Gamer කෙනක් නම් Steam දා ගමු ~ CybeR TubE

Thursday, November 20, 2014

Gamer කෙනක් නම් Steam දා ගමු



     ඔන්න කාලෙකට පස්සේ ආයෙත් CybeR TubE වැඩ පටන් ගත්තා. අද හාහාපුරා කියලා පටන් ගන්න යන්නේ gaming lesson එකකින්. Steam ගැන කියන්න ලොකුම හේතුව සිංහලෙන් ඇති බ්ලොග් වල මේ ගැන ගොඩක් අඩුවෙන් තියන්නේ. එක නිසා steam ගැන මන් දන්න දේ මේ ලිපියෙන් ලියන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම කියන්න ඕනේ Steam ගොඩක් ප්‍රොයෝජනවත් වෙන්නේ ඔබ online gaming කරන කෙනක් නම් විතරයි. අනිත් කාරණය Steam අපේ වගේ රටවල ගොඩක්ම ජනප්‍රිය වුනේ DOTA 2 පරිගණක ක්‍රීඩාව නිසා. DOTA 2 කියන්නේ මන් දැනට play කරලා තියන හොඳම ගේම් එක කියලා කිව්වත් වැරදි නෑ. දන්නේ නැති කට්ටියට ඒ ගේම් එක සම්බන්ද කරුණු ඉදිරියේදී කියන්න බලාපොරොත්තු වෙනවා.


     හරි දැන් topic එකට ආයෙත් එමු. steam කියන්නේ online game platform එකක්. සරලව කියනවානම් එයාලා ඔබට ගේම්ස් නිත්‍යානුකුලව මිලදී ගැනීමට, ඒවා play කිරීමට, අදාලව community නිර්මාණය කර ගැනීමට අවශ්‍ය පහසුකම් සපයනවා. මේ සඳහා Steam Client software එක ඔයාලගේ pc එකේ install කරලා account එකක් හදා ගන්න වෙනවා. මන් කලින් කිව්වා වගේ steam එකෙන් ඔයාලට games buy කරන්න පුළුවන් සල්ලි වලට. ඔයා කැමති ඕනෙම ගේම් එකක් steam එකේ තියනවා. (සමහර පරණ ඒවා ඇරෙන්න). paypal / bank debit, credit card වලින් තමයි ගෙවන්නේ. genuine ම ගේම් එක තමයි මෙහෙදී ඔයාලට ලැබෙන්නේ. ආයේ crack කිරිලි මුකුත් නෑ. original server වලට බය නැතුව ගිහින් සෙල්ලම් කරන්නත් පුළුවන්. දළ අදහසක් ගන්න ජනප්‍රිය ගේම් වල මිල ගණන් ටිකක් දාන්නම්

 
Call of Duty: Advanced Warfare - $60
Call of Duty 4: Modern Warfare - $20 
Counter-Strike: Global Offensive - $15

     
අලුත් ගේම් නම් ටිකක් සැර වැඩි. හැබයි මෙයාලගේ ගොඩක් වේලාවට discount දෙනවා. සමහර වේලාවට 60%-80% දෙනවා. හිතා ගන්න පුළුවන්නේ කොච්චර අඩු වෙනවද කියලා. අනිවාර්යෙන් මේ දෙසැම්බර් එයාලා ගේම් sale එකක් දානවා නත්තල් නිසා. එතකොට පරණ ගේම් ගොඩක් අඩුවට ගන්න පුළුවන්. GTA IV full version එක ගියපාර $4 තිබ්බා. ඔන්න ඔහොමයි මිලදී ගැනීම් පැත්ත.

     
ගේම් සෙල්ලම් කිරීමේ පහසුකම් බැලුවොත් වැඩියෙන්ම වාසි තියෙන්නේ online play කරන කොට. මේකෙදි අපිට වෙනම FB profile වගේ steam profile එකක් හදන්න වෙනවා. ඊට පස්සේ යාලුවෝ add කර ගන්න. එයාලා එක්ක voice chat කරන්න, හවුලේ multiplay සෙල්ලම් කරන්න. group හදා ගන්න, photos /videos දාන්න පුළුවන් හරියට FB වගේ. ඒ වගේම cloud saving system එකක් තියෙන්නේ. ඒ නිසා format කලත්, වෙන PC එකක් ගත්තත්, මොනවා කලත් ඔයාගේ account එකට log වෙච්ච ගමන් ඔයාගේ ගේම් ටික නිකන්ම download වෙලා තිය්වී.

     
ඊළගට steam කෙකේ අපිටම කියලා market එකක් හදලා දීලා තියනවා. මේ ටිකක් ශෙයා මාර්කට් එක වගේ. steam එකේ සමහර ගේම්ස් වලට Item තියනවා. හරියට ඔය DOTA, Counter-Strike වගේ ඒවාට. item කියන්නේ ගේම් එකේ ආයුද, heroes ලා, outfit වගේ දේවල්. ඒවා අපි ගේම් එක සෙල්ලම් කරද්දීත් ලැබෙනවා. අපිට පුළුවන් මේ item market එකේ සල්ලි වලට විකුණන්න. හැබයි මේ සල්ලි අපේ අතට ගන්න බෑ. steam එකට සල්ලි දැම්මොත් ආයේ අතට ගන්න බෑ. හැබයි අපි උපයන සල්ලි වලින් steam එකේ ඇතුලේ දේවල් වලට වියදම් කරන්න පුළුවන්. හරියට ලංකාව නමින් හදපු paypal account එකක් වගේ. ඔය item වල මිල නිතර වෙනස් වෙනවා. ඒ හිනදා තමයි අපිට සල්ලි හොයන්න පුළුවන් කියලා කිව්වේ. අද ගොඩක් වේලාවට සමහරු කරන්නේ DOTA play කරනවට වඩා Trade කරන එක. මොකද එක ගොඩක් වාසි නිසා.
 

     ඒ වගේම ගොඩක් යාලුවෝ හදා ගන්නත් පුළුවන් steam වලින්. මගේ profile එකේ ලංකාවේ active friends විතරක් 100 වඩා ඉන්නවා. ඒ අය ඔක්කොමලා dota play කරන අය කිව්වොත් ඔයාලා පුදුම වේවි. ලංකාවේ ගොඩක් gamers ලා steam එකේ ඉන්නවා. ඔය ලංකාවේ group එකකට් join වුනා නම් gamer යාලුවෝ ටිකක් නික්නම් හදා ගන්න පුළුවන්.

     
අන්තිමට කියන්න ඕනේ steam එක ටිකක් data use කරනවා. මොකද නිතර ගේම් update, patch වෙනවා. එක නිසා ඔයා මොකක් හෝ ගේම් එකක් active use කරනවානම් අවම 15GB package එකවත් ඕනේ මේක නඩත්තු කර ගන්න. පහලින් කැමති කට්ටිය register වෙලා app එක download කර ගන්න.






Steam client (link)



0 comments:

Post a Comment