Galaxy Y එකට Custom ROM එකක් දාමු ~ CybeR TubE

Monday, June 04, 2012

Galaxy Y එකට Custom ROM එකක් දාමු


    යන්තමට මේ පින්වත් පොසොන් පෝය දා අලුත් පොස්ට් එකක් දාන්න වෙලාවක් ලැබුනා. SGY කුප්පියේ ඉතුරු ටික දාන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. එදා නැවැත්තුවේ SGY එකට HD Games දාන විදියෙන්. අද කියන්නේ SGY එකට Custom ROM එකක් දාන විදිය. කට්ටියට දැන් ෆොන් එකේ තියන Default Theme එක දැකලම  එපා වෙලා ඇතිනේ. මෙන්න මේ ROM එක දාලා බලන්න වෙනසකටත් එක්ක. මේ ROM එකේ නම Chobits Digitalis. අනෙක් ROM වලට වඩා මට මේ ROM එක හිතට ඇල්ලුවා. පහලින් ROM එකේ Screen Shot වගයක් දාලා ඇති. ඒවා මුලින් බලලා ඉන්න. කැමති නම් විතරක් දා ගන්න. මතකනේ ROM දාන්නත් ෆොන් එක ROOT කරලා තියෙන්න ඕනේ. හරි ROM එක දාන විදිය වෙනදා වගේ Step by step යමු.

[1] මුලින් මේ ChobitsDigitalis V1 ROM.rar කියන File එක බාගෙන ඔයාගේ ෆොන් එකේ SD Card එකට Copy කරගන්න

[2] දැන් ෆොන් එක "Recovery Mode" එකට දාන්න.(volume up + home button + power buttons) 

[3] ඊට පස්සේ එන Screen එකේ "wipe data/factory reset" select කරලා "Yes" යන්න දෙන්න.

[4] ඊට පස්සේ "wipe cache partition" Select කරන්න.

[5] දැන් "apply update from sdcard" යන්න Select කර, Rom File එක SD Card එකේ තියන තැන Select කරන්න.

[6] ROM එක install උනාට පස්සේ ඔයාගේ ෆොන් එක "reboot system now" කරන්න. (මෙහෙදී ෆොන් එක start-up වෙන්න විනාඩි 7-8 ක්‌ විතර යාවි. එතකන් ඉවසලා ඉන්න. ෆොන් එක අයේ on/off කරන්න,battery ගලවන්න වගේ ඒවා කරන්න එපා.)

දැන් ROM එක දාලා ඉවරයි. තව Update එකක් තියනවා දාන්න.

[7] නැවත මේ CDigitalisV1.8FINAL UPD .rar file එක බාගෙන ඔයාලගේ ෆොන් එකේ SD Card එකට Copy කරන්න.

[8] ෆොන් එක අයේ Off කරලා "Recovery Mode" එකට දාන්න.

[9] මෙහිදී කලින් වගේ wipe data/factory reset or wipe cache partition යන step කරන්න එපා. කෙලින්ම "apply update from sdcard" විතරක් ගිහින් "CDigitalisV1.8FINAL UPD" යන file එක තෝරන්න.

[10] ඊට පස්සේ "reboot system now" කරන්න.
 
    දැන් update කරලත් ඉවරයි. වෙනදා වගේ ෆොන් එක use කරන්න තියෙන්න. ROM එක ගැන ගොඩක් විස්තර මේ Web Site ඒකෙන් බලාගන්න. තව දෙයක් මේ ROM එක දාන්න කලින් ඔයාගේ ෆොන් එකේ Firmware Version බලලා ඉන්න.(settings - about phone - android version). මොකද Firmware 2.3.6 වෙන්න ඕනේ මේ ROM එක දාන්න. තව ROM එක දාන්න කලින් ඔයාගේ ෆොන් එකේ battery level එක 50% වඩා තිබීම වැදගත් වෙනවා. මතක ඇතුව මේ ලිපිය මුල ඉඳන් අගට හොඳට කියවලා වැඩේ පටන් ගන්න.

 Screen Shots
 









 
 

16 comments:

  1. Rom gahuwama unroot karanna puluwanda? wrnty aul wei da? data delete wenawada?

    ReplyDelete
  2. ඕව්.root කලාම warranty එක අවලංගු වෙනවා. unroot කරන්න පුළුවන්. ඒත් ඔයා කලින් root කරලා තියනවා කියලා හොයා ගන්න පුළුවන්. SD card එකේ තියන ඒවා delete වෙන්නේ නෑ.

    ReplyDelete
  3. thibba vidiyata ganne kohomada aai? e kiyanne rom eka daanna kalin.

    ReplyDelete
  4. rom eka ain karala, aai thibba vidiyata hadanne kohomada?

    ReplyDelete
  5. backup කලේ නැති නිසා, Odin software එක දාලා stock rom එක ආපහු දාන්න තියෙන්නේ. අවශ්‍ය නම් ඒ ගැන ලිපිය ඉදිරියේදී දාන්නම්!!

    ReplyDelete
  6. xperia x8 එක root කරලා rom එකක් install කරන හැටි පුළුවන්නම් කියලා දෙන්න.

    ReplyDelete
  7. k bro.. මම බලන්නම්.

    ReplyDelete
  8. @Hashan thnx mchn පොඩ්ඩක් බලලා පුළුවන්නම් කියන්න. මම adwlauncher 1k දැම්මා. custom rom 1k දැම්මොත් ලොකු වෙනසත් එනවා නේද ? (adwlauncher theme වලට වඩා)

    ReplyDelete
  9. අනිවාර්යෙන්ම මචන්.. theme Launcher එකකට වඩා custom rom එකක ලොකු වෙනසක් තියනවා. ඊට අමතරව ගොඩක් පහසුකම් හා වාසි තියනවා. ගොඩක් දෙනෙක් xperia ෆෝන් use කරන නිසා ඒ සම්බන්ද ලිපියක් මම ඉදිරියේදී දාන්නම්!

    ReplyDelete
  10. ela මචන් ඉක්මණට දාන්න. පුළුවන් නම් x8 එක Bluetooth modem 1k විදිහට use කරන විදිය කියලා දෙන්න. මම FoxFi 33 දාලා try කරා. හරි ගියේ නෑ

    ReplyDelete
  11. මචන් ඔය Bluetooth modem කේස් ඒක නම් මම හරියටම් දන්නේ නෑ. කොහොම වුනත් මම හොයලා බලන්නම්!

    ReplyDelete
  12. xperia ray ekata sinhala unicode dana widiya kiyanna ko plz,

    puluwannam mail karanna-isurucs10@gmail.com

    ReplyDelete
  13. k bro.. මම එවන්නම්!

    ReplyDelete
  14. මේකෙන් උබ දැම්මේ ජෙලි බින් ද බන් නැත්නම් වෙන මොකක් හරිද....?
    මන් පෙජ ගානකට ගිහින් බැලුවා.ඒවා පට්ටම අමාරයි....
    උබේ එකේ වැඩේ පට්ට ලේසියි නේ......

    ReplyDelete
  15. මන් රොම් ගහන හැටි පේජ් ගානකට ගිහින් බැලුව ඒවා පට්ටම අමරුයි
    උබ මේ ගැහුවේ jb ද නැත්නම් වෙන මොකක් හරිද.......?
    මේ වැඩේ පට්ටම ලේසියි නේ බන්..........?

    ReplyDelete
  16. ඔය jelly bean නෙමි මචන්. ඔය gingerbread rom එකක්. ඕක දන්න එච්චර ආමරු දෙයක් නෙමයි. ඕක නම් දැන් ටිකක් පරණයි. CyanogenMod වගේ එකක් ඇරෙන්න Galaxy Y එකට jelly bean දාන්න බෑ මචන්.

    ReplyDelete