CybeR TubE: Software
Showing posts with label Software. Show all posts
Showing posts with label Software. Show all posts

Wednesday, December 03, 2014

Photos වල Posh ගතිය ගමු




අපි හැමෝම වගේ FB එකට photos දාන්නේ edit කරලනේ. ඔයාලා දැකලා ඇති සමහර අයගේ, specially කෙල්ලන්ගේ photos වල අමුතුම color තියෙන්නේ. හරියට නිකන් instagram ටයිප් එකේ නමුත් ඊට වඩා effect දාපු. මට තාම හිතා ගන්න බෑ කෙල්ලෝ නම් edit කරන්නේ මොකකින්ද කියලා. මොකද ඇත්තට කපුටු පැටව් වගේ කෙල්ලෝ ෆට්ට photos FB එකේ දාන නිසා. ඒවා Photoshop වෙන්නත් බෑ, මොකද ඔය ගොඩක් කෙල්ලන්ට අඩුම තරමේ power point slide එකක් වත් හදා ගන්න බෑ. කොහොමහරි හොඳ පොෂ් ගතිය එන edit කරන්න පුළුවන් app එකක් මාත් හොයා ගත්තා. කට්ටියට try කරලා බලන්න පුළුවන්. මේ නිකන් picasa  විදියටම තමයි තියෙන්නේ ඒ නිසා තේරුම් ගන්න ලේසි. ඔයාට PC හෝ phone එකට මේ software එක install කර ගන්න පුළුවන්. phone app එකේ නම් effect ටිකක් වැඩියෙන් තියනවා. පහළින් download කර ගන්න. 


PC Download
http://adf.ly/uvGT4


Android
http://adf.ly/uvGce

Sample Picture


Friday, November 21, 2014

KMPlayer එකේ Gateway Advertising Box එක අයින් කරමු


මම නම් එදා ඉඳලම ෆිල්ම් බලන්නේ KMPlayer එකෙන්. අනිත් player එකක්වත් මට මේ තරම් අල්ලලා ගියේ නෑ. හැබයි කේස් එක මේ ලඟකදී ඉඳලා KMPlayer එකේ අලුත් update වල එන Gateway Advertising Box එක ෆට්ටම ඇණයක් වුනා. use කරන කට්ටිය මේක දන්නවා, පැත්තෙන් adfly වගේ කැල්ල. මන් setting වල හෙව්වා මේක off කරන්න කරන්න. හැබයි හම්බුනේ නෑ. ඊට පස්සේ මේ ක්‍රමේ හොයා ගත්තා. ඕනේ කට්ටිය මේක කරන්න. 

[1] ඔයාගේ Internet Explorer යන්න. 

[2] එකේ Tools ගිහින් Internet Options එකට යන්න. 

[3] "Security" tab එක click කරලා, "Restricted sites" යන්න තෝරන්න. ඒ යටතේ ඇති Sites කියන button එක click කරන්න.  


[4] දැන් එතැන ඇති box එකේ මේ විදියට type කරලා Add කරන්න. 

player.kmpmedia.net 

 
[5] දැන් ඒ ටික save කරලා internet explorer එක close කරලා KMPlayer එක open කරලා බලන්න.

වැඩේ හරිනම් ජය වේවා!



 

Thursday, November 20, 2014

C drive එකේ Free Space එක වැඩි කරමු.



කාලයක් යනකොට C drive එකේ ඉඩ ඇහිරිලා යනවා අපි දන්නෙම නැතුව. අපි install කරලා තියන app වගේ 4 ගුණයක් විතර ඉඩ ගිහිල්ලා පාටිෂන් එකේම. සමහර වේලාවට කොච්චර clean කරත් ඉඩ එන්නේ නෑ. ඔන්න ඔය case එකට මන් දන්න පොඩි trick එකක් තියනවා. C එකේ ඉඩ මදි වේලා ඉන්න කට්ටියට try කරලා බලන්න පුලවන්. 

[1] හරි. මේකට අපිට CCleaner app එක ඕනේ. හැමෝම මේ app එක දන්නවනේ. බාපු නැති කට්ටිය මෙතනින් බාගන්න. 


[2] දැන් CCleaner එකට ගිහින් Tools කියන tab එකට යන්න. එතන system restore කියන box එක click කරන්න.

[3] දැන් ඔයාට මේ වගේ window එකක් පෙනේවි. 


ඔතන ඔයාගේ මේ වගේ restore point ගොඩක් හැදිලා ඇති. එතැනින් ලඟදී එක ඇරෙන්න අනික් ඒවා ඔක්කොම remove කරලා දාන්න.  

දැන් C එකට ගිහින් බලන්න කොච්චර ඉඩ ඇවිල්ලද කියලා. මගේ නම් එක පාරක් 9GB විතර free වුනා. හැබයි ඔක්කොම delete කරන්න යන්න එපා. එකක් දෙකක් ඉතුරු කරාම ඇති. වැඩේ ගොඩ නම් කොමෙන්ට් එකක් දාලා යන්න.

 

Sunday, April 28, 2013

එකම window එකට tab කිහිපයක් එකතු කරමු!


    මේ app එක මට හම්බුනු සිරා ගැජට් එකක්. මගේ ෆ්‍රෙන්ඩේක් ගාව තියනවා දැකලා තමයි මේක ගැන දැන ගත්තේ. ඔයාලා දන්නවනේ windows මෙහෙයුම් පද්ධතියේ අපි මොනවා හරි දෙයක් ක්ලික් කලාම ඒ ඒ ඇප්ලිකේෂන් වලට අදාල වෙන වෙනම window open වෙනවා. උදහරණයක් විදියට අපි my computer එක open කරලා, my document එක open කලොත් ඒ දෙකට වෙන වෙනම window 2ක් open වෙනවා. නමුත් එහෙම නැතුව එකම window එකකට, tab විදියට ඒ හැම window එකක්ම open වෙනවනම් අපිට ගොඩක් පහසු වෙනවා. හරියට වෙබ් බ්‍රව්සර් එකක new tab open වෙන විදිය මතක් කරන්න. අන්න ඒ විදියට windows වලත් කරන්න පුළුවන් app එකක් තමයි මේ "Clover" කියන්නේ. කට්ටියට තාම මම කියපු දේ  පැහැදිලි මදි නම් මෙන්න මේ රූපය බලන්න. 


    බලන්න ඔය රූපයේ එකම window එකකට, තවත් window 3ක් tab විදියට එකතු කරලා තියන විදිය. හරියට වෙබ් බ්‍රව්සර් එකක් වගේ. ඔන්න ඔහොමයි සිද්දිය ඉතින්. කැමති කට්ටියට බාගෙන ටෙස්ට් පාරක් දාලා බලන්න පුළුවන්. මේ app එක windows 7 වගේම windows 8 එකටත් වැඩ. 

[2.5MB]   

Saturday, September 15, 2012

NetworX | බාපු ප්‍රමාණය බලාගන්න !


    මේ සොෆ්ට්වේයා එක හරියට DUMeter වගේ. එහි ඇති සියලු පහසුකම් වගේ මේ සොෆ්ට්වේයා එකේ ඇතුලත්. විශේෂයෙන්ම DUMeter වල ඇති Taskbar  එකට Desk band එකක් එකතු කිරීමේ හැකියාවද Networx එකේ ඇතුලත්. ඒ වගේම මේක අපිට නොමිලේ බාවිතා කරන්න ඉඩ ලබා දෙන සොෆ්ට්වේයා එකක්. අපේ රටේ ගොඩ දෙනෙකුට limited internet connection තියන නිසා මේ වගේ සොෆ්ට්වේයා වැදගත් වෙනවා. මොකද දැන් ගොඩක් ISP ලාගේ, අච්චර පැන්නා, දැන් මෙච්චර අයකරනවා හෝ බැල්ක්ලිස්ට් කරනවා වගේ කොන්දේසිත් තියන නිසා තමන්ගේ Usage එක හොඳින් කළමනාකරණය ගෙන ඉන්න එක ඇඟට ගුණදායකයි. හරි එහෙනම් පහලින් සොෆ්ට්වේයා එක බාගන්න!  


http://adf.ly/uMvgq

Screen Shots




Saturday, September 08, 2012

Desktop එක Record කරමුද?


    මේ සොෆ්ට්වේයා එකෙන් ඔයාගේ PC එකේ Desktop Activities වීඩියෝ එකක් විදියට රෙකෝඩ් කරන්න පුළුවන්. ඇත්තටම මේ සොෆ්ට්වේයා එක ගොඩක් වැදගත් වෙන්නේ වීඩියෝ ටියුටෝරියල් හදන කට්ටියට. මේ වගේ මිට වඩා ගොඩක් පහසුකම් තියන Screen රෙකෝඩ් කරන සොෆ්ට්වේයා ගොඩක් තියනවා. හැබයි ගොඩක් ඒවා Free දෙන්නේ නෑ. දන්නවනේ ක්‍රැක්, පැච් හොයන්න ගියාම ඉතින් කලකිරෙනවා. නමුත් මේ Cam Studio සොෆ්ට්වේයා එක ඔයාලට සම්පුර්ණ නොමිලේ දෙන එකක්. ඒවගේම පහසුවෙන් වැඩ කරන්න පුළුවන් සරලව තියන සොෆ්ට්වේයා එකක්. හැබයි මේ සොෆ්ට්වේයා එකෙන් ගේම්ස් වගේ ඒවා රෙකෝඩ් කරන්න බෑ. මොනවා කරන්නද, ඒවාට ඉතින් Fraps වගේ free දෙන්නේ නැති සොෆ්ට්වේයා තමයි හරියන්නේ. බලමුකෝ, එකෙත් අලුත් වර්ෂන් එකට හොඳ ක්‍රැක් එකක් හම්බුනොත් ඒ ගැනත් දාන්නම්. හරි එහෙනම් Cam Studio වල නවතම සංස්කරණය පහලින් බාගන්න! 

http://adf.ly/uN6gy
   

Sunday, September 02, 2012

PC එක Auto Shutdown කරමු


    අපිට අවශ්‍ය වේලාවට ස්වයංක්‍රියව පරිගණකය ෂට්ඩවුන් කරන්න පුළුවන් පොඩි ගජෙට් එකක් තමයි අද දෙන්න යන්නේ. මේ ගජෙට් එක අපිට ගොඩක් වැදගත්. උදාහරණයක් විදියට සාමාන්‍යයෙන් ටිකක් ලොකු ඩේටා ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් වෙලා ඉවර වෙනකන් අපිට බලන් ඉන්න බෑ. ඒ වේලාවට අපි කරන්නේ එක්කෝ නිදා ගන්න එක, නැත්නම් එලියට යන එකනේ. නමුත් ඔය අවස්ථා දෙකේදීම අපි නියම කාලයක් නොගන්න නිසා ගොඩක් වේලාවට වෙන්නේ එක ඩවුන්ලෝඩ් වෙලා මැෂින් එක නිකරුනේ පැය ගණන් වැඩ කරන එක. 

    මේ සොෆ්ට්වෙයා එකෙන් shutdown කිරීමට අමතරව Log off, Sleep, Hibernate කිරීමද ඇතුලත්. ඒ වගේම Windows 7 වල කිසිම සොෆ්ට්වෙයා එකක් නැතුවත් Tasks Scheduler එකෙන් මේ වැඩේ කරන්න පුළුවන්. නමුත් එක මේ තරම් සරලව පහසුවෙන් කරන්න බෑ. හැබයි ඒ හැම දෙයක්ම ලේසියෙන්,සරලව කරන්න මේ සොෆ්ට්වෙයා එකෙන් පුළුවන් කම ලැබෙනවා.

http://adf.ly/uN7Dm

Saturday, August 11, 2012

Firefox එකට ආරක්ෂාවක් දෙමු !


    අද මන් දෙන්න යන්නේ ෆයර්ෆොක්ස් බ්‍රවුසර් එකට ගොඩක් වැදගත් වන ඇඩෝන කිහිපයක්. ගොඩක් දෙනා දැන් ගූගල් ක්‍රෝම් පාවිච්චි කලත් මමනම් තාමත් වැඩිපුර පාවිච්චි කරන්නේ සුපුරුදු ෆයර්ෆොක්ස්. මොකද අනෙක් බ්‍රවුසර් වලට වඩා, භාවිතා කිරීමේ පහසුවක් මම ෆයර්ෆොක්ස් එකෙන් දකිනවා. නමුත් අඩුපාඩු නැතුවා නොවේ. ඉතින් අඩුපාඩු නැති සර්ව සම්පුර්ණ මොකවත් මේ ලෝකේ නෑනේ ! ලොල්. හරි එහෙනම් බලමු මේ වැදගත් ඇඩෝන ටික මොකද්ද කියලා. ඇත්තටම මම දෙන්න යන්නේ බ්‍රවුසර් එකේ ආරක්ෂාවට වැදගත් වන ඇඩෝන කිහිපයක්. මේවායෙන් ඔයාගේ මැෂින් එක හැකින්, ස්පැමින්, කී ලෝගර් වගේ දේවල් වලින් ආරක්ෂා වෙන්න උදව් වේවි. පහල ඇති අයිකොන් මත ක්ලික් කොට ඇඩෝන ටික බාගන්න.



Adblock Plus                                                 Flash Block




Ghostery                                                          Browser Protect



                                       
WOT - Safe Surfing




lastpass                                                 Adblock Plus Pop-up    


Firefox security and privacy tips 


Monday, July 30, 2012

WiseCleaner | නොමිලේ පිරිසිඳු කරගන්න.


    මම නම් කියන්නේ සමහර software crack patch කර ගෙන හිතේ දෙගිඩියාවෙන් use කරනවාට වඩා එවැනිම පහසුකම් සහිත නොමිලේ දෙන software හොයාගෙන use කරන එක වඩා සුබදායකයි. WiseCleaner කියන්නෙත් එවැනිම නොමිලේ ලබා දෙන System Tuning software එකක්. ඇත්තටම මට මේ software එකේ features දැක්කම නොමිලේ ලෙන එක ගැන පුදුම හිතුනා. ඒවගේම මෙච්චර කල් මම පාවිච්චි කරපු Advanced SystemCare, TuneUp වගේ ඒවා ඔක්කොම අත්හැරියා. හරියට බැලුවොත් ඒවායේත් කියන තරම් අමුතු දේකුත් නැහැ. නමේ ප්‍රසිද්දියට use කරනවා ඇරෙන්න. WiseCleaner එකත් එක්ක මට Free දෙන මේ වගේ ප්‍රයෝජනවත් software ගැන ලොකු උනන්දුවක් ඇතිවුනා. ඒවගේම තව මේ වගේ software කැලි හම්බවුනොත් ඉරියේදී දාන්න බලාපොරොත්තු වෙනවා.








   


Sunday, July 29, 2012

Windows 7 හොර කොපිය මාට්ටු වුනොත්..?


    ගොඩක් බ්ලොග් වල මේ ගැන ලිපි සඳහන් වෙලා තිබුනා. ඒ හොර කොපියක් කියලා අහු වුනොත් Windows Loader ඒකෙන අයෙත් Genuine කරන ක්‍රමය. නමුත් සමහර Windows 7 crack version හදිසියෙවත් හොර කොපියක් කියලා මාට්ටු වුනොත් Loader එකෙන් විතරක් ගොඩ දාන්න බැහැ. එතැනදී මෙන්න මේ ක්‍රමය ප්‍රයෝජනවත් වෙනවා.

[1] මුලින් ඔයාගේ Windows 7 කොපිය Trial version එකක් බවට පත් කර ගන්න.

[2] ඒ සඳහා මේ software එක භාවිතා කරන්න. MBR Regenerator

[3] දැන් ඒ application එක open කරලා පහලින් තියන "Start Regeneration System" click කරන්න.

[4] ඊට පස්සේ machine එක Restart වෙවී. (මෙහිදී Regeneration වීමට විනාඩි 15 විතර යන්න පුළුවන් ) 

[5] දැන් ඔයාට properties බැලුවම පෙනෙයි Trial version එකක් වෙලා කියලා.

[6] ඊලගට සාමාන්‍ය විදියට Loader එක දාලා Genuine කරන්න. Windows Loader v2.2.1

 Screen Shot



Tuesday, July 17, 2012

Windows 7 වලට මැක්සා Theme එකක් ^_*

                                              
    ඔන්න කට්ටියට මන් සුපිරිම Theme  එකක් ගේනවා Windows 7 වලට. උඩ තියෙන්නේ මගේ desktop එකේ ඊයේ ගත්තු screen shot එකක්. කට්ටියට දැන් හිතාගන්න පුළුවන්නේ! lol. ඔය software එක ටිකක් පරණ වුනත් තාම ගොඩක් දෙනෙක් දන්නේ නෑ. එක මට ඔය screen shot එක Facebook එකට දාපු වෙලේ ආපු message වලින් හිතා ගන්න පුළුවන් වුනා. එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු. හැමදාම වගේ step by step යමු.   

[1] මුලින් මේ software කෑල්ල බාගෙන Install කර ගන්න. Rainmeter.exe

[2] දැන් මේ Theme file එක බාගන්න. BlackLighT.rar

[3] ඔය බාගත්තු Theme file එක extract කරලා BlackLighT කියන folder එක copy කර ගන්න.

[4]  ඒ folder එක, C:\Users > Documents > Rainmeter > Skins > කියන folder එක ඇතුලට paste කරන්න.

[5] දැන් ඔයා Install කරපු Rainmeter software එක open කරන්න.

[6] එතන Skins කියන Tab යටතේ පහලින් ඔයාගේ Theme එක BlackLighT නමින් Active වෙලා ඇති. නැත්නම් පහලින් ඇති Refresh All button එක click කරන්න.

[7] දැන් එතන තියෙන BlackLighT folder එක click කරාම පහලට Tools ටික පෙන්නාවි. ඊට පස්සේ කැමති එකක් click කරලා Load කරන්න විතරයි තියෙන්නේ. (1 රූපය)

[8] තව පොඩි ගතියක් එන්න එක්ක මේ Dock Bar එකත් Install කර ගන්න.

    ඔතනින් වැඩ කිඩ ටික ඉවරයි. මතක ඇතුව 2 GB ram හෝ ඊට වඩා වැඩි Machine එකකට ඔය Theme එක දාන්න. නැත්නම් හිරවිලි, ගැස්සිලි වගේ ඒවා වෙන්න පුළුවන්. අනෙක් එක ඔය Theme එකේ ලස්සන තීරණය වෙන්නේ නිර්මාණශිලිව desktop එක customize කරන විදිය අනුවයි. ඔය තියන widgets ටික එහෙමෙහෙ කරලා තමන්ට කැමති විදියට customize කරන්න පුළුවන්. ඔතනින් tutorial එක ඉවර වෙනවා. එහෙනම් කට්ටියට ජයවේවා කියලා කිව්වා!  

Screen Shots

  

Wednesday, January 18, 2012

Google Picasa | photo එකට වැඩ දාන්න

picasa 2
    ඔයාලා දන්නවා අපි හැමෝම Adobe වගේ ලොකු ලොකු graphic design softwares වලින් වැඩ ගන්න දන්නේ නෑ. එත් අපි දන්නේ නැති උනාට Adobe වගේ features තියන පොඩි softwares ගොඩක් තියනවා. Google Picasa කියන්නේ එයින් එක software එකක්. ඒ වගේ මම මිට කලින් Photo Filtre ගැනත් ලිපියක් දැම්මා. Google Picasa වල Photo Filtre වලට වඩා සැහෙන features තියනවා. ඒ වගේම වැඩ කරන්නත් මාර ලේසි.
    
    සමහර විට ඔයාලා දැකලා ඇති FB එකේ සමහර අයගේ photos වල මාර quality එකක් තියනවා. ෆට්ට colours තියෙන්නේ. මන් මුලින් හිතුවේ camera එකේ කියලා. බලද්දී රහස Google Picasa. මට මේ Picasa සීන් එක ගැන විස්තර කිව්ව Yash & Sash bros ලට අයෙමත් Thnx කියනවා. නැත්නම් මම තාම මෙලෝ දෙයක් දන්නේ නැත Adobe එකේ tab click කර කර ඉන්නවා. මාත් මගේ පරණ චාටර් එකට තිබුණු photos වගයක් Picasa වලින් ගොඩ දා ගත්තා. lol.. ඇත්තටම maxxa software එක. කැමති කස්ටිය පහලින් බා ගන්න.



Saturday, January 07, 2012

Mozilla Thunderbird | අකුණු කුරුල්ලා දාගමු


    ගොඩක් කට්ටිය Thunderbird use කරනවා අඩු නිසා මේ ගැන පොස්ට් එකක් දාන්න හිතුනා. මේ වගේ නොමිලේ දෙන හොඳ software එකක් පාවිච්චි නොකිරීම අපරාධයක්. (ඇත්තම කියනවනම් මමත් Mozilla Thunderbird කියන්නේ මොකද්ද කියලා මුලින් දැන ගත්තේ බණ්ඩාර සර්ගේ BS tute එකක තිබිලා.) Thunderbird කියන්නේ email application එකක්. අපේ ගිනි නරියාගේ සහෝදරයෙක්. වෙනදට අපි mail බලන්න කරේ web browser එකට ගිහිල්ලා, sign in ගිහිල්ලා, mail &  password type කරගෙන වැඩ ගොඩයි. එත් මේ application එකෙන් අපිට ඕන වෙලාවක ගේමක් නැතුව Mail බලන්න, යවන්න, save, delete කරගන්න පුළුවන්. ලොකුම වාසිය Thunderbird තුල ඕනෑම email accounts කිහිපයක් එකවර පවත්වාගෙන යන්න පුළුවන්.(1 රූපය ).

    Thunderbird open කරපු ගමන් දාලා තියන හැම account එකකටම auto log වෙනවා. ඊට පස්සේ තමන්ට ඕන account එකක mail check කරගන්න පුළුවන්. ඒ වගේම තමා mail යවන්න මාර ලේසි. mail address book එකක් තියන නිසා වැඩේ තවත් ලේසි. ඉක්මනින් file එකක් attach කරන්නත් පුළුවන්. නිකන් drag කරලා දැම්මත් ඇති. තව කියනවනම් මේකට themes, addons වගේ දේවලුත් site එකේ නොමිලේ දීලා තියනවා. මේකේ account එකක් හදන එක හරිම ලේසි. මුලින් Thunderbird PC එකට install කරලා, mail එකයි password එකයි දෙන්න විතරයි තියෙන්නේ. 
    
    ඔන්න ඔය ටික තමයි මන් Thunderbird ගැන දන්නේ. සමහරවිට මිට වඩා ගොඩක් වැඩ කැලි ඇති. ඔයාලට accounts හදන එකේ ගැටළු තියනවනම් අපේ FB fan page එකට ලියන්න. පහලින් Mozilla Thunderbird නවතම සංස්කරණය බා ගන්න.



 Screen Shots

         
(1 රූපය )


Monday, December 19, 2011

පොඩි පොඩි වැඩ වලට Photo Filtre



මේ තියෙන්නේ පොඩි පොඩි image editing වැඩ වලට ඕනේ වන ගජෙට් කැල්ලක්. මේ software එක Adobe Photoshop තරම් advance software එකක් නෙමයි. එත් පොඩි පොඩි editing වැඩ Adobe එකට වඩා වේගයෙන් කරන්න මේ software එකට පුළුවන්.
ඒ වගේම මේ software එක use කරන්නත් අමාරු නෑ. හරිම ලේසි. විශේෂයෙන් image crop, image resize වගේ දේවල් ඉතා ඉක්මනට කරගන්න පුළුවන්. FB profile pictures edit කරන්න, phone එකට දාන image resize කරන්න මේ software එක මට මාර ප්රොයෝජනවත් වුනා. මේ තියෙන්නේ Photo Filtre portable version එක. install කරන්න දෙයක් නෑ. extract කරලා use කරන්න තියෙන්නේ. පහලින් software එක බාගන්න.


Wednesday, December 14, 2011

Game Booster 3 | ගින්දර වගේ game ගහමු.


මේ software එක නම් ගොඩක් ජනප්‍රියයි. මේක දෙන්නේ තාමත් game booster machine එකට දා ගත්තු නැති අයටයි. මේ software එකෙන් PC performance වැඩි කරනවට අමතරව, server ping එක අඩු කිරීම, Defragments Game Files , drivers update වගේ පහසුකම් දීලා තිනවා. සමහරු game boost කලාට, software එක configure කරන්නේ නෑ. ඒ නිසා ගොඩක් වෙලාවට උපරිම performance නොලැබෙන්න පුළුවන්. configure කිරීමට පහත රුපය බලන්න.


මෙහිදී අනවශ්‍ය exe. වලට tick එකක් ලබා දීමෙන්, ඔබට කැමති පරිදි PC එක Boost කර ගත හැකිය. setup එක පහලින් බා ගමු.  





Saturday, December 10, 2011

හදිසියට ලොග් වෙන්න BugMeNot


අද මන් ඔයාලට දෙන්න යන්නේ maxxa gadget එකක්. ඇත්තටම මේක Browser Addon එකක්. සමහර වෙලාවට ඇතැම් software, cracks, videos ගන්න අපිට ඒ site වල Register වෙන්න කියනවා. ඊට පස්සේ Register වෙන්න ගියාම මල පනිනවා. මේ කරදරෙන් ගැලවෙන්න තියන හොඳ  ක්‍රමයක් තමයි Bug Me Not කියන්නේ. මේක ගැන මට විස්තර කිව්වේ නම් මගේ friend කෙනෙක්. මේ addon එක අපේ වෙබ් browser එක දා ගෙන ඔබට අවශ්‍ය site එකකට ගිය විට එම site එකට ලොග් වීමට අවශ්‍ය ලොගින් name හා passwords කිහිපයක් මෙම ඇඩෝනය තුලින් ලබා දෙනවා. කැමති එකක් select  කරලා ඔයාට ලොග් වෙන්න පුළුවන්. 


මෙහිදී ලොගින් password එක සාර්ථක වීමේ සම්බාවිතාව සියයට ගණනක් වශයෙන් පෙන්න්නනවා. 75% වැඩි නම් defa ලොග් වෙන්න පුළුවන්. හැබැයි දැනගන්න මේකෙන් facebook, email accounts, e bay වගේ site වලට ලොග් වෙන්න බැරි බව. මට නම් මේක නියමෙට වැඩ කලා. ඔයාලත් කැමති නම් පහලින් බා ගෙන try කරලා බලන්න.


Chrome සඳහා මෙතනින් 

  

Firefox සඳහා මෙතනින් 



Opera සඳහා මෙතනින් 


ඇඩෝනය පරීක්‍ෂා කිරීමට මෙම වෙබ් අඩවියට ලොග් වීමට උත්සාහ කරන්න.