Call of Duty 4 "iw3mp error" එක FIX කරමු. ~ CybeR TubE

Wednesday, December 21, 2011

Call of Duty 4 "iw3mp error" එක FIX කරමු.


බලන්න ඔයාලටත් call of duty 4 වල මේ වගේ error එකක් එනවද කියලා.


 මේ error එක එන්නේ COD 4 multiplay exe එකේ. මේ error එක මගේ යාළුවන් දෙතුන් දෙනෙකුටම ඇවිල්ලා තිබුනා. ඒ නිසා මේ error එක fix කරන විදිය දැම්මනම් හොදයි කියලා මට හිතුනා. මේ error එක එච්චර ලොකු කෙස් එකක් නෙමයි. Audio drivers වල පොඩි අවුලක් නිසයි එන්නේ. හරි එහෙනම් fix කරන විදිය බලමු. ( මුලින් ඔයාලා machine එකට audio drivers install කරලා නැත්නම්, එක install කරලා ඉන්න.)

1) Control Panel වෙත යන්න.
 
2) එහි ඇති "Sound" කියන icon එක click කරන්න.
 
3) එකේ "Recording" කියන ටැබ් එක click කරන්න.
 
4) දැන් ඊට යටින් right click කරලා "Show Disabled Devices" click කරන්න.
 
5) දැන් "Stereo Mix"කියලා අලුත් icon එකක් පෙනේවි.එක right click කරලා "Enable" කරන්න.


දැන් වැඩේ ඉවරයි. iw3mp.exe එක click කරලා බලන්න වැඩද කියලා. අනිවා වැඩ කරන්න ඕනේ. ඔයාලත් COD 4 වල මේ වගේ errors තියනවනම්, අපේ Facebook fan page එකට ලියන්න. 

3 comments: