Company of Heroes | මෙන්න නියම strategy !! ~ CybeR TubE

Wednesday, March 20, 2013

Company of Heroes | මෙන්න නියම strategy !!


    මේ ඊයේ පෙරේදා ආපු Company of Heroes movie එක නිසා ඔයාලට මේ නම හුරු පුරුදු ඇති. හැබයි ගොඩ දෙනෙක් දන්නේ නෑ Company of Heroes කියලා "Game" එකක් තියනවා කියලා. මේ ගේම් එක මන් හිතන්නේ අපේ ගෙමර්ස් ලා අතරේ එතරම් ප්‍රසිද්ද නෑ කියලා හිතෙනවා. ගොඩක් ගේම්ස් ෂොප් වලත් මේ ගේම් එක හොයා ගන්න අමාරුයි. මටත් හම්බුනේ ටොරන්ට් එකෙන් බාපු සෙටප් එකක්. ඇත්තටම මේක සුපිරි ගේමක්. දැනට මන් play කරලා තියන මැක්සම strategy ය කියලා කියන්නත් පුළුවන්. ගේම් ස්ටොරිය නම් කියලා වැඩක් නෑ හොඳටම තියනවා. මේක දෙවන ලෝක යුද්දයේ සත්‍ය සිදුවීම් උපුටා ගෙන කරලා තියෙන්නේ. Call of Duty 2 එහෙම සෙල්ලම් කරපු අයට මේ ගේම් එකේ හොඳට හුරු පුරුදු mission ටිකක් හම්බ වේවි.

    ඔයා GameRanger භාවිතා කරනවානම් Company of Heroes online Multiplay සෙල්ලම් කරන්න පුළුවන්. මම නම් පවුද්ගලිකව වැඩියෙන්ම කැමති මේකේ online සෙල්ලම් කරන්න. නියම strategy ගතිය අතින් නම් ඔය ෆැන්ටසි ටයිප් Age of Empires/warcraft ට වඩා COH තාත්වික බව මගේ අදහසයි. 

    COH play කරන්න කලින් මුලින් එකේ basic Training කරලා ඉන්න. මොකද COH ටිකක් අමරුයි. මුල්ම mission එකේදිම ඔයාට තේරවි. අතපය කඩලා දාලා යුද පිටියට තල්ලු කිරීමේ ගතියක් මේ ගේම් එකේ තියනවා. එක නිසා ඉවසීමෙන් ගේම සෙල්ලම් කරන්න ඕනේ. අර ෆැන්ටසි ගේම් වල වගේ ලොකු හමුදාවක් හදාගෙන ගියාට වැඩක් නෑ, ඔයාට දිනන්න බෑ උපායශීලි වුනේ නැත්නම්. 

    මෙහෙදී Allies කණ්ඩායම විදියට ඇමරිකාවත්, Axis කණ්ඩායම විදියට ජර්මනියත් ඉන්නවා. ඇමරිකාව ගුවන් බලය අතින් ඉදිරියෙන් ඉන්න අතර ජර්මනිය බර අවි අතින් ඉදිරියෙන් ඉන්නවා. එක නිසා දෙපාර්ෂව සතු විශේෂ හැකිවන් ගැන හොඳ සැලකිල්ලකින් සෙල්ලම් කරන්න. 

පහල Torrent link එකෙන් COH බාගන්න.!!

http://adf.ly/uMnrI
[3.62 GB]
 

0 comments:

Post a Comment