The Bourne Trilogy | කවරෙකුද මා ... ~ CybeR TubE

Sunday, January 29, 2012

The Bourne Trilogy | කවරෙකුද මා ...

The Bourne Trilogy 1
    මේ ටිකේ එක එක වැඩ නිසා පොස්ට් එකක් දාන්නත් බැරි වුනා. දන්නවනේ A/L පස්සේ ඉතුරු වෙලා තියන මාස ටිකේ තමයි හරියට වැඩක්‌ කරගන්නවත් කාලයක්‌ තින්නේ. ඊට පස්සේ අයෙ හෙලෙනවත් බෑ. දැන් එහෙනම් වැඩේට බහිමු.අද මන් දෙන්නේ ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක මම බලපු maxxa action ෆිල්ම් වලින් එකක්. ෆිල්ම් එකේ part 3ක් තියනවා. part 3ම පිළිවෙලට බලන්න ඕනේ. නැත්නම් කතාව තේරෙන්නේ නෑ. හරි එහෙනම් මන් ඔයාලට කතාවේ පොඩ්ඩක් කියන්නම්.
    
    කතාව පටන් ගන්නේ මුහුදේ පාවෙමින් තිබු වෙඩි වැදුනු මිනිසෙකුගේ සිරුරක්, ධිවර යාත්‍රාවකට හමුවීමත් සමගය. වාසනාවකට ඒ මිනිසාගේ දිවි බෙරා ගැනීමට ධිවරයන් සමත් වේ. අවාසනාවකට ඒ මිනිසාට සියලු දේ අමතක වී ඇත. අඩුම තරමේ තමන්ගේ නමවත් ඔහුට මතක නැත. ඔහුට තමන්ගේ ඉන ප්‍රදේශයේ තිබී යම් උපකරණයක් හමු වෙයි. එහි බැංකු safe deposit box එකක රහස් අංකයක්‌ දැක්‌වෙයි. ඔහු බැංකුව වෙත ගොස් ගිණුම පරික්ෂා කිරීමේදී එහි විවිද රටවලට පස්ස්පොට්ස්, විවද රටවල් මුදල් හා පිස්තෝල කිහිපයක් හමු වෙයි. මේ අතර හඳුනා නොගත් කුලී ඝාතකයන් ඔහු මැරීමට තැත් කරයි. ඝාතකයින් ඇමරිකානු CIA ආයතනයට සම්බන්ද බව ඔහුට හෙළි වේ. CIA ඒකෙන ඔහු මැරීමට උත්සහා කරන්නේ ඇයි? ඔහුගේ safe deposit box එකට පිස්තෝල අවේ කොහොමද? ඔහු කවරෙක්ද? මේ සියල්ල පැටලුනු නුල් බෝලයකි. කතාව විවිද අවස්ථා වලදී විවිද දිශාවන්ට යොමු වෙන්නේ රසිකයන්න්ගේ කුතුහලය වැඩි කරමින්ය.
    
    මම ෆිල්ම් එකේ කොටස් 3ම පහලින් දීලා තියනවා. file format එක MKV නිසා කොටස් තුනම 1.6 GB විතරයි වෙන්නේ. පහලින් බා ගන්න!
uTorrent edit

English Subtitles
The Bourne Identity (2002)
The Bourne Supremacy (2004)
The Bourne Ultimatum (2007)

0 comments:

Post a Comment