Galaxy Y ROOT කරමු ~ CybeR TubE

Saturday, May 12, 2012

Galaxy Y ROOT කරමු


    Galaxy Y කියන්නේ මේ දවස් වල කවුරුත් ගන්න ෆෝන් එකක්. මොකද අපි හැමෝටම තිස්,හතලිස්දහවල් දීලා ලොකු ලොකු ෆොන් ගන්න සල්ලි නෑ.. එක නිසා Galaxy Y කියන්නේ Budget ෆොන් එකක්. මන් හිතන්නේ  අඩු ගානට ගන්න පුළුවන් හොඳම Android ෆෝන් එක.. මන් කියන්නේ පෙනුම, හැඩය වගේ හැම අතින්ම බැලුවොත් Galaxy Y ෆෝන් එක ඉදිරියෙන් ඉන්නවා.
   අද මන් කියන්න යන්නේ Galaxy Y ෆොන් එක Root කරන හැටියි. ඇත්තටම මේක ගොඩක් දෙනා දන්නවා. Root කරනවා කියන්නේ ෆෝන් එකේ Administrative Access ලබා ගැනීමයි. සරලව කියනවානම් ෆොන් එකේ සම්පුර්ණ පාලනය ඔබ සතු කර ගැනීමයි. Root කරාම ඔයාට ෆට්ට application, games, roms, themes වගේ දේවල් ගේමක් නැතුව ෆෝන් එකට දාන්න පුළුවන්. කොටින්ම සමහර HD games පවා Galaxy Y ෆෝන් එකේ play කරන්න පුළුවන්. Root කිරීමේ විශේෂම වාසිය වන්නේ මේ නිසා custom roms දා ගන්න පුළුවන් එකයි. Root කරන්න කලින් ඔයාල එක දෙයක් මතක තියා ගන්න වෙනවා. මොකද Root කලාම ෆොන් එකේ warranty එක අවලංගු වෙනවා. එක නිසා Root කරන්න කැමති කට්ටිය විතරක් මේක කරන්න. හරි වෙනදා වගේ step by step යමු.

[1] මුලින්ම මේ file එක බා ගන්න. update.zip

[2] බා ගත්තු file එක ඔයාගේ ෆොන් එකේ SD Card එකට Copy කරන්න. (rename කිරීම හෝ folder ඇතුලට copy කරන්න යන්න  එපා.)

[3] දැන් ෆොන් එක off කරන්න.

[4] හරි දැන් ෆොන් එක Recovery mode එකට දන්නා ඕනා. එකට volume up + home button + power buttons එකට press කරන්න.

[5] ඊට පස්සේ ලැබෙන screen එකේ දෙවනුවට ඇති "apply update from sdcard" යන්න තෝරන්න.(මේහිදී ඉහල පහල යාමට volume keys ද, select කිරීමට Home key එකද බාවිතා කරන්න.) (1 රූපය)

[6] ඉන් පසු ලැබෙන screen එකේ ඔයාගේ SD Card එක browse වේවි. එහිදී update.zip file එක select කරන්න.

[7] ඊට පසු ලැබෙන screen එකේ "reboot system now" තෝරන්න.

[8] හරි දැන් වැඩේ ඉවරයි. ඔය වැඩේ හරියට කල නම් "Super User" කියලා icon එකක් menu එකට ඇවිල්ලා  ඇති.(2 රූපය)



Screen Shots


                                               (1 රූපය)

                                              (2 රූපය)  

9 comments:

  1. Haha Ela Ela... Niyamai.. Mama mage phone eka root kara ;)).. Thank u sooo much... Warranty tiyanawa Eth no prob..

    ReplyDelete
  2. නැහැ. හැබයි ඔය step ටිකම තමයි. වෙනස් වෙන්නේ update file එක විතරයි.

    ReplyDelete
  3. xperia x8 Root කරන හැටිත් පුළුවන්නම් කියලා දෙන්න.

    ReplyDelete
  4. k bro.. මම බලන්නම්!

    ReplyDelete
  5. machan mage phone eka lg e400 ekak eke reovery mode eka ganna bahane mokak karalawath oya button press karahama phone eka reset wenawa

    ReplyDelete
  6. මචන් ඔයාගේ LG ෆෝන් reovery mode ගන්නේ Home key + Volume down key + Power key. සමහරවිට ඔයා "volume up" වෙන්න ඇති ප්‍රෙස් කරන්න ඇත්තේ. පොඩ්ඩක් අපහු ට්‍රයි කරලා බලන්න.

    Home key + Volume down key + Power key

    ReplyDelete