Xperia X8 ROOT කරමු ~ CybeR TubE

Saturday, October 13, 2012

Xperia X8 ROOT කරමු

    Android ෆෝන් Root කරන ඒක අද ගොඩක් දෙනෙක් කරන වැඩක්. අවදානම් තිබුනත් බොහෝ දෙනා තමන්ගේ ෆෝන් ඒක Root කරන්නේ එකෙන් ලැබෙන වාසි නිසයි. හැබයි මේ ලිපියෙන් නම් Root කිරීමේ වාසි අවාසි ගැන නම් සාකච්චා කෙරෙන්නේ නෑ. අද මන් කියන්න බලාපොරොත්තු වෙන්නේ Xperia x8 ෆෝන් එකක් Root කරන විදියයි. මුලින්ම කියන්න ඕනේ ෆෝන් ඒක Root කිරීමේ අවදානම පිලිබඳ වගකීම මේ බ්ලොග් අඩවිය දරන්නේ නැති බව. ඒක නිසා කැමති කට්ටිය විතරක් මේක කරන්න. හරි එහෙනම් වැඩේට බහිමු!

[1] මුලින් මේ ෆයිල් ඒක PC එකට බාගෙන එක්ස්ට්‍රැකට් කරගන්න. 


[2] ඔයාගේ ෆෝන් එකේ Unknown Sources කියන ඒක enable කරන්න. 

Settings>Applications>unknown sources

[3] ඔයාගේ ෆෝන් එකේ USB Debugging enable කරන්න. 

Settings>Applications>Development>USB debugging 

[4] දැන් ඔයා ෆෝන් ඒක PC එකට Connect කරන්න. එතැනදී මතක ඇතුව Charge Phone සිලෙක්ට් කරන්න.

[5] දැන් කලින් ඔයා එක්ස්ට්‍රැකට් කරපු ෆෝල්ඩර් එකට යන්න. එහි ඇති SuperOneClick.exe ඒක ක්ලික් කරන්න.

[6] එහි ඇති Root යන්න ක්ලික් කරන්න. දැන් Root වීම ආරම්භ වේවි.  
 මෙහෙදී මිනිත්තු කිහිපයක් ගත වේවි. එතකන් ඉවසන්න! ෆෝන් ඒක ගලවන්න, ඔෆ් කරන්න යන්න එපා.

[7] Root වීම අවසාන වු පසු එන මැසේජ් එකක් ඒවි, ඒක yes කරන්න. 

[8] දැන් ෆෝන් ඒක PC එකෙන් ගලවලා Reboot කරන්න. 

    ඔතනින් වැඩේ ඉවරයි. හරියට Root වුනා නම් SuperUser app ඒක ඔයාගේ ෆෝන් එකේ ඉන්ස්ටෝල් වෙලා ඇති. කොයිඑකටත් Root කරන්න කලින් ඔයාගේ PC එකේ Firewall වගේ සොෆ්ට්වේයා නතර කරන්න. මොකද සමහර වෙලාවට ලෙඩ දාන්න පුළුවන් නිසා. වැඩේ හරි ගියානම් කොමෙන්ට් පාරක් දාලම යන්න.  

2 comments:

  1. x8 එකට හොඳ rom 1k කියන්න.GingerXperia Revolution ROM එක දැම්මා. x8 එකේ multitouch හදන හැටි දන්නවද?

    ReplyDelete
  2. මම දන්න විදියට GingerDX rom ඒක තමයි ගොඩක් දෙනා use කරන්නේ. හැබයි මම නම් කියන්නේ stock rom ඒක හොඳයි කියලා. මොකද ඔය කියන rom වල ගොඩක් bugs තියනවා. Android 2.3 වලට update වුනාම multitouch එනවා කියනවා. එත් හරියටම දන්නේ නෑ.

    [GingerDX v029]

    http://forum.xda-developers.com/showthread.php?t=1188486

    ReplyDelete