Call Of Duty Black OPS Offline Multiplayer සෙල්ලම් කරමු ~ CybeR TubE

Saturday, October 06, 2012

Call Of Duty Black OPS Offline Multiplayer සෙල්ලම් කරමු

    Call Of Duty Offline Multiplayer ගැන මම කලින් ලිපි 2ක් ලිව්වා. ඒ නිසා දැන් ඒ ගැන ලොකු හැඳින්වීමක් කරන්නේ නෑ. අද එහෙනම් Offline කුප්පියේ ඊළඟ කොටසට යමු. Black OPS.. අපි කවුරුත් වගේ දන්න ගේම් එකක්. COD series එකේ හොඳම ස්ටොරිය තියන ගේම් කියලා කිව්වත් වැරදි නැහැ. ගේම් ඒක සෙල්ලම් කරද්දී හරියට ෆිල්ම් එකක් බලනවා වගේ. ඒ තරම් හොඳට කතාව ගොඩනගලා තියනවා. හරි දැන් බලමු මේ ගේම් එකේ Offline Bot Mod ඒක දාන හැටි. වැඩේ ටිකක් අමාරුයි. ඒක නිසා හරියටම step by step යමු.

[1] මුලින්ම ඔයා මැෂින් එකට "Steam" ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනේ. තියන කට්ටිය අයේ දාන්න ඕනේ නෑ. අනිත් අය මෙතනින් සොෆ්ට්වේයා ඒක බාගෙන එකවුන්ට් එකක් හදාගන්න.

[2] Steam ඉන්ස්ටෝල් කරාට පස්සේ මෙන්න මේ path එකට Black OPS ගේම් ඒක ඉන්ස්ටෝල් කරන්න. 

 " C:\Program Files\Steam\steamapps\common\call of duty black ops "

දැනටමත් ගේම් ඒක ඉන්ස්ටෝල් කරලා නම් එතනට ගේම් ඒක move කරන්න. "common" කියලා ෆෝල්ඩර් එකක් නැත්නම් අලුතෙන් එකක් හදන්න. Steam ඉන්ස්ටෝල් කිරීම C:\ එකටම වෙන්න ඕනේ නෑ ඉඩ තියන පාටිෂන් එකකට ඉන්ස්ටෝල් කරන්න පුළුවන්.

[3] මෙතනින් " Black ops BOT. rar " ඒක බාගෙන, එක්ස්ට්‍රැක්ට් කරගන්න.

[4] එතැන තියන " Call.of.Duty.Black.Ops.Update.1.exe " ඒක ක්ලික් කරලා ගේම් ඒක අප්ඩේට් කරන්න.

[5] දැන් එතැනම තියන "BlackOpsMP" ෆෝල්ඩර් එකට යන්න. එතැන GreenLuma කියන ෆෝල්ඩර් ඒක හැර, අනෙක් ෆයිල් ටික ඔය ගේම් ඒක ඉන්ස්ටෝල් කරපු ෆෝල්ඩර් එකට කොපි පේස්ට් කරන්න.

" \Steam\steamapps\common\call of duty black ops\ "

[6] දැන් "GreenLuma" කියන ෆෝල්ඩර් ඒක ඇතුලේ තියන ෆයිල් ටික, Steam ෆෝල්ඩර් එකට කොපි පේස්ට් කරන්න.

" C:\Program Files\Steam "

[7] දැන් ඔයා කලින් එක්ස්ට්‍රැක්ට් කරපු ඒ ෆෝල්ඩර් ඒක ඇතුලෙම තියන "config_mp" CFG ෆයිල් ඒක මෙන්න මේ path එකට කොපි පේස්ට් කරන්න.

" \Steam\steamapps\common\call of duty black ops\players\ "

[8] හරි දැන් " GreenLuma.exe " ක්ලික් කරලා ඔයාගේ Steam එකවුන්ට් එකට log වෙන්න.

[9] log වුනාට පස්සේ Steam එකට ගේම් ඒක add කරන්න.  

[10] දැන් එතැනින් ගේම් ඒක ඕපන් කරන්න කලින්, ඔයා කලින් එක්ස්ට්‍රැක්ට් කරපු ෆයිල් ඒක ඇතුලේ තියන "Killstreaks Loader" ෆෝල්ඩර් එකට ගිහිල්ලා "ItsModsloader .exe" ඒක Run as Administrator වලින් ඕපන් කරන්න. ඒක ක්ලෝස් කරන්න නැතුව එහෙම්ම තියන්න.

(මේ 10 වෙනි step ඒක කිරීම අත්‍යවශයම නැත )

[11] දැන් ගේම් ඒක Steam එකෙන් ඕපන් කරන්න. 

[12] ගේම් එකේ Main Menu එකට ආවට පස්සේ keyboard එකේ Console button”~” එක press කරලා එතන මේ විදියට type කරලා enter කරන්න

" \map mp_cracked "

    දැන් ඉතින් ඔයාට මැප් ඒක ලෝඩ් වුනාට පස්සේ මරාගන්න තියෙන්නේ! ඔතන cracked කියන්නේ මැප් එකේ නම. වෙන මැප් එකක් සෙල්ලම් කරන්න ඕනේ නම්, වෙන මැප් එකක නමක් එතනට ටයිප් කරන්න. මැප් ලිස්ට් එකේ නෝට්පෑඩ් එකක් ඔයා අර ඩවුන්ලෝඩ් කරපු ෆෝල්ඩර් එකේ ඇති. මිට අමතරව Mod එකේ අනෙක් විස්තර එතැන " README INSTRUCTIONS "කියන නෝට්පෑඩ් එකේ ඇති. එහෙනම් කුප්පිය අවසානයි. වැඩේ හරි ගියානම් කොමෙන්ට් පාරක් දාලා යන්න.!  


0 comments:

Post a Comment