Galaxy ACE ROOT කරමු. ~ CybeR TubE

Friday, October 19, 2012

Galaxy ACE ROOT කරමු.

    අද මන් කියන්න යන්නේ Galaxy ACE ෆෝන් ඒක ROOT කරන විදිය. මොකද මේ දවස් වල ගොඩක් දෙනෙක් අතේ ගැවසෙන ෆෝන් එකක් නේ..! බලමු කොහොමද ROOT කරන්නේ කියලා. වැඩේ හරිම ලේසියි. හරියටම Galaxy Y ඒක ROOT විදියටම තමයි මේ ෆෝන් එකත් ROOT කරන්නේ. හරි එහෙනම් වැඩි කථා නැතුව වැඩේට බහිමු..! 

[1] මුලින්ම මේ file එක බා ගන්න. upd_1.zip

[2] බා ගත්තු file එක ඒ විදියටම ඔයාගේ ෆොන් එකේ SD Card එකට Copy කරන්න. (rename කිරීම හෝ folder ඇතුලට copy කරන්න යන්න  එපා.)

[3] දැන් ෆොන් එක off කරන්න.

[4] හරි දැන් ෆොන් එක Recovery mode එකට දන්නා ඕනා. එකට volume up + home button + power buttons එකට press කරන්න.

[5] ඊට පස්සේ ලැබෙන screen එකේ දෙවනුවට ඇති "apply update from sdcard" යන්න තෝරන්න.(මේහිදී ඉහල පහල යාමට volume keys ද, select කිරීමට Home key එකද බාවිතා කරන්න.)

[6] ඉන් පසු ලැබෙන screen එකේ ඔයාගේ SD Card එක browse වේවි. එහිදී upd_1.zip කියන file එක select කරන්න.

[7] ඊට පසු ලැබෙන screen එකේ "reboot system now" තෝරන්න. 

[8] හරි දැන් වැඩේ ඉවරයි. ඔය වැඩේ හරියට කලා නම් "Super User" කියලා icon එකක් menu එකට ඇවිල්ලා  ඇති.

    මතක තියා ගන්න ROOT කිරීම තරමක් අවදානම් වැඩක්. ඒක නිසා කැමති කට්ටිය විතරක් මේ දේ කරන්න. Root කිරීමේ අවදානම පිලිබඳ වගකීම මේ බ්ලොග් අඩවිය දරන්නේ නැත. 


2 comments:

  1. meke update wena version1 mokakda?

    ReplyDelete
  2. root කලාට ෆෝන් එකේ update version ඒක වෙනස් වෙන්නේ නෑ මචන් .

    ReplyDelete