Grand Theft Auto III - මැරයින්ගේ නගරයට ~ CybeR TubE

Sunday, August 26, 2012

Grand Theft Auto III - මැරයින්ගේ නගරයට


    GTA 3 අපි කවුරුත් දන්න ගේම් එකක්. මේක ගොඩක් පරණ ගේම් එකක් වුනත් පරිගණක ක්‍රීඩා ඉතිහාසයේ තීරණාත්මක වෙනසක් කරපු ගේම් එකක් කියලා කියන්න පුළුවන්. 2001 වර්ෂයේ එළිදක්වා තිබුනත් අදටත් මේ ගේම් එක play කරන්න පුළුවන් මට්ටමේ quality එකක තියෙනවා. කොටින්ම කියනවානම් ඒ වර්ෂයේ ආපු අනෙක් ගේම් එක්ක බලද්දී GTA 3 ගොඩක් ඉදිරියෙන් ඉන්නවා.

    ඒ කාලේ මට ඉවර කරගන්න බැරි වෙච්ච ගේම් සෙට් එකෙන් එකක් තමයි මේක. ලොල්! Project IGI මතකනේ. එකේ සීන් එකත් මම ඔයාලට කලින් ලිපියයක කිව්වා. අවංකම කියනවනම් GTA 3 මට එක mission එකක් play කරගන්න බැරුව අතැරලා දාපු ගේම් එකක්. ඒ වගේම මම දන්න ගොඩක් අය පවා මේ ගේම් එක සම්පුර්ණ ඉවර කරලා නෑ. GTA-VC, GTA-SA  වලට වඩා මේක ටිකක් අමාරුයි වගේ පෙන්නේ! මම GTA 4 ඉවර කලේ A/L exam එකේ සාමාන්‍ය පොදු පරීක්ෂණයට කලින් දෙන නිවාඩු සතියේ දවස් 4 ක් ඇතුලත. ඔන්න එක නිසා හාහාපුරා කියලා මම ඊයේ ඉඳන් GTA 3 අයෙත් පටන් ගත්තා.

    මේ බ්ලොග් එකෙන් GB ගණන් size තියන ලොකු ගේම්ස් දෙන්න බලාපොරෝත්තුවක් නෑ. එහෙම දෙන එකේ තේරුමකුත් නෑ. මොකද කෙනකුට ඒවගේ ලොකු ගේම්ස් බානවාට වඩා ලාබයි අතින් රු100 ක් 150 වියදම් කරලා DVD එකම ගන්න එක. හරි එහෙනම් GTA 3 Full PC Game එක play කරන්න කැමති කට්ටිය පහළ Direct Link එකෙන් බාගන්න.

http://adf.ly/uN7lU
                                                                      (235MB)

0 comments:

Post a Comment