් නෑ. එක නිසා තමයි මේ පොස්ට් එක ලියන්න හේතුව. දන්න අයටනම් මේ කියන ඒවා පොඩි දේවල්. මේ පොස්ට් එක දාන්නේ තාමත් dota 2 play කරලා නැති play කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට. 

   dota 2 කියන්නේ සම්පුර්ණයෙන් free download කරන්න පුළුවන් ගේම් එකක්. හැබයි පොතේ හැටියට ඒ කිව්වේ formal විදියට ගන්නවානම් මේ ගේම් එක අපි ගන්න ඕනේ Steam එකෙන්. කොහොම ගත්තාත් මේ ගේම් එක free. හරි බලමු දැන් මේ ගේම් එක බාගන්නේ කියලා. හැබයි මෙහෙම දෙයක් තියනවා, Dota 2 play කරන ඔයාගේ යාළුවෙක් ඉන්නවානම් මේ ගේම් එක download කරකර ඉන්න අවශ්‍ය නෑ. ඒ විදිය මන් අන්තිමට කියන්නම්. හරි දැන් ආයේ පරණ කතාවට. step by step යමු.  

[1] මුලින් Steam එකේ site එකට ගිහිල්ලා account එකක් හදා ගන්න ඕනේ. එකත් free! 

[2] දැන් Steam client එක ඔයාගේ මැෂින් එකට install කරන්න. 
Steam client (link)

[3] Steam client එක install කලාට පස්සේ ඔයා හදපු account එකට මැෂින් එකෙන් log වෙන්න. 

[4] හරි දැන් ඔයා install කරපු client එකේ උඩ හරියේ "Store" කියන ටැබ් එක click කරන්න. දැන් දකුණු පැත්තේ search bar එකක් පෙන්නාවි. එතන dota 2 කියලා type කරලා search කරන්න.


[5] දැන් dota 2 game එකේ detail ටික පෙන්නාවි. එතන ඇති "Play Game" කියලා, එක click කරන්න. 
[6] දැන් ගේම් එක download කරන්න ඕනේ තැන අනං මනං ටිකක් අහවි. ඒවා ටික fill කරලා download වෙන්න දාන්න. 4.5GB විතර යනවා වැඩේට.

මෙතනදී ඔයා එක දිගට download කරන්න අවශ්‍ය නෑ. pause කරලා අර torrent වගේ හෙමිහිට download කරන්න පුළුවන්. 

මන් කලින් කිව්වා නේ මෙහෙම download කර කර ඉන්න ඕනේ නෑ. වෙන ක්‍රමයක් තියනවා කියලා. හරි  ඔයාගේ යාළුවෙක් ඉන්නවානම් dota 2 play කරන, 8GB or 16GB pen එකක්(download වුනාටපස්සේ 7.5GB වගේ වෙනවා) අරන් එයාලගේ ගෙදර යන්න. දැන් එයා මැෂින් එකේ steam install කරලා ඇති folder එක හොයා ගන්න. ඒ folder එක ඇතුලේ මෙන්න මේ path එකට යන්න

SteamApps > common > dota 2 beta

ඔතන dota 2 beta කියන ෆෝල්ඩර් එක ඔයාගේ pen එකට දාගන්න. දැන් ගෙදර ඇවිල්ලා අර මන් උඩින් කියලා තියන හැම step එකම කරන්න. හැබයි අන්තිමට download කරන්න ආවම (ටිකක් download කරන්න) එක pause කරලා, අර ඔයා pen එකේ ගෙනාපු ෆෝල්ඩර් එක අර path එකට replace කරන්න.  දැන් steam client එකේ library ටැබ් එකේ වම් පැත්තේ dota 2 add වෙලා ඇති. එක right click කරලා properties යන්න. 

ඊළඟට එන window එකේ "local Files" කියන ටැබ් එකට යන්න. එතන යටම තියන "Verify Integrity of Game Cache" කියන එක click කරන්න. 


දැන් ඔයා අර manual දාපු file ටික check වේවි. ඊට පස්සේ ඔයාට සාමාන්‍ය විදියට game එක open කරන්න පුළුවන්. 

ඔතනින් download වෙන case එක ඉවරයි.  දැවෙන ප්‍රශ්න තියනවනම් පහලින් කොමෙන්ට් කරන්න.