GameRanger එකේ Firewall problem එක fix කරමු. ~ CybeR TubE

Wednesday, December 18, 2013

GameRanger එකේ Firewall problem එක fix කරමු.


සමහර වේලාවට GameRanger එකේ ගේම් එකක් host කරද්දී firewall error එකක් එනවා මෙන්න මේ විදියේ


මේ වේලාවට අපි continue කරලා ගේම් එක host කලාට අපේ අනෙක් යාළුවන්ට game room එකට connect වෙන්න බැරි කේස් එකක් එනවා. මේ කේස් එක තියෙන්නේ router එකේ. ඇත්තටම මේ error එක එන්නේ router එකේ UDP port 16000 open කරන්න කියලා. හරි එහෙනම් බලමු මේ port 16000 open කරන්නේ කියලා. හැබයි එක දෙයක් මේ steps ටික router එකෙන් router එකට වෙනස් වෙන්න පුලුවන්. මම මේකට ගන්නේ ගොඩක් දෙනා use කරන ZTE zxv10 w300 router එක. වෙනදා වගේ step by step යමු.

[1] ඔයාගේ browser එකේ address bar එකේ මේ විදියට type කරලා enter කරන්න.  192.168.1.1

[2] දැන් ඔයාලගෙන් username එකයි password එකයි අහවි. එතකොට ඒ දෙකටම admin කියල type කරලා enter කරන්න.

[3] දැන් ඔයාලා ඉන්නේ router එකේ settings වල. එතන තියන "Advanced Setup" කියන එක click කරන්න.


 [4] ඊළඟට "NAT" කියන එක click කරන්න


[5] ඊළඟට එතන පහළ තියන "Virtual Server" කියන එක click කරන්න.


[6] ඊළඟට එන window එකේ මෙන්න මේ image එකේ විදියට fill කරන්න.


Rule Index - 1
Application - Game Ranger
Protocol - UDP
Start Port Number - 16000
End Port Number - 16000
Local IP Address - 192.168.1.2

ඔය විදියට fill කරලා save කරන්න. හරියට කරා නම් මෙන්න මේ විදියට rule 1 යටතේ port එක open වෙලා තියේවි. 


දැන් router එක restart කරලා GameRanger එකෙන් host කරලා බලන්න අර error එක එනවද කියලා. සමහර වේලාවට ඔයා මැෂින් එකට දාලා තියනා firewall software නිසාත්  port එක open කරත් අර error එකම එන්න පුළුවන්. ඒ නිසා එහෙම firewall දාලා තියනවනම් ඒවා deactivate කරලා GameRanger එක open කරලා බලන්න.




4 comments:

  1. mee dongal eken host hadanna bedaaaaaaaaa

    ReplyDelete
  2. පුළුවන් බන්.. හැබයි පොඩි පොඩි කේස් තියනවා..

    ReplyDelete
  3. මට දැනගන්න ඕනා ඔයා අර දාලා තියෙන cod4 සවරය හදන එක ඩොන්ගල් එකකින් කරන්න පුලුවන්ද සහ අපි කොම්පූටරෙ ඔන් කරල නැති වෙලsාවටත් සවරය වැඩ කරනවද ???

    ReplyDelete
  4. mamath use karanne dongal ekka, dongal ekak use karala server ekak hadana widiha keala denna puluwanda

    ReplyDelete