KMPlayer එකේ Gateway Advertising Box එක අයින් කරමු ~ CybeR TubE

Friday, November 21, 2014

KMPlayer එකේ Gateway Advertising Box එක අයින් කරමු


මම නම් එදා ඉඳලම ෆිල්ම් බලන්නේ KMPlayer එකෙන්. අනිත් player එකක්වත් මට මේ තරම් අල්ලලා ගියේ නෑ. හැබයි කේස් එක මේ ලඟකදී ඉඳලා KMPlayer එකේ අලුත් update වල එන Gateway Advertising Box එක ෆට්ටම ඇණයක් වුනා. use කරන කට්ටිය මේක දන්නවා, පැත්තෙන් adfly වගේ කැල්ල. මන් setting වල හෙව්වා මේක off කරන්න කරන්න. හැබයි හම්බුනේ නෑ. ඊට පස්සේ මේ ක්‍රමේ හොයා ගත්තා. ඕනේ කට්ටිය මේක කරන්න. 

[1] ඔයාගේ Internet Explorer යන්න. 

[2] එකේ Tools ගිහින් Internet Options එකට යන්න. 

[3] "Security" tab එක click කරලා, "Restricted sites" යන්න තෝරන්න. ඒ යටතේ ඇති Sites කියන button එක click කරන්න.  


[4] දැන් එතැන ඇති box එකේ මේ විදියට type කරලා Add කරන්න. 

player.kmpmedia.net 

 
[5] දැන් ඒ ටික save කරලා internet explorer එක close කරලා KMPlayer එක open කරලා බලන්න.

වැඩේ හරිනම් ජය වේවා!



 

2 comments: