C drive එකේ Free Space එක වැඩි කරමු. ~ CybeR TubE

Thursday, November 20, 2014

C drive එකේ Free Space එක වැඩි කරමු.



කාලයක් යනකොට C drive එකේ ඉඩ ඇහිරිලා යනවා අපි දන්නෙම නැතුව. අපි install කරලා තියන app වගේ 4 ගුණයක් විතර ඉඩ ගිහිල්ලා පාටිෂන් එකේම. සමහර වේලාවට කොච්චර clean කරත් ඉඩ එන්නේ නෑ. ඔන්න ඔය case එකට මන් දන්න පොඩි trick එකක් තියනවා. C එකේ ඉඩ මදි වේලා ඉන්න කට්ටියට try කරලා බලන්න පුලවන්. 

[1] හරි. මේකට අපිට CCleaner app එක ඕනේ. හැමෝම මේ app එක දන්නවනේ. බාපු නැති කට්ටිය මෙතනින් බාගන්න. 


[2] දැන් CCleaner එකට ගිහින් Tools කියන tab එකට යන්න. එතන system restore කියන box එක click කරන්න.

[3] දැන් ඔයාට මේ වගේ window එකක් පෙනේවි. 


ඔතන ඔයාගේ මේ වගේ restore point ගොඩක් හැදිලා ඇති. එතැනින් ලඟදී එක ඇරෙන්න අනික් ඒවා ඔක්කොම remove කරලා දාන්න.  

දැන් C එකට ගිහින් බලන්න කොච්චර ඉඩ ඇවිල්ලද කියලා. මගේ නම් එක පාරක් 9GB විතර free වුනා. හැබයි ඔක්කොම delete කරන්න යන්න එපා. එකක් දෙකක් ඉතුරු කරාම ඇති. වැඩේ ගොඩ නම් කොමෙන්ට් එකක් දාලා යන්න.

 

0 comments:

Post a Comment