එකම window එකට tab කිහිපයක් එකතු කරමු! ~ CybeR TubE

Sunday, April 28, 2013

එකම window එකට tab කිහිපයක් එකතු කරමු!


    මේ app එක මට හම්බුනු සිරා ගැජට් එකක්. මගේ ෆ්‍රෙන්ඩේක් ගාව තියනවා දැකලා තමයි මේක ගැන දැන ගත්තේ. ඔයාලා දන්නවනේ windows මෙහෙයුම් පද්ධතියේ අපි මොනවා හරි දෙයක් ක්ලික් කලාම ඒ ඒ ඇප්ලිකේෂන් වලට අදාල වෙන වෙනම window open වෙනවා. උදහරණයක් විදියට අපි my computer එක open කරලා, my document එක open කලොත් ඒ දෙකට වෙන වෙනම window 2ක් open වෙනවා. නමුත් එහෙම නැතුව එකම window එකකට, tab විදියට ඒ හැම window එකක්ම open වෙනවනම් අපිට ගොඩක් පහසු වෙනවා. හරියට වෙබ් බ්‍රව්සර් එකක new tab open වෙන විදිය මතක් කරන්න. අන්න ඒ විදියට windows වලත් කරන්න පුළුවන් app එකක් තමයි මේ "Clover" කියන්නේ. කට්ටියට තාම මම කියපු දේ  පැහැදිලි මදි නම් මෙන්න මේ රූපය බලන්න. 


    බලන්න ඔය රූපයේ එකම window එකකට, තවත් window 3ක් tab විදියට එකතු කරලා තියන විදිය. හරියට වෙබ් බ්‍රව්සර් එකක් වගේ. ඔන්න ඔහොමයි සිද්දිය ඉතින්. කැමති කට්ටියට බාගෙන ටෙස්ට් පාරක් දාලා බලන්න පුළුවන්. මේ app එක windows 7 වගේම windows 8 එකටත් වැඩ. 

[2.5MB]   

0 comments:

Post a Comment