CybeR TubE: Call of Duty
Showing posts with label Call of Duty. Show all posts
Showing posts with label Call of Duty. Show all posts

Saturday, January 10, 2015

Advanced Warfare Language Problem එක Fix කරමු



මේ වෙනකොට Call of Duty Advanced Warfare එකේ 7 DVD එක ඇවිල්ලා තියෙන්නේ. හැබයි පොඩි කේස් එකක් තියනවා. ගේම් එකේ Language එක Russian වලින් තියෙන්නේ. දන්නවනේ ඉතින් හරියට English ත් බැරි එකේ Russian කොහොම තේරුම් ගන්නද? :p අඩුම තරමේ option කියන එකවත් හොයා ගන්න බෑ. හරි දැන් මේ කේස් එක හදා ගන්න විදිය බලමු. 

[1] මුලින් ගේම් එක සාමාන්‍ය විදියට install කරන්න. 

[2] දැන් ගේම් folder එක ඇතුලේ. "russian" කියලා folder එකක් ඇති. මේක Cut කරලා hard එකේ වෙන කොහෙට හරි paste කරලා තියා ගන්න.    

[3] දැන් තියෙන්නේ අපිට ඉන්ග්ලිෂ් files ටික බාගන්න. එකට මේ torrent link එකෙන් download කර ගන්න

http://adf.ly/w4TYq
[ 970 MB ]

[4] download කර ගත්තු file එක extract කරලා, එකේ තිබෙන "english" කියන folder එක ඔයාගේ ගේම් එක install කරපු තැනට copy paste කරන්න.

[5] වැඩේ ඉවරයි. දැන් ගේම් එක open කරලා බලන්න!

මන් හිතනවා මේ ලිපිය ඔයාලට වැදගත් වෙයි කියලා. මොකද මේ 7 DVD version හදපු රුසියන් කාරයා මේක english වලට හරවන්නේ කොහොමද කියලා ලියලා තියෙන්නෙත් රුසියන් වලින්. ගේම් එක ගැන කියනවනම්, AW එකේ story එක හොදයි. graphics නම් ඉතින් කියන්න දෙයක් නෑ නේ. කලින් ආපු Ghost එක නම් මට ඇල්ලුවේ නෑ. 

මේ වැඩේ හරි ගියානම් හරි නැත්නම් කේස් ආවානම් කොමෙන්ට් එකක් දාන්න. එහෙනම් මන් කැපෙනවා. ජය වේවා! 


Wednesday, May 15, 2013

COD 4 NOOB ලා ගැන..!!


    අද කතා කරන්නේ Call of Duty වල වෙනමම  පැත්තක්. යම් යම් කරුණු මත තවමත් ලංකාවේ Call of Duty Multiplay  පරිගණක ක්‍රීඩා වලින් අතිශය ජනප්‍රියව පවතින්නේ COD 4 හෙවත් Modern Warfare. ඒ වගේම බොහෝ දෙනා GameRanger පාවිච්චි කිරීමත් එක්ක එය තවත් තහවුරු වුනා. මේ දිනවල elakiri වෙබ් අඩවිය මගින් පවත්වාගෙන යන COD 4 server එක නිසා COD 4 online උන්මාදය නැවතත් වැඩි වී ඇති බව තමයි පෙනෙන්නේ. ඉතින් ඔන්න ඔහොමයි ලංකාව ඇතුලේ COD 4 වල තත්වේ. 

    හරි දැන් එහෙනම් කෙලින්ම කතාවට එන්ටර් වෙමු.  මාතෘකාව වෙන්නේ COD 4 NOOB ලා. ඇත්තටම මේ noob ලා ගැන කතා කරන්න හිතුනේ මේ අය නිසා අනෙක් ප්ලේයර්ස් ලාට වෙන අපහසුතාව නිසයි. සමහරවිට සෙල්ලම් කරන කොට ඔයාටත් අනෙක් ප්ලේයර්ස්ලා බැනලා ඇති "noob noob" කියලා. ඇත්තටම කාටද මේ noob කියන්නේ? මගේ දැනුමේ හැටියට noobs ලා වර්ග 2 ක් ඉන්නවා.

[1] ක්‍රීඩාවට ආධුනික වූ නුහුරු ලෙස ක්‍රීඩා කරන ක්‍රීඩකයන්.

[2] බොහෝ අය විසින් noob ලෙස වර්ග කරනු ලැබූ  " perks / weapons" භාවිතා කරන ක්‍රීඩකයන්.   

    මේ දෙපාර්ශවයෙන් කරදර ඇති කරන්නේ අංක 2 ට අයත් ක්‍රීඩකයන්. හැබයි මේ කේස් තියෙන්නේ සාමාන්‍ය public server වල විතරයි. promod server වල මේ කේස් ගොඩක් අඩුවෙන් තියෙන්නේ. එක නිසා promod ගැන මම කතා කරන්නේ නෑ.  හරි එහෙනම් මම අංක 2 හි දැක්වූ noob perks / weapons මොනවද කියලා පැහැදිලි කරන්නම්.  

NOOB Perks 

බොහෝ දෙනා Jaggen ලෙස හඳුන්වන මේ මහා වාත perk එකකි. Hardcore නොමැති server එකක නම් මේ perk දැමුවන් මරා දැමීම ඉතා අපහසු වේ. විශේෂයෙන් silencer weapon එකකින් මෙවැන්නන් මැරීම වඩාත් අපහසුය. වැඩිම noober  කියා අවමන් විඳින්නේ මේ perk එක දමුවන් වේ.

මෙය jaggen වලට දෙවෙනි නොවේ. මෙහෙදී ඔබ මිය ගිය සැනින් එතැන අත් බෝම්බයක් පුපුරා යයි. බොහෝ විට වේගයෙන් move වෙමින් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් නිතැතින් ගොදුරු බවට පත් වේ. මෙය අනෙක් ක්‍රීඩකයන්ගේ killstreak අහිමි කර දමන ප්‍රධාන perk එකකි.


මෙයද මහා වාත perk කි. මෙහෙදී ඔබ එකවර මිය නොයා, අවසාන මොහොතේ pistol එක භාවිතා කර සතුරාට වෙඩි තැබීමට ඉඩ දේ. බොහෝ විට අඩු damage effect ඇති weapon භාවිතා කරන්නන් පහසුවෙන් මෙහි ගොදුරු බවට පත් වේ.


මෙහදී ඔබව රේඩාර් තිරයට හසු නොවේ. මේ perk එක භාවිතා කරන්නන් බොහෝ විට campers ලා වේ. මෙවැන්නන් සිටිනා බව හඳුනා ගැනීමද ඉතා අපසුය. ඔහු sniper කෙනක් නම් වැඩේ බරපතල් වනු ඇත.


මේ perk එකේ බලපෑම වැඩියෙන් දැනෙන්නේ කුඩා map වලය. බොහෝ විට මෙවැන්නන් එකම තැන සැඟවී සිට grenade විසි කිරීමෙන් පමණක් අනෙක් අය මරා දමයි.


NOOB Weapons 

නමින් P90 වේ. මේ gun එක වාත වෙන්නේ Hardcore server වලය. මේ gun එකට ඉලක්කය හරි හැටි එල්ල නොකර නිවැරදිව වෙඩි තැබීමේ විශේෂ හැකියාවක් ඇත. damage effect එකද ඉතා ඉහල වේ. ඒ වගේම මෙය sub machine කාණ්ඩයට අයත් නිසා පහසු හා වේගවත් චාලක හැකියාවක් ලැබේ. මෙහි ඇති එකම දුර්වලතාව වන්නේ දුර ඉලක්ක ගැනීම අපහසු වීම පමණි. 


නමින් M21 වේ. බොහෝ කපටියන් snipe මුවාවෙන් මේ gun එක භාවිතා කරයි. ඇත්තෙන්ම මේ sniper එකක් වුනාට Automatic gun එකක් සේ හැසිරවිය හැකිය. එකවර උණ්ඩ 9 ක් reload නොකර වෙඩි තැබීමේ හැකියාව ඇත. ඒ වගේම damage effect ඉහළය. 


මෙය Attachment එකකි. බොහෝ විට මේ grenade launcher එකේ වාසිය ඇත්තේ කුඩා map වල හා ගොඩනැගිලි තුලය. මෙහි බලපෑම grenade එකේ බලපෑමට ආසන්න වේ. මේ නිසා ඉදිරියට එන්නෙකු පසුවෙන් එක පහරින් මරා දැමිය හැකිය.   


    ඔන්න ඔහොම තමයි මම දකින noob perks / weapons ටික. බැලු බැල්මට නම් ඉතා ප්‍රොයෝජනවත් වාසි සහිත දේවල් කියලා තමයි පෙන්නේ. ඇත්තටම ඒකම තමයි හේතුව එනම්, දක්ෂතා අභිබවා යන අසීමිත වාසි මේ කියූ  perks / weapons "noobs" කියලා වර්ග කිරීමට. ඔන්න ඔය හේතු නිසා තමයි ඔයාලට noob කියලා අහගන්න වෙන්නෙත්. තවත් ඉතින් කරදර කරන Hackers ලා ඉන්නවා. ඒ අය ගැනත් පස්සේ දවසක ලියන්නම්. අවසානයේ කියන්නට තිබෙන්නේ ඔයා ක්‍රීඩාවේදී  අන් අයට කරන සාධාරණයක් හැටියට ඉහත perks / weapons හැකි තරම් භාවිතා නොකරන්නේනම් ඉතා වටිනේය කියාය.


Monday, February 18, 2013

COD 4 Promod Server එකක් හදමු.


    සාමානයෙන් promod server එකක් හදන විදිය එච්චර දෙයක් නෙමයි. හැබයි GameRanger එකෙන් promod server එකක් හදන එකේ පොඩි කේස් එකක් තියනවා. ඒ කියන්නේ GameRanger එකේ අපි සාමන්‍ය විදියට mod එකක් දාලා server එකක් හැදුවට ඒකට අපේ යාළුවන්ට join වෙන්න බැරි සින් එකක් තියනවා. කොහොමහරි මේකට අපේ යාළුවෙක් පොඩි ජිල්මාර්ට් එකක් නෙට් එකෙන් හොයා ගත්තා. ඒ මෙන්න මේ විදියට.

[1] ඔයා මේ crack iw3mp.exe දාලා නැත්නම්, මේක බාගෙන ඔයාගේ ගේම් එක ඉන්ස්ටෝල් කරපු තැනට මේක replace කරන්න.

[2] දැන් මේ තියන mod file එක බාගෙන, extract කරලා ඔයාගේ ගේම් එක ඉන්ස්ටෝල් කරපු තැන ඇති "Mods" ෆෝල්ඩර් එක ඇතුලට කොපි කරන්න.


[3] දැන් GameRanger එකට ගිහිල්ලා normal server එකක් හදන්න. (කිසිම mod එකක් දාන්න යන්න එපා)

[4] ගේම පටන් අරන් මුලින්ම යන 10 sec කවුන්ට් එක ඉවර වුනාට පස්සේ ඔයා server එක close කරලා main menu එකට එන්න.

[5] ඊළඟට main menu එකේ ඇති mod කියන option එකට ගිහිල්ලා අර sf_promod කියන mod එක launch කරන්න.

[6] ඊළඟට start new server ගිහිල්ලා ඔයාට ඕනේ විදියට settings හදලා,(punk buster off කරන්න) mod server එක start කරන්න.

[7] දැන් ඔයාගේ GameRanger එකේ ඔයාගේ යාළුවන්ට promod server එකට join වෙන්න පුළුවන්. ඔයා server එක හරියට හැදුවනම් ඔයාගේ (hoster ගේ) nick එක ඉස්සෙරහා green light එකක් දිස් වෙන්න ඕනේ. 

 
ආ තව දෙයක් ඔයා server එක හැදුවට පස්සේ console key(~) එක press කරලා මෙන්න මේ console code එක enter කරන්න ඕනේ. එහෙම නැත්නම් සෙල්ලම් කරන්න බෑ.

/promod_mode custom_public 

 පහලින් Hoster ට වැදගත් වෙන Console Code ටිකක් දාලා ඇති.  මොකද තාමත් ගොඩක් කට්ටිය server එකේ වෙනසක් කරන්න ඕනේ වුනාම මුළු server එකම close කරනවා. එහෙම නැතුව එකට ඔයා console එක use කරනවානම් ගොඩක් ලේසි වෙයි.

map එක change කරන්න.

\map mp_kill house

(ඉහත kill house වෙනුවට ඕනෑම map එකක නමක් දාන්න පුළුවන්)

Next map එක දාන්න

\map_rotate

respawn time එක වෙනස් කරන්න. 

Team Deathmatch-  /set scr_war_playerrespawndelay 3 

Deathmatch-  /set scr_dm_playerrespawndelay 3

Sabotage-  /set scr_sab_playerrespawndelay 3

(ඉහත අංක 3 යනු තත්පර 3 වේ. ඒ වෙනුවට ඔයාට ඕනේ අංකයක් දැමිය හැක )   
      

Friday, February 08, 2013

Call Of Duty 4 වල LVL 55 Hack කරමු.


    මේ පොස්ට් එක COD 4 Multiplayer වලට අලුතෙන් ආපු කට්ටියට වැදගත් වේවි. ඔයාලා දන්නවනේ COD වල පහළ Rank එකක ඉන්න එක ටිකක් අවාසි. ඒ වගේම නියම විදියට සෙල්ලම් කරලා level 55 යනවා කියන්නේ හෙණම කරුමයක්. ( හැබයි මම නම් ඔය කරුමේ ගෙව්වා ). එක නිසා වැඩි කට්ටක් කන්නේ නැතුව ලේසියෙන් lvl 55 එන්න හැමෝම වගේ කැමති ඇතිනේ. එහනම් වැඩේ පටන් ගමු.

[1] මුලින් මේ mpdata කියන ෆයිල් එක බාගන්න.

[2] දැන් Run එකට ගිහිලා regedit කියලා type කරලා enter කරන්න.

[3] ඊළඟට මෙන්න මේ path එකට යන්න.

HKEY_LOCAL_MACHINE > Software > Activision > Call of Duty 4 

ඔතන Activision ෆෝල්ඩර් එක පෙන්න නැත්නම් මේ path එකට යන්න.

HKEY_LOCAL_MACHINE > Software > Wow6432Node > Activision > Call of Duty 4

[4] දැන් එතන තියන "codkey" කියන එක click කරන්න. එතන value data යටතේ තියන serial key එක ඔයා notepad එකකට save කරගන්න.

[5] දැන් එතනට මේ අලුත් serial key එක replace කරලා ok කරන්න.

DL2J8PY44Q22GE4888D2

[6] ඊළඟට ඔයා COD 4 install කරපු තැනට යන්න. එතන players > profiles > [ ඔයාගේ user name එක ] කියන ෆෝල්ඩර් එක ඇතුලට යන්න.

[7] ඔයාට එතන mpdata කියලා ෆයිල් එකක් පෙනේවි. එක ඔයා වෙන කොහෙට හරි save කරලා backup කරලා තියාගන්න. 

[8] දැන් ඔයා අර මුලින් බාපු mpdata ෆයිල් එක ඔතනට replace කරන්න.

[9] හරි දැන් ඔයා ගේම් එක (COD 4 mp) open කරන්න.  එතන ඔයාගේ rank එක 55 වෙලා ඇති. දැන් ඔයා menu එකේ තියන Options >  Multiplayer Options වලට ගිහින් ඔයා අර කලින් notepad එකක save කරගත්තු පරණ  serial key එක ඔතන type කරලා save කරන්න.

[10] දැන් අපි ඔය කරපු වෙනස්කම් ටික save වෙන්න එක්ක ඒ වේලේම ගේම් එක close කරන්නේ නැතුව ,මොකක් හරි server එකක් play කරන්න. ඊට පස්සේ ඔයාගේ Rank 55 ලෙස තහවුරු වේවි.

    ඕන්න ඔහොමයි කේස් එක. වැඩේ හරි ගියානම් කොමෙන්ට් පාරක් දාන්න. දැවෙන ප්‍රශ්න තියනවනම් අහන්න. මතක ඇතුව හැමදේටම කලින් ඔයාගේ profile එක backup කරගෙන ඉන්න. මොනවා හරි කේස් එකක් වුනොත් ඔයාට දැනට තියන Rank එකත් නැති වෙයි. තව Easy Account ක්‍රමයට මේක කරන්න පුළුවන්. එත් දැන් ඒ ගැජට් එක virus එකක් විදියට පෙන්නන නිසා වැඩක් ගන්න බෑ. ඔයාලත් වෙනින්  ක්‍රම දන්නවානම් පහලින් දක්වන්න. සැමට ජය !  

Friday, February 01, 2013

Black OPS 2 DirectX error එක fix කරමු.


අපේ සමහර යාළුවන්ට මෙන්න මේ Black OPS 2 DirectX error එක ඇවිල්ලා තිබුනා. බලන්න ඔයාගෙත් BO 2 වැඩ කරන්නේ නැතුව මේ error එක ආවද කියලා.

ඔය ලෙඩේ මට නම් අවේ නෑ. හැබයි ඕක ආපු කට්ටිය සැහෙන ඉන්න බව මම නෙට් එකේ හොයද්දි දැනගන්න ලැබුනා. කොහොමහරි විසඳුමකුත් හොයා ගත්තා.හැබයි මේ error එක එන්න විවිද හේතු බලපාන්න පුළුවන්. ඒ නිසා මන් පහල දාලා තියන විදියට කරලා බලන්න. 

[1] මුලින් ඔයා දැනට ගේම් එක මැෂින් එකට දාලා නම් තියෙන්නේ එක uninstall කරලා දාන්න.

[2] ඔයාගේ VGA කාඩ් එක අලුත් drivers වලට update කරන්න. එහෙම කරන්න අමාරුනම් ආයේ දැනට තියන VGA drivers Reinstall කරන්න.

[3] ඔයා මේ වෙන කොට අමතර වෙනත් sound drivers install කරලා තියනවානම් ඒවා ඉවත් කරන්න. onbord sound drivers විතරක් තියන්න.

[4] දැන් ගේම් එක මගේ කලින් ලිපියේ විදියට install කරන්න.

[5] ඔයා ගේම් එක install කරපු ෆෝල්ඩර් එක ඇතුලේ "redist" කියලා ෆෝල්ඩර් එකක් ඇත, එකේ ඇතුලේ "vcredist_x86.exe" හා "directX setup" එක install කරන්න.

[6] දැන් ඔයා ඩෙස්ක්ටොප් එකට ඇවිල්ලා windows key + P ප්‍රෙස් කරලා එහි "Computer Only" යන්න දෙන්න.


වැඩේ ඉවරයි. දැන් ගේම ඕපන් කරලා බලන්න. අනිවා වැඩ වෙන්න ඕනේ.  

Monday, January 14, 2013

GameRanger එකෙන් COD 4 server එකක් Host කරමු!


    මේ ලිපිය Call Of Duty 4 online සෙල්ලම් කරන සෙට් එකට ගොඩක් වැදගත් වේවි. කට්ටිය කැමති ඇතිනේ තමන් හදපු server එකක යාලුවෝ එක්ක online සෙල්ලම් කරන්න. හරි එහෙනම් වැඩි ටෝක්ස් නැතුව වැඩේට එන්ටර් වෙමු. මතකනේ වෙනදා වගේම step by step යමු.

[1] ගේම් ඒක දැනටමත් ඉන්ස්ටෝල් කරලා නැතිනම් ඔයාගේ මැශින් එකට ඉන්ස්ටෝල් කරන්න. අනිවා ගේම් එක 1.7 වලට Update වෙලා තියෙන්න ඕනේ එහෙම නැත්නම් මගේ මේ ලිපිය බලන්න.  

[2] හරි දැන් මේ iw3mp_17.rar එක බාගෙන එක්ස්ට්‍රැක්ට් කරගන්න.
(මේක තමයි ඔයාට ගේම් එක Host පුළුවන් වෙන MP.exe එක)

[3] ඒ ෆෝල්ඩර් එක ඇතුලේ තියන iw3mp.exe එක ඔයා ගේම් එක ඉන්ස්ටෝල් කරපු තැනට කොපි පේස්ට් කරන්න.

(මතක ඇතුව ඔයාගේ ගේම් එක ඉන්ස්ටෝල් කරලා තියන තැන තියන පරණ iw3mp.exe එක Rename හරි වෙන තැනකට Backup කරලා ඉන්න. නැත්නම් පරණ එකටම Replace වේවි. මොකද මේ අලුත්  iw3mp.exe එකෙන් ඔයාට ගේම් එක ඇතුලෙන් සර්වර් search කරලා සෙල්ලම් කරන්න බෑ.)

[4] දැන් මේ GameRanger කියන පොඩි app එක බාගෙන ඉන්ස්ටෝල් කරන්න. 

[5] ඉන්ස්ටෝල් කරාට පස්සේ ඔයාට GameRanger එකේ account එකක් හදන්න වේවි, ඔයාගේ දැනට use කරන Email එක දාලා account එකක් හදාගන්න.

[6] account එක verify කලාට පසු, GameRanger එක ඕපන් කරන්න. එතන මැද්දේ හරිය තියන කොන්සෝල් එකේ "My Games" යන්න තෝරන්න.

[7] දැන් geme list එකේ COD 4 servers ටික පෙන්නාවි. හරි දැන් තමයි වැඩේ පටන් ගන්නේ. එතන දකුණු පැත්තේ උඩ හරියේ තියන "Host" කියන බටන් එක ක්ලික් කරන්න.

  [8] දැන් ඔයාට අලුත් වින්ඩොව් එකක් ලැබේවි. ඔයාට තියෙන්නේ ගේම් එක සිලෙක්ට් කරලා ඔයාට කැමති විදියට Host settings හදලා ok කරන්න. ("allow friends only" ලබා දුන්නොත් server එකට පැමිණිය හැක්කේ ඔබගේ මිත්‍රයන්ට පමණි)


[9] දැන් Game Room එක ඔයාට ඕපන් වේවි. මෙහිදී ඔයාගේ යාලුවොන්ට හරි අනෙක් කට්ටියට ඔයාගේ Room එකට එන්න පුළුවන් කම ලැබෙනවා. server එක හදන්න පහල තියන "Start" බට්න් එක ක්ලික් කරන්න.


[10] දැන් Game එක ඕපන් වෙලා Menu එකට ඒවි. ඔයාට තියෙන්නේ "Start New Server" ගිහිල්ලා ඔයා කැමති විදියට server එක හදලා launch කරන්න. ඊට පස්සේ ඔයාගේ යාලුවෝ කට්ටියට ඔයාගේ server එකට join වෙන්න පුළුවන් GameRanger එකෙන්.



    මේ දවස් මම යාලුවෝ එක්ක COD 4 සෙල්ලම් කරනවා. ගොඩක් වේලාවට වැඩරාජකාරි නිසා  රෑ 8න් පස්සේ වගේ තමයි server එක හදන්නේ. ඔයාලටත් කැමතිනම් join වෙන්න පුළුවන්. server එකේ නම "SL සුජාත දියණිය" (ගණන් ගන්න එපා! ෆන් එකට දාපු නම.) පහලින් මගේ හා server admin ලාගේ GameRanger ID එක හා Nick එක පහල දාලා ඇති ඔයාලට පුළුවන් අපිව search කරලා add කරගන්න. 

 
මගේ ID එක. 
Nick - Eagle EYE
ID - 3641153

මේ අයවත් add කරගන්න.

Nick - ShAvIyA_GosH
ID - 3658470

Nick - Gihanzero
ID - 3658609

ගොඩක් වෙලාවට Nick එක වෙනස් වෙන්න පුළුවන් නිසා ID එකෙන් search කරන්න. අපිව add කරගත්තම ඔයාට පුළුවන් අපි online නම් අපේ profile එක right click කරලා " Join Game Room" සිලෙක්ට් කිරීමෙන් පහසුවෙන් අපි ඉන්න server එකට connect වෙන්න. 


ඔයාට මේ Friends Box එක ඇවිල්ලා නැත්නම් " Ctrl + 1" ප්‍රෙස් කරන්න. දැන් COD 4 Host කුප්පිය අවසානයි. තව මේකේ advanced විදියට server host settings වෙනස් කරන්න පුළුවන් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් තියනවා. වේලාවක් ලැබුන හැටිය ඒ ගැනත් පොස්ට් එකක් දාන්නම්. අදට එච්චරයි. සුබ දවසක් සුබ අනාගතයක්!

Monday, December 31, 2012

Black OPS 2 Sound Error එක Fix කරමු.!

    Black OPS 2 ගේම් එකේ පොඩි කෙස් එකක් තියනවා. දැනටමත් මේ ලෙඩේ ගොඩක් දෙනා අත්විඳලා ඇති. ගේම් එකේ Sound වල පොඩි අවුලක් තියනවා. සමහර අයගේ ගේම් එක ප්ලේ කරද්දී Sound ඇහෙන්නේ නෑලු. මගෙත් නොර්මල් ස්පිකර් වලට Sound ආවට හෙඩ් සෙට් එකට Sound එන්නේ නෑ. නිකන් මීයෝ කෑගහනවා වගේ පොඩි සද්දයක් එනවා. 

    මේ ලෙඩේට පොඩි විසඳුමක් හම්බ වුනා. මේ ලෙඩේ ආපු කට්ටියට ට්‍රයි කරලා බලන්න පුළුවන්.

මන් කලින් දාපු ලිපියේ විදියටම මුලින් ගේම් එක අප්ඩේට් කරලා ඉන්න.

Update 1.and.2-SKIDROW (Size: 59.33 MB)
  
හරි දැන් මේ පහල ටොරන්ට් ලින්ක් එකෙන් මේ Sound Fix අප්ඩේට් එක බාගෙන, ඒ ෆෝල්ඩර් එක ඇතුලේ තියන සියලුම ෆයිල් ටික ඔයා ගේම් එක ඉන්ස්ටෝල් කරපු තැනට කොපි පේස්ට් කරන්න. 



[Sound Fix]

    දැන් ගේම් එක ඕපන් කරලා බලන්න Sound වැඩද කියලා. මට නම් ඔය අප්ඩේට් එක නියමට වැඩ කලා. වැඩේ හරිගියා නම් කොමෙන්ට් පාරක් දාලා යන්න අමතක් කරන්න එපා!

Saturday, December 08, 2012

Black OPS 2 Crack කරමු


    මේ දවස් වල ගේම් පිස්සන් වැඩියෙන් කථා බහා වෙන ගේම් එක Black OPS 2. Call of Duty පවුලේ අලුත්ම සාමාජිකයා. කොහොමහරි ඊයේ තමයි වේලාවක් සෙට් වුනේ ගේම් එක ගහන්න. හැබයි ගේම් එකත් එදාම ඉවර වුනා. ගේම් එකේ campaign එක ඉවර කරන්න ගියේ පැය 7ක් වගේ. හැබයි ඒ වුනාට ගේම් එක ලේසි නෑ. මේ ගේම් එක පාරක් ඉවර කරලත් මදි වගේ. මොකද Black OPS 2 ගේම් එකේ අපි ගේම් එක play කරන විදිය අනුව ගේම් එකේ story එක, ගේම් එකේ අවසානය වෙනස් වෙනවා. ඇත්තටම සිරා ගේම් එක. මම නම් වැඩියෙන්ම කැමති weapons වලට. වසර 2025 දී කිව්වම ඉතින් කොයි වගේද කියලා කියන්න ඕනේ නෑනේ!    

     කොහොම වුනත් BO 2 වලට තාම හරි crack එකක් නෑ. install කරන විදිය ඇහුවම කලකිරෙනවා. ගොඩක්අය crack වැඩ නෑ කියනවා.  ඒ කට්ටිය මේ විදියට try කරලා බලන්න.

[1] මුලින්ම ඔයාගේ මැෂින් එක Steam දාලා තියෙන්න ඕනා.

[2] ගේම් එක සාමාන්‍ය විදියට ඉන්ස්ටෝල් කරලා තියන්න.

[3] දැන් මේ  Black OPS 2 update එක බාගන්න. (60mb ටොරෙන්ට් ෆයිල් එකක්)   

[4] ඒ බාගත්තු update එක install කරන්න. 

[5] දැන් ඔයා බාපු update folder එක ඇතුලේ SKIDROW කියලා folder එකක් ඇති. එකේ ඇතුලේ තියන සියලුම ෆයිල් ටික, ගේම් එක ඉන්ස්ටෝල් කරපු තැනට copy කරන්න.

[6] දැන් control panel එකේ windows firewall එකට යන්න. එතන advance setting ක්ලික් කරන්න.

[7] ඊළඟට එන වින්ඩොව් එකේ වම් පැත්තේ Inbound Rules සිලේක්ට් කර, දකුණු පැත්තේ තියන New Rule.. ක්ලික් කරන්න.


[8] හරි දැන් මේ විදයට කරන්න.
      (a) එතන program යන්න සිලෙක්ට් කර next කරන්න.
      (b) දැන් ඔයාගේ ගේම් එක ඉන්ස්ටෝල් කරපු තැන ඇති  t6sp.exe එකේ parth එක ලබා දී next කරන්න.
      (c) Block the connection යන්න සිලෙක්ට් කර next කරන්න.
      (d) domain, private, public යන තුනම ටික් කර next කරන්න.
      (e) ඔබ කැමති නමක් ඇතුලත් කර finish කරන්න. eg- black ops 2

ඔයා වැඩේ හරියට කලා නම් මේ විදියට එන්න ඕනේ.

  [9] දැන් ඔයා නැවත Outbound Rules සිලේක්ට් කර New Rule ගොස් අපි 8 වෙනි step කරපු සියල්ල ඒ විදියටම කරන්න.

[10] ඔතනින් වැඩේ ඉවරයි. දැන් ගේම් එක Run as administrator වලින් ඕපන් කරලා බලන්න. අනිවා වැඩ වෙන්න ඕනේ. 

     එත් හරි ගියේ නැත්නම් මේ crack එක කොපි කරලා බලන්න. මිට අමතරව ඔයාලා මැෂින් එකට අමතර firewall දාලා තියනවනම් පොඩ්ඩකට නතර කරන්න. සමහර වෙලාවට virus gard එක කේස් දාන්න පුළුවන්. එහෙම වුනොත් පොඩ්ඩකට නතර කරන්න.

    ඔයාලට ගේම් එක ගහන්න කලින් BO 2 එකේ ස්ටොරිය ගැන දැනගන්න Elakiri එකේ දාලා තිබුණු මේ ලිපිය කියවන්න පුළුවන්. හැබයි සමහරු කැමති නෑ ගේම් එක ගහන්න කලින් ස්ටොරිය දැන ගන්න. එත් මම නම් කියන්නේ එක පාරින් ගොඩ යන්න ඕනේ නම් BO 2 ස්ටොරිය කලින් දැන ගෙන ඉන්න එක වඩා හොදයි. නැත්නම් අනිවාර්යෙන් ඔයාට ගේම් එක හරියට ඉවර කරන්න 3න් පාරක් වත් ගේම් එක ඉවර කරන්න වෙවී. මොකද මන් කලිනුත් කිව්වා අපි ගේම් එක ප්ලේ කරන විදිය අනුව, අපි ගන්න තීරණ අනුව ගේම් එකේ අවසානය සම්පුර්ණයෙන් වෙනස් වෙනවා.     

Thursday, December 06, 2012

Call of Duty Modern Warfare 3 Online සෙල්ලම් කරමු.


    ඇත්තටම මේ පොස්ට් එක දාන්න ගොඩක් කල් ගියා. වැඩත් එක්ක දැන් බ්ලොග් එක පැත්තේ එන්න වෙලාවකුත් නෑ. අඩුම තරමේ ආසාවට Black Ops 2 play කරන්න හම්බුනේවත් නෑ. කොහොමහරි අද වේලාවක් සෙට් වුනා. මේ ලිපිය Modern Warfare 3 Online සෙල්ලම් කරන විදියයි. දැනටමත් ඔයාලා ගොඩක් දෙනෙක් මේක දන්නවත් ඇති. නමුත් තාමත් MW 3 Online සෙල්ලම් කරලා නැති කට්ටිය වෙනුවෙන් මේ ලිපිය ඉදිරිපත් කරනවා. ඇත්තටම මුලින් මතක් කරන්න ඕනේ මේ ගැන කරුණු මම දැනගත්තේ ElaKiri Community එකේ blue_in_rio යාළුවා ලියපු thread එකෙන්. එයාට ස්තුති වන්ත වෙන ගමන් අපි වෙනදා වගේ වැඩේ පටන් ගමු.

[1] මුලින් ගේම් එක ඔයා pc එකට install කරලා ඉන්න.

[2] හැමදේටම කලින් ඔයා ගේම් එක 1.4.382 වර්ෂන් එකට update කරන්න ඕනේ. ඒ patch එක මෙතනින් බාගන්න.

[3] බාගත්තු rar ෆයිල් එක extract කරලා, එහි සියලුම ෆයිල් ටික ඔයා කලින් ගේම් install කරපු තැනට replace කරන්න. 

[4] දැන් online play කරන්න අවශ්‍ය මේ ෆයිල් එක බාගන්න. TeknoMW3 2.7.0.1

[5] බාගත්තු rar ෆයිල් එක extract කරලා, ඔයා කලින් ගේම් install කරපු තැනට කොපි පේස්ට් කරන්න.

[6] දැන් එතන TeknoMW3.exe කියලා ෆයිල් එකක් ඇති. එක Run as administrator එකෙන් ඕපන් කරන්න.

[7] එතනදී පළමු වතාවට TeknoMW3.exe එක ඔපෙන් කරද්දී ඔයාට name එකක් දෙන්න කියනවා. ඔයා කැමති නමක් ඇතුලත් කරන්න. 

[8] ඊට පස්සේ ඔයාට පෙන වින්ඩොව් එකේ "Multiplayer" කියලා බට්න් එකක් ඇති. එක ක්ලික් කරන්න.

[9] එතනදී " Start (LAN/Online) " කියලා තව බට්න් එකක් ෂෝ වේවි. එක ක්ලික් කරන්න.

[10] දැන් ඉතින් ඔයා ගේම් එක ඇතුලේ. වෙනදා විදියටම server එකක් search කරලා සෙල්ලම් කරන්න පුළුවන්.

Saturday, October 06, 2012

Call Of Duty Black OPS Offline Multiplayer සෙල්ලම් කරමු

    Call Of Duty Offline Multiplayer ගැන මම කලින් ලිපි 2ක් ලිව්වා. ඒ නිසා දැන් ඒ ගැන ලොකු හැඳින්වීමක් කරන්නේ නෑ. අද එහෙනම් Offline කුප්පියේ ඊළඟ කොටසට යමු. Black OPS.. අපි කවුරුත් වගේ දන්න ගේම් එකක්. COD series එකේ හොඳම ස්ටොරිය තියන ගේම් කියලා කිව්වත් වැරදි නැහැ. ගේම් ඒක සෙල්ලම් කරද්දී හරියට ෆිල්ම් එකක් බලනවා වගේ. ඒ තරම් හොඳට කතාව ගොඩනගලා තියනවා. හරි දැන් බලමු මේ ගේම් එකේ Offline Bot Mod ඒක දාන හැටි. වැඩේ ටිකක් අමාරුයි. ඒක නිසා හරියටම step by step යමු.

[1] මුලින්ම ඔයා මැෂින් එකට "Steam" ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනේ. තියන කට්ටිය අයේ දාන්න ඕනේ නෑ. අනිත් අය මෙතනින් සොෆ්ට්වේයා ඒක බාගෙන එකවුන්ට් එකක් හදාගන්න.

[2] Steam ඉන්ස්ටෝල් කරාට පස්සේ මෙන්න මේ path එකට Black OPS ගේම් ඒක ඉන්ස්ටෝල් කරන්න. 

 " C:\Program Files\Steam\steamapps\common\call of duty black ops "

දැනටමත් ගේම් ඒක ඉන්ස්ටෝල් කරලා නම් එතනට ගේම් ඒක move කරන්න. "common" කියලා ෆෝල්ඩර් එකක් නැත්නම් අලුතෙන් එකක් හදන්න. Steam ඉන්ස්ටෝල් කිරීම C:\ එකටම වෙන්න ඕනේ නෑ ඉඩ තියන පාටිෂන් එකකට ඉන්ස්ටෝල් කරන්න පුළුවන්.

[3] මෙතනින් " Black ops BOT. rar " ඒක බාගෙන, එක්ස්ට්‍රැක්ට් කරගන්න.

[4] එතැන තියන " Call.of.Duty.Black.Ops.Update.1.exe " ඒක ක්ලික් කරලා ගේම් ඒක අප්ඩේට් කරන්න.

[5] දැන් එතැනම තියන "BlackOpsMP" ෆෝල්ඩර් එකට යන්න. එතැන GreenLuma කියන ෆෝල්ඩර් ඒක හැර, අනෙක් ෆයිල් ටික ඔය ගේම් ඒක ඉන්ස්ටෝල් කරපු ෆෝල්ඩර් එකට කොපි පේස්ට් කරන්න.

" \Steam\steamapps\common\call of duty black ops\ "

[6] දැන් "GreenLuma" කියන ෆෝල්ඩර් ඒක ඇතුලේ තියන ෆයිල් ටික, Steam ෆෝල්ඩර් එකට කොපි පේස්ට් කරන්න.

" C:\Program Files\Steam "

[7] දැන් ඔයා කලින් එක්ස්ට්‍රැක්ට් කරපු ඒ ෆෝල්ඩර් ඒක ඇතුලෙම තියන "config_mp" CFG ෆයිල් ඒක මෙන්න මේ path එකට කොපි පේස්ට් කරන්න.

" \Steam\steamapps\common\call of duty black ops\players\ "

[8] හරි දැන් " GreenLuma.exe " ක්ලික් කරලා ඔයාගේ Steam එකවුන්ට් එකට log වෙන්න.

[9] log වුනාට පස්සේ Steam එකට ගේම් ඒක add කරන්න.  

[10] දැන් එතැනින් ගේම් ඒක ඕපන් කරන්න කලින්, ඔයා කලින් එක්ස්ට්‍රැක්ට් කරපු ෆයිල් ඒක ඇතුලේ තියන "Killstreaks Loader" ෆෝල්ඩර් එකට ගිහිල්ලා "ItsModsloader .exe" ඒක Run as Administrator වලින් ඕපන් කරන්න. ඒක ක්ලෝස් කරන්න නැතුව එහෙම්ම තියන්න.

(මේ 10 වෙනි step ඒක කිරීම අත්‍යවශයම නැත )

[11] දැන් ගේම් ඒක Steam එකෙන් ඕපන් කරන්න. 

[12] ගේම් එකේ Main Menu එකට ආවට පස්සේ keyboard එකේ Console button”~” එක press කරලා එතන මේ විදියට type කරලා enter කරන්න

" \map mp_cracked "

    දැන් ඉතින් ඔයාට මැප් ඒක ලෝඩ් වුනාට පස්සේ මරාගන්න තියෙන්නේ! ඔතන cracked කියන්නේ මැප් එකේ නම. වෙන මැප් එකක් සෙල්ලම් කරන්න ඕනේ නම්, වෙන මැප් එකක නමක් එතනට ටයිප් කරන්න. මැප් ලිස්ට් එකේ නෝට්පෑඩ් එකක් ඔයා අර ඩවුන්ලෝඩ් කරපු ෆෝල්ඩර් එකේ ඇති. මිට අමතරව Mod එකේ අනෙක් විස්තර එතැන " README INSTRUCTIONS "කියන නෝට්පෑඩ් එකේ ඇති. එහෙනම් කුප්පිය අවසානයි. වැඩේ හරි ගියානම් කොමෙන්ට් පාරක් දාලා යන්න.!  


Saturday, June 30, 2012

Call of Duty 6 Offline සෙල්ලම් කරමු


    මන් කලින් පොස්ට් එකක COD 4 Offline play කරන හැටි කිව්වා. මේ කියන්නේ COD 6 වල Offline play කරන විදියයි.  මම නම් ගොඩක් වේලාවට COD online play කරනවාට වඩා Offline play කරන්නේ. මොකද අපේ රටේ අධිවේගී අන්තර්ජාල සේවා නිසා ලැබෙන high ping එකයි, server වලින් kick කිරීම් වලින් නිකන් ඇඟේ ලේ රත් වෙන එක විතරයි වෙන්නේ.

    COD  6 Offline එකේ ඉන්න BOTS ලා COD 4 එකේ හිටපු BOTS ලට වඩා සැහෙන්න Intelligent. එක ඔයාලට Free For All, Capture The Flag වගේ Match play කරද්දි හොඳට දැනේවි. හැබයි මේ Offline Multiplayer එක වැඩ කරන්නේ COD 6 Alteriwnet version එකට විතරයි. ඒ ගැන මන් කලින් පොස්ට් එකක් දාලා තියනවා. මෙතනින් ඒ ලිපිය බලන්න. එහෙනම්  දැන් වැඩේ පටන් ගමු.

[1] මුලින් මේ Retarded(Smarter)EnemiesV10.rar කියන file එක බාගන්න.

[2] ඒ file එක extract කරලා, "RSE" කියන folder එක copy කර ගන්න.

[3] copy කර ගත්තු RSE folder එක, COD 6 game folder එක ඇතුලේ තියන "mods" කියන folder එක ඇතුලට paste කරන්න.  

[4] දැන් "iw4mp.exe" එක click කරලා game එක open කරන්න. 

[5] Game එකේ Main menu එකට ආවට පස්සේ Play select කරලා "Private Match" menu එක click කරන්න.

[6] දැන් game එක "Minimize" කරන්න. එතකොට ලැබෙන "Console" එකේ, පහල තියන code එක copy කරලා paste කරන්න හෝ type කරන්න. (1 රූපය)
                        
                       fs_game mods/RSE;vid_restart
                       
 (මේ code එක ඉහත RAR file එකේ Readme කියන Notepad එකෙත් තිබේ)
 (මතක ඇතුව Private Match කියන menu එක ඇතුලට ගියාට පසු game එක Minimize කරන්න)

[7] ඊට පසු Game එක Restart වී නැවත Private Match කියන menu එකට ඒවි. දැන් තියෙන්නේ අවශ්‍ය පරිදි Private Match එකක් සකසා ගෙන "Start Game" click කිරීමයි.

[8] Match එක පටන් ගත් පසු "5" ඉලක්කම press කර "BOT Menu" එක open කරන්න. එහිදී අවශ්‍ය පරදී BOTS ලා add කර ගත හැක.

    ඔතනින් case එක ඉවරයි. මේකෙන් ඔයාලට Rank/Weapons Upgrade කරන්න  පුළුවන්. බය වෙන්න දෙයක් නෑ මේ Offline ක්‍රමයට Rank Upgrade උනාට කිසිම අවුලක් නෑ. අහු වෙන්නෙත් නෑ. වැඩේ හරි ගියා නම comment පහරක් දලා යන්න.

Screen Shots

                                                                   (1 රූපය)