[ PROTOTYPE 2 ] ඉඟි හා හොර වැඩ. ~ CybeR TubE

Saturday, September 29, 2012

[ PROTOTYPE 2 ] ඉඟි හා හොර වැඩ.

    මේ පින්වන්ත පෝය දා Prototype 2 ගැන ලිපියක් ලියන්නේ කලකිරීමකින් නම් නෙමෙයි. කොහොමහරි මට වෙච්ච Prototype 2 ඛේදවාචකය අවසන් වුනා. මට දැනෙන විදියට ගේම් එකේ පීසී වර්ශන් ගොඩක් bugs තියනවා වගේ. සමහරුන්ගේ ගේම් එක වැඩ කරත් අතරමගදී ගේම් එක crash වෙනවා එක්කෝ ගේම් එක ටික වෙලාවකින් හොඳටම හිර වෙනවා. හැබයි මට තිබුණු අවුල නම් අන්තිමට හරි ගියා. එකට මට ගොඩක්ම උදව් කලේ "ella" නමින් ඒ පොස්ට් එකට කොම්මෙන්ට් කරපු යාළුවා. එයාට නැවතත් ස්තුතිය පුද කරන ගමන් අද මන් කියන්න Prototype 2 වල වැදගත් වෙන ඉඟි හා හොර වැඩ ටිකක්.

    ගොඩක්  කට්ටියට තියන ප්‍රශ්නය තමයි Prototype 2 වල Hunter Mode එක කොහොමද use කරන්නේ කියන එක. මටත් මුලදී වැඩිය තෙරුනේ නෑ. අන්තිමේට වැඩේ අල්ලගත්තා. ගේම් එකේ මුලම Hunter Mode එක use කරන්න ලැබෙන්නේ Dr. Samuel ව හොයා ගන්න. මෙතන තමයි ගොඩක් කට්ටිය එරෙන්නේ. මොකද ගේම් ටයුටෝරියල් එකත් ඉවර නිසා මෙතැනදී අපිට තනියෙන්ම ටාර්ගට් එක හොයාගන්න වෙන්නේ. මෙහිදී මුලින්ම ළඟ තියන සාමාන්‍ය උස බිල්ඩින් එකකට නැගලා Hunt key එක ප්‍රෙස් කරන කරන්න. එහදී ඔයාගෙන් ආලෝක වළල්ලක් නිකුත් වෙනවා. පසුව ඔයා ඉන්න දිශාවට අපහු එනවා. මෙතනදී ඔයා නිරීක්ෂණය කරන්න ඕනේ ආලෝක වළල්ල ආපසු එන විට, ඒ ආලෝක වළල්ලේ කෙලවර පැමිණෙන දිශාවයි.
එම අලෝක වළල්ල ආපසු පැමිණෙන දිශාවට ගමන් කිරීමෙන් ඔයාට අදාල ටාර්ගට් එක හොයා ගන්න පුළුවන්. ඇත්තටම මේ ටික ගේම් එකේ මුලම ශුද්ද ඉංග්‍රීසියෙන් කියනවා. කොහෙද අපි ඉතින් අපි හරියට කියවන්නේවත් අහන් ඉන්නේවත් නෑ නේ. හරි ඔන්න මේ කේස් එක නිසා ගේම් එක අතහැරපු හිරවුණු කට්ටියට අයේ පටන් ගන්න පුළුවන්.

    Prototype 2  වල James Heller ගේ විශේෂත්වය වෙන්නේ ඔහුට එකවර පවර්ස් 2 ක් use කරන්න පුළුවන්.මේකත් සමහරක් දෙනා දන්නේ නෑ. හැබයි Prototype 1 ප්ලේ කරපු කට්ටිය දන්නවා Alex ට ආමර් එක හැරුනම එකවර තෝරා ගන්න පුළුවන් එක පවර් එකක් විතරයි. එක නිසා Heller ගේ ඔෆෙන්සිව් පැත්ත නම් සුපිරියට තියනවා. මෙහෙදී බොහෝ දෙනෙක් use කරන පවර් කොම්බෝ එක වෙන්නේ [ Claws & Hammerfist ] හෝ [ Tendrils & Hammerfist ]

මේ විදියට රයිට් මවුස් බටන් එකට හා ලේෆ්ට් මවුස් බටන් එකට වෙන වෙනම පවර්ස් දෙකක් යොදා ගන්න පුළුවන්. ඔයාට Brawlers, Juggernauts, Soldiers වගේ එක්ක සටන් කරන්න Tendrils/Claws & Hammerfist යොදා ගන්න පුළුවන්. Goliath, Super Soldiers වගේ එක්ක සටන් කරන්න Claws/Blade &  Hammerfist යොදා ගන්න පුළුවන්. මෙහිදී සතුරාගේ පහරවල් වලක්වන්න Tactical Dodge හෝ Block කිරීම කරන්න පුළුවන් . මම නම් ගොඩක් වෙලාවට කරන්නේ Tactical Dodge. එකෙන් සතුරාගේ පහර වලක්වනවා විතරක් නෙවෙයි, ලේසියෙන් සතුරාගේ පිටුපසට පැන පහර දෙන්නත් පුළුවන්. ඒ වගේම Hammerfist Dive air attack එක ඕනෑම සතුරෙකුට ප්‍රමාණවත් හානියක් සිදු කරන බව අමතක කරන්න එපා.

    Prototype 2 වල ස්ටෝරි මොඩ්  එක ඉවර කරන්න මට ගියේ පැය අටක් වගේ වෙලාවක්. හැබයි අන්තිම මිෂන් එකට එනකොට රෑ 1.30 විතර ඇති. Alex අයියාව මරන්න තිබුනේ. ඒ යකා ෆයිට් එක පටන් ගත්ත වේලේ ඉඳන්ම කෙලිනවා. මට ඇපත් නෑ. මම ඉක්මනට ප්ලේ කරපු නිසා මගේ පවර්ස් Alex ට ගහන්න තරම් අප්ග්‍රේඩ් නෑ. මම 8 පාරක් විතර ට්‍රයි කලා. ගුටි කන එකේ සීමාවක් නෑ. Alex ගෙන් හරියට එකක් කෑවොත් මැරිලම තමයි නවතින්නේ. මම බැලුවා වැඩේ හරියන්නේ තව රෑ වුනොත් හෙට ඔෆිස් ගිහිල්ලා හමාරයි. එත් මේක ඉවර කරන්නේ නැතුව නින්ද යන්නෙත් නෑ. ඉවසුවා ඇති එවෙලේම ගේම් එක මිනිමයිස් කලා, නෙට් එකෙන් ට්‍රේනියර් එකක් බැවා, දුන්නා Alex ට බොඳවෙන්නම. ගේම් එක ඉවරයි. මට නින්ද ගියා.

තවත් කාටහරි Alex අයියාව පරාද කරන්න බැරිනම් පහලින් මේ ට්‍රේනියර් එක බාගන්න!


    තව Prototype 2 ගේම් එක ඉවර කරපු කට්ටියට Radnet Event Challenges unlock කරගන්න පහලින් මේ ගජෙට් එක බාගන්න! ඔය ගජෙට් එක ගේම් එක ඉන්ස්ටෝල් කරපු තැනට දාලා ඔපෙන් කරන්න. ඊට පස්සේ මැසේජ් එකක් ඒවි, ඒක ok කරලා. සාමාන්‍ය විදියට ගේම් එක ඕපන් කරන්න. දැන් ඔයාට Radnet Event සිලෙක්ට් කරලා ප්ලේ කරන්න පුළුවන්. 

0 comments:

Post a Comment