NVIDIA GTX 750 ගැන දැන ගනිමු ~ CybeR TubE

Monday, January 12, 2015

NVIDIA GTX 750 ගැන දැන ගනිමු


ඔයලා දන්නවා අද කාලෙ එන Game එකක් සාමන්‍යෙන් හොදට play කරන්න ඕනෙනම් NVIDIA GTX කාඩ් එකක් නැත්තම් R7 250x එකක්වත් ඕනෙනෙ. ඒ නිසා අද ටිකක් හොද කාඩ් දෙකක් ගැන කතාකරන්න ඕනෙ කියලා හිතුනා.
මේ කාඩ් දෙක Performance අතින් ඉතාමත් කිට්ටුයි. හැබැයි මේ කාඩ් දෙකේ ලොකු වෙනස්කම් කිහිපයකුත් තියෙනවා.

මුලින්ම මේක කියන්න ඕනෙ,
ඔයාල දන්නවා GTX 750 ගෙ සහෝදරයා GTX 750 Ti. කට්ටිය හුගක් මේ කාඩ් දෙක මිලට ගන්න නැඹුරු වීම අඩුයි. හුගක් අය හිතන් ඉන්නවා, මේ දෙකටම වඩා මිලෙන් අඩු R7 260x කාඩ් එක මේ දෙකටම වඩා Performance වැඩියි කියලා. ඒක වැරදියි.

Gaming Performance අතින් R7 260x කාඩ් එක GTX 750 පහුකරලා තියෙන්නෙත් සුලු වශයෙන්. හරියටම තියෙන්නෙ මෙහෙම.


 GTX 750 < R7 260x < GTX 750 Ti 

NVIDIA ලාගෙ අලුත්ම ''Maxwell'' ආකෘතිය යොදාගෙන මුලින්ම හදපු කාඩ් දෙක තමයි GTX 750 සහ GTX 750 Ti කියන්නෙ. මේ ආකෘතිය නිසා හුගක් අඩු Power එකකින් සිතාගත නොහැකි Performance ලබගන්න පුලුවන් වෙලා තියෙනවා.

Ex:-
ඉස්සර තිබ්බ පට්ටම VGA එකක් තමයි GTX 480 කියන්නෙ [තාමත් සුපිරි] ඒකෙ Performance GTX 750 වඩා අඩු වුණත් 6pin Connectors දෙකකින් යුත් 550W වත් Power Supply එකක් ඕනෙ. ඒත් GTX 750 සහ
GTX 750 Ti එකට ඕනෙ 300W Power supply එකක් පමණකි. කිසිදු 6pin Connector එකක් අවශ්‍ය නැත. 

හුගක් අය මෙතනින් ගෙදර විදුලි බිලට ලැබෙන වාසිය ගැන හිතනනෙ නෑ.
ඔව් ඉතින් ලයිට් බිල යන්නෙ තාත්තගෙ පොකැට් එකෙන් නේ. :p

එහෙම නෙමේ මචන් එතනින් සැළකිය යුතු වාසියක් තියෙනවා..

ඔය වගේම තමා R7 260x එකත්. එයාව දුවන්නත් Minimum 115W විතර ඕනෙ. ඒ කියන්නෙ 500W Power Supply එකක්වත් ඕනෙ. වෙනස තෙරෙනවානේ..

කෙනෙක් අහුවොත් මචන් 20කට විතර ගන්න පුලුවන් හොදම කාඩ් එක මොකක්ද?කියලා.. හුගක් අය කියන්නෙ R7 260x කියලා. මාත් කියන්නෙ එහෙම තමා.

ඒත් එහෙම කියන ටිකක් සාධාරණ නැහැ නේද?

GTX 750 සමහරවිට R7 260x එකට වඩා Rs.1000 ක් විතර වැඩි වෙන්නත් පුළුවන්. ඒත් ඒ Rs.1000 ලියිට් බිලට කැපිලා යනවා කියලයි මට හිතෙන්නෙ.


-ඇල් ටොරීටෝ-

මේ ලිපිය සමහර තැන් වලට මමත් කොටස් එකතු කළා. වැරදි අඩු පාඩු ඇත්නම් හෝ එකතු කරන්න දේවල් තියනවානම් පහලින් කොමෙන්ට් කරන්න.

 

1 comment: