ඔයාලා දනනවා "Black Friday" එක නිසා දැන් ගොඩක් online shopping Sale දාලා. අපි වගේ ගේම් පිස්සන්ට ඉතින් Game sale තමයි සෙට් වෙන්නේ. ඔයාට Genuine game එකක් buy කරන්න ඕනේ නම් මේක තමයි අවස්ථාව. මොකද දැන් මට නම් මේ හොර කොපි ගේම් එපා වෙලා ඉන්නේ. ඔන්න මේ පාර EA games ලාගේ Origin store එකේ පිස්සු හැදෙන game සෙට් එකක් sale එකට දාලා. Battlefield, Need for Speed, Titanfall, Assassin creed.. මේ හැම ගේම් එකක්ම 50% වඩා discount කරලා. ඒ කිව්වේ බාගෙට බාගයක්. මන් ඔයාලට අදහසක් ගන්න price ටිකක් දාන්නම්. මතක තියා ගන්න මේ site එකේ තියෙන්නේ ඉන්දියානු රුපියල් වලින්. ( ආසන්න රු 2 න් වැඩි කරලා ගන්න)
Titanfall ™ PC - Rs.374.75
Battlefield 3™ PC - Rs.249.75
Crysis® PC - Rs.74.75
Assassin's Creed®: Brotherhood Deluxe Edition PC - Rs.99.75
Need for Speed™ Most Wanted 2 PC - Rs.134.50
Battlefield 4™ Digital Deluxe PC - Rs.1,249.50
වැඩි විස්තර Origin Store එකට යන්න Link
ඔන්න මාත් අද උදේ Titanfall (Standard Edition) ගේම් එක buy කළා. ගේම් එකේ මෙහේ රු810 වුනා. තව service charge එක 130 debit වෙලා තිබ්බා. මේ ගේම් එක අඩුම රු 4000 වගේ වෙනවා ඔයා eBay එකෙන් අඩුවට ගත්තත්. එක නිසා මේක නියම chance එකක්. මෙහෙදී ඔයාලට debit card එක or paypal එක use කරන්න පුළුවන් ගෙවන්න. මන් use කලේ debit card ඒක. ඔයා pay කරපු ගමන් ගේම් එක ඔයාගේ PC එකේ තියන Origin Client app එකට add වෙනවා. ඊට පස්සේ බාගන්න තියෙන්නේ. Titanfall ගේම් එක නම් 19GB. කැමති කට්ටිය Origin එකේ account එකක් හදාගෙන shopping පාරක් දාන්න.
Titanfall ගේම් එකේ video පහලින් බලන්න. මේකත් නිකන් COD වගේම සිරා multiplay ගේම් එකක්. හැබයි ටිකක් VGA එක ඕනේ.
0 comments:
Post a Comment