Always (2011) | සදහටම !!! ~ CybeR TubE

Friday, April 05, 2013

Always (2011) | සදහටම !!!


    ඔන්න කාලෙකට පස්සේ ෆිල්ම් එකක් දාන්න ඕනේ කියලා හිතුනා. හැබයි වෙනදා වගේ Thriller, Horror, Mystery වර්ග වල ෆිල්ම් එකක් නෙමයි අද කියන්නේ. මේ ෆිල්ම් එක හම්බුනේ අහම්බෙන් නෙට් එකේ search කරද්දී  baiscopelk එකේ තිබිලා. මේ ටිකක් අනුවේදනීය ලව් ස්ටොරියක්! පහු ගිය කාලයේ මාත් ලව් කේස් වලට පැටලුනු නිසා මේ ෆිල්ම් එක ටිකක් බොක්කටම වැදුනා වගේ.  ෆිල්ම් එක ගැන කියනවනම් මේක කොරියන් කතාවක්. ලව් නම් ඉතින් හොඳම හින්දි ෆිල්ම් කියලා හිතන් ඉන්න සෙට් වලට මේ වගේ ෆිල්ම් වැඩිය දිරවන්නේ නැති වේවි. කොහොම වුනත් මම නම් විශ්වාසයෙන් කියනවා බොහෝ ඉන්දියන් ෆැන්ටසි ලව් ස්ටෝරි වලට වඩා කොරියන්, ජපන් ආදර කතා ප්‍රමිතියෙන් ඉතාමත් ඉහල මට්ටමක තියන බව.

    කතාව දිව යන්නේ අන්ධ තරුණියක් හා පව්කාර අතීතයකට උරුමකම් කියන තරුණයෙකු වාටය. ආදරය කියන්නේ කුමක්ද? හැමදාම වගේ ලස්සන පොහොසත් කෙල්ලෙකු දුප්පත් කොල්ලෙකුට ලව් කිරීමද? නැතිනම් ගමක සිටින සුරූපී තරුණියකට හෙන ගේමක් දී සෙට් කර ගැනීමද. එවැනි සුලබ ෆැන්ටසි කතා වලට වඩා මේ වෙනස්ම ආදර කතාවකි. මෙහි ප්‍රධාන චරිතය රඟදක්වන නිළිය නම් ලංකාවේ බොහෝ දෙනා දන්නා හඳුනන කෙනකි. එකවරම හඳුනා ගැනීම තරමක් අපහසු නමුත් ඇයගේ රංගන විලාශයෙන් ඇය කවරෙකුද යන්න ඔබ හඳුනා ගනු ඇත.

සිංහල උපසිරැස සඳහා බයිස්කෝප් වෙබ් අඩවියේ දුමිඳු දර්ශන සොහොයුරාගේ උපසිරැස පත පහල දක්කවා ඇත.

http://adf.ly/uMnDC
[1.45 GB]


0 comments:

Post a Comment