Dota 2 Download කරමු ~ CybeR TubE

Tuesday, December 24, 2013

Dota 2 Download කරමු


   Dota 2 ගැන නෙට් එකේ සිංහලෙන් ගොඩක් දේ තිබුනාට කොහොමද මේක ගන්නේ කියන එක ගැන වැඩි සඳහනක් නෑ. එක නිසා තමයි මේ පොස්ට් එක ලියන්න හේතුව. දන්න අයටනම් මේ කියන ඒවා පොඩි දේවල්. මේ පොස්ට් එක දාන්නේ තාමත් dota 2 play කරලා නැති play කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට. 

   dota 2 කියන්නේ සම්පුර්ණයෙන් free download කරන්න පුළුවන් ගේම් එකක්. හැබයි පොතේ හැටියට ඒ කිව්වේ formal විදියට ගන්නවානම් මේ ගේම් එක අපි ගන්න ඕනේ Steam එකෙන්. කොහොම ගත්තාත් මේ ගේම් එක free. හරි බලමු දැන් මේ ගේම් එක බාගන්නේ කියලා. හැබයි මෙහෙම දෙයක් තියනවා, Dota 2 play කරන ඔයාගේ යාළුවෙක් ඉන්නවානම් මේ ගේම් එක download කරකර ඉන්න අවශ්‍ය නෑ. ඒ විදිය මන් අන්තිමට කියන්නම්. හරි දැන් ආයේ පරණ කතාවට. step by step යමු.  

[1] මුලින් Steam එකේ site එකට ගිහිල්ලා account එකක් හදා ගන්න ඕනේ. එකත් free! 

[2] දැන් Steam client එක ඔයාගේ මැෂින් එකට install කරන්න. 
Steam client (link)

[3] Steam client එක install කලාට පස්සේ ඔයා හදපු account එකට මැෂින් එකෙන් log වෙන්න. 

[4] හරි දැන් ඔයා install කරපු client එකේ උඩ හරියේ "Store" කියන ටැබ් එක click කරන්න. දැන් දකුණු පැත්තේ search bar එකක් පෙන්නාවි. එතන dota 2 කියලා type කරලා search කරන්න.


[5] දැන් dota 2 game එකේ detail ටික පෙන්නාවි. එතන ඇති "Play Game" කියලා, එක click කරන්න. 
[6] දැන් ගේම් එක download කරන්න ඕනේ තැන අනං මනං ටිකක් අහවි. ඒවා ටික fill කරලා download වෙන්න දාන්න. 4.5GB විතර යනවා වැඩේට.

මෙතනදී ඔයා එක දිගට download කරන්න අවශ්‍ය නෑ. pause කරලා අර torrent වගේ හෙමිහිට download කරන්න පුළුවන්. 

මන් කලින් කිව්වා නේ මෙහෙම download කර කර ඉන්න ඕනේ නෑ. වෙන ක්‍රමයක් තියනවා කියලා. හරි  ඔයාගේ යාළුවෙක් ඉන්නවානම් dota 2 play කරන, 8GB or 16GB pen එකක්(download වුනාටපස්සේ 7.5GB වගේ වෙනවා) අරන් එයාලගේ ගෙදර යන්න. දැන් එයා මැෂින් එකේ steam install කරලා ඇති folder එක හොයා ගන්න. ඒ folder එක ඇතුලේ මෙන්න මේ path එකට යන්න

SteamApps > common > dota 2 beta

ඔතන dota 2 beta කියන ෆෝල්ඩර් එක ඔයාගේ pen එකට දාගන්න. දැන් ගෙදර ඇවිල්ලා අර මන් උඩින් කියලා තියන හැම step එකම කරන්න. හැබයි අන්තිමට download කරන්න ආවම (ටිකක් download කරන්න) එක pause කරලා, අර ඔයා pen එකේ ගෙනාපු ෆෝල්ඩර් එක අර path එකට replace කරන්න.  දැන් steam client එකේ library ටැබ් එකේ වම් පැත්තේ dota 2 add වෙලා ඇති. එක right click කරලා properties යන්න. 

ඊළඟට එන window එකේ "local Files" කියන ටැබ් එකට යන්න. එතන යටම තියන "Verify Integrity of Game Cache" කියන එක click කරන්න. 


දැන් ඔයා අර manual දාපු file ටික check වේවි. ඊට පස්සේ ඔයාට සාමාන්‍ය විදියට game එක open කරන්න පුළුවන්. 

ඔතනින් download වෙන case එක ඉවරයි.  දැවෙන ප්‍රශ්න තියනවනම් පහලින් කොමෙන්ට් කරන්න.
   

0 comments:

Post a Comment