App Locker II - ඇන්ඩ්රෝඉඩ් වැඩ ~ CybeR TubE

Thursday, July 26, 2012

App Locker II - ඇන්ඩ්රෝඉඩ් වැඩ


    ඇත්තම කියනවානම් මේ app එක මට ගොඩක් ප්‍රයෝජන වෙච්ච app එකක්. මොකද කියනවානම් මගේ phone එකේ ආයුෂ වැඩි කරගන්න මේ app එක මට උදව් වුනා. app එක නම් මට හම්බවෙලා ටිකක් කල්. ඒ වගේම හම්බුනෙත් අහම්බෙන් වගේ. මුලින්ම එකට හේතු භූත වුණු කතා වස්තුව මන් කියලා ඉන්නම්.

"යටගිය දවස පැන්ඩෝරා නුවර අපේ ගෙදරට එන යන පොඩි එවුන් මගේ ජංගම දුරකතනයෙන් ගේම්ස් play  කිරීමට පුරුදු වී සිටියේය. ඔවුන් විසින් රබන් ගසනවා සේ මගේ ෆෝනයේ display එකට තලනු දැකීම මගේ මහත් සන්තාපයට හේතු විය. මා විසින් ෆෝනය දීම ප්‍රතික්ෂේප කල විට ඔවුන් විසින් හඬමින්, බිම පෙරළෙමින් වැළපෙන්නට වුහ. එසේහෙයින් පසු දිනම අළුයම නැගිට මා හට පිහිට වීමට ඇති වෙබ් අඩවි අන්තර්ජාලය සිසාරා බැලුවේන් අවසානයේ ඇන්ඩ්රෝඉඩ් මාර්කට් එකේ මා හට පිහිට වීමට app එකක් ඇති බව මගේ සර්වඥයන් දුටුහ. පසු දින යක්ෂ පැටවුන් පැමිණ ගේම්ස් open කිරීමට තැත් කල හි නමුත් එසේ කල නොහැකිව ඔව්හු වෙහෙසට පත්ව මිරිකී ගියාහුහ. ෆෝනය කැඩි ගොස් ඇති බව මා ඔවුනට වදාලා සේක. බොඳ වූ දෙනෙතින් යුතුව යක්ෂ පැටවුන් මද තැනක් ගොස් අන්තර්දානව තමන්ගේ යක්ෂ පුරයටම නික්මුනාහුය."

    ඔන්න ඔහොමයි case එක වුනේ. මේ app එකේ විශේෂත්වය වෙන්නේ මේකෙන් apps lock කලාට, ඇත්තටම lock වෙලා කියලා හිතෙන්නේ නැති එකයි. මේකෙන් වෙන්නේ අපි ඒ lock කරපු app එක open කරාම fake error message එකක් ඇවිත් program එක close වීමයි. මේ නිසා ගොඩක් අය හිතන්නේ data corrupt වෙලා කියලා. ඒ වගේම මේකෙන් apps විතරක් නෙමයි phone එකේ තියන ඕනෙම program එකකට යොදා ගන්න පුළුවන්.

        

0 comments:

Post a Comment