GTA 3 හොර වැඩ ~ CybeR TubE

Monday, September 03, 2012

GTA 3 හොර වැඩ


    සාමාන්‍යන් GTA වගේ ගේම් එකක් cheat නැතුව play කරන්නේ නෑ. කොටින්ම කියනවානම් cheat නැතුව මේ වගේ ගේම් එකක් සෙල්ලම් කලොත් මුළු ගේම් එකම ටික දවසකින් එපා වෙන්න ඉඩ තියනවා. එක නිසා GTA වගේ ගේම් එකකට cheats කියන්නේ නැතුවම බැරි ඖෂධයක්! හැබයි තාමත් ගොඩක් දෙනා cheat කරන්නේ පරණ තාලෙට. ඒ තමයි කොහෙන් හරි හොයා ගත්ත cheat වගයක් එක්කෝ කොලකැලි වල ලියාගෙන ගෙන හරි මතක තියාගෙන් හරි cheat type කරන ක්‍රමේ. අද කාලෙට ඔය වගේ ඒවා හරි යන්නේ නෑ. Trainer හරි Mods ක්‍රමය තමයි අද කලේ පරිගණක ක්‍රීඩා වල හොර කරන සුප්‍රකට ක්‍රම. එක නිසා GTA 3 හොර වැඩ කරන්න මම දෙන්නේ Trainer එකක්. ආයේ සතුරන්ගෙන් වෙඩිකමින් ටයිප් කර කර ඉන්න දෙයක් නෑ shortcut keys press කරලා cheats Active කරන්න තියෙන්නේ.

    හරි වැඩේ වෙන්නේ මෙහෙමයි. මුලින් පහල තියන zip ෆයිල් එක බාගෙන extract කරගන්න. ඊට පස්සේ ඒක ඇතුලේ තියන ෆයිල් ටික, ඔය ගේම් ඒක install කරපු ෆෝල්ඩර එකට කොපි කරන්න. දැන් එතනට අලුතෙන් කොපි වුනු "GTA3 Ultimate Trainer v3.exe" ඒක ක්ලික් කරලා cheats වල keys ටික බලාගන්න. ඊට පස්සේ එතනම තියන "Start GTA3" බට්න් ඒක ප්‍රෙස් කරලා, ගේම් ඒක play කරන අතරතුර අර බලාගත්තු keys ප්‍රෙස් කරලා cheat Active කරන්න පුළුවන්.

    ගේම් එකනම් ඇත්තටම හොඳයි. පරණ වුනාට ගේම් ස්ටොරිය ගොඩක් හොඳට තියනවා. පොඩි ප්‍රශ්නෙකට තිබුනේ ගේම් එකට Map එකක් නැති එකයි. ඒක නිසා ගේම් ඒක සම්පුර්ණ ඉවර කරන කෙනෙකුට වැදගත් ස්ථාන ඇතුලත් දළ Map සටහනකුත් පහල දාලා තියනවා. එහෙනම් පහලින් Trainer ඒක බා ගන්න.

http://adf.ly/uN6pi


 GTA 3 Full Map

                                                      (click on image to view full size)

0 comments:

Post a Comment