A.T.M | නිහඬ රාත්‍රිය ~ CybeR TubE

Saturday, July 14, 2012

A.T.M | නිහඬ රාත්‍රිය


    හුඟ කාලෙකින් Horror ෆිල්ම් එකක් දුන්නේ නැති නිසා කට්ටියට අමුතුම විදියේ  Horror එකක් ගේනවා. මේක ගොඩක් දෙනෙක් තාම බලලා නැතුව ඇති කියලා හිතලා තමයි මේ පොස්ට් එක දාන්නේ. මේ ෆිල්ම් එකේ අවතාර ,බුත දර්ශන, කැපිලි කෙටිලි වගේ ඒවා නොතිබුනත් ෆිල්ම් එක පුරාවටම නොතේරෙන අමුතු ගුප්ත බවක් තියනවා. එක ඔයාලට ෆිල්ම් එක බලනකොට තේරවි.
    කතාවේ ආරම්භය කෙටියෙන් කියනවානම් David නැමැත්තෙකු තම පෙම්වතිය වු Emily ඇයගේ නිවසට ඇරලීමට ඉදිපත් වේ. මේ ගමනේදී David ගේ හොඳම යහළුවා වු Corey ද එක්වෙයි. අවාසනාවකට ඔවුන්ට ඒ ගමන යාමට සිදු වන්නේ අධික ශීතලෙන් යුත් මැදියම් රාත්‍රියක වේ. David ගේ මිතුරා වු Corey තරමක් සෙල්ලක් කාරයෙකි. ඔහු ගමන අතරතුර තමන්ට ATM එකෙන් මුදල් ගැනීමට අවශ්‍ය බව කියමින් තරමක් පාලු ප්‍රදේශයක තිබෙන ATM එකකට ගොඩවදී. මුදල් ගැනීමේ ඇති වූ ප්‍රශ්නයක් හේතුවෙන් තිදෙනාම ATM room එක තුල මිනිත්තු කිහිපයක් ගත කරයි. අවසානයේ මුදල් ගත් පසු ඔවුන් ATM room එකෙන් පිටවීමට යාමේදී, ඔවුන්ට යාර කිහිපයක් ඉදිරියෙන් නොසෙල්වෙන අඳුරු මිනිස් චයාවක් දිස්වෙයි. ඒ අඳුරු චායාව කවරෙක්ද? ආත්ම ගන්න ආව යක්‍ෂයෙක්ද? නැතිනම් මංකොල්ලකාරයෙක්ගේද? ඔවුන් තිදෙනාට ගැලවීමක් ලැබෙයිද? මේ සියල්ල නිහඬ අඳුරු සීතල රාත්‍රිය තුල තීරණය වනු ඇත.


                                                              (300MB)

0 comments:

Post a Comment