හානේ.. චන්ගුමී දුව.! ~ CybeR TubE

Thursday, December 13, 2012

හානේ.. චන්ගුමී දුව.!


    මේ දිනවල ලංකාවේ අතිශ්‍ය ජනප්‍රිය ටෙලි නාට්‍ය නම් සුජාත දියණියයි. සෑම වයස් කාණ්ඩයකම රසික සිත් එකවර දිනා ගත් ලංකාවේ තිරගත වුනු එකම ටෙලි නාට්‍යද මෙය විය හැකිය. සවස 6.20 වන විට සෑම පොඩි එකෙක්ම පහේ සෙල්ලම් නවතා ගෙදර එයි. ආච්චි සීයාද බැරිබැරි ගතේ ටීවී එක ලඟට ගාටන්නේ අද චන්ගුමීට කුමක් වේද යන්න බැලීමටය. කතාවේ තේමා ගීතය පටන් ගත්විට ගෙදර සිටින සුරතල් බල්ලා ද රුපවාහිනිය අසලට දුව එයි. හයක් හතරක් වත් නොදන්නා අවුරුදු 2ක් වත් නැති කිරිකැටියාද "ආදරේ කුමරි ඔබයි.. සුජාත දියණි.. " ගීතය පද ගලපා මුමුණති.  වෙනදට ෆේස්බුකියේ කරක් ගහලා ඉන්ග්ලිෂ් සින්දුවක් අහපු සිරා කොල්ලන්ද ටීවී එක අසලට වාර්තා කරයි. පොෂ් කෙල්ලන්ද දැන් ෆෙස්බුකියේ ප්‍රොෆයිල් පික්චර් එක සඳහා චන්ගුමීගේ චායාරූපයක් පල කරයි. පොඩි කෙල්ලන් තණකොළ මිටි මොට්ට පිහියකින් කපා ඉහුම් පියුම් කටයුතු වලට දැන් සිටම සුදානම් වෙයි. 

    එක්අතකට එසේ වීම සදාරණය. සත්‍ය කථාවක් ඇසුරින් ගොඩනැගුනු සුජාත දියණිය ටෙලි නාට්‍ය පවුලේ සැමට ඒකට නරඹන්න හැකි ආදර්ශමත් චරිතයක් වටා ගෙතුනු වටිනා ටෙලි වෘතාන්තයකි. ඒ වගේම අපේ වගේ රටවලට ගැලපෙන වැඩසටහනකි. ඔෂින් වැනිම ජිවිතයේ අපමණ බදා මැඩ ගනිමින් තම අරමුණු වෙනුවෙන් නොසැලී සටන් කරන චරිතයක් චන්ගුමී වටා ගොඩනගා ඇත. අයගේ නිර්මාණශීලි හැකියාව බොහෝ තැන් වලදී ඇයට ජය අත්කරවයි. නිතර සතුටින් සිටින ඇය ප්‍රියජනකය. සරල ගති පැවතුම් වලින් යුතු සුහදශීලි ඇය හැකි සැමවිටම අන් අයට උපකාර කරයි. ඇය අභියෝග වලට බය නැත. කෙසේ හෝ ඇය එයට මුහුණදෙයි. යහපත් ආකල්ප ඇති ගුරුවරයෙකුගේ වටිනාකම අසීමිතය. ජීවිතය වාසනාව මත නොව අප එයට මුහුණ දෙන ආකාරය මත තීරණය වෙයි. චන්ගුමී එය මැනවින් කියා දුන්නේය.     

    ප්‍රථම වරට 2003 වසරේ දකුණු කොරියාවේ විකාශනය වුනු මෙය දැනට ලොව පුරා රටවල් 70ක පමණ විකාශනය කොට ඇත. ඔෂින් කථා මාලාවෙන් පසු ලොව වැඩිම භාෂා ගණනකට හඬ කැවූ කොරියානු ටෙලි නාට්‍යද මෙය වේ. මේ නාට්‍ය ලොව පුරා කෙතරම් ජනප්‍රියතත්වයට පත් වුවාද කිවහොත් තම රූපය චන්ගුමීගේ රුපයට සමාන රුවක් කරගැනීමේ උන්මාදයක් චීන තරුණියන්ට වැළඳී තිබු බව එක්තරා සිංහල බ්ලොග් එකක දක්වා තිබුණි. සුජාත දියණිය සමග සසඳා බලද්දී ලංකාවේ මීට පෙර ජනප්‍රිය වුනු දකුණු ඉන්දියානු අඳබාල මෙගා ටෙලි නාට්‍ය හා අර කිරිල්ලි මේ කිරිල්ල කියා විකාශනය වුනු හිස් නාට්‍ය වල ගත යුත්තක් නොමැත. ඇත්තේ අවිශ්වාසය කුහකත්වය හා වයිරය වැපිරීම පමණි. මා දන්නා තරමින් ලංකාව තුල ඔෂින් , සුජාත දියණිය වැනි ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට ලක්වුණු දේශීය නිර්මාණ කෙදිනකවත් බිහි වී නැත. ඇතැම්විට ඉදිරියටද බිහි නොවනු ඇත. අවසාන වශයෙන් මා කියන්නේ සියලු වැඩ කටයුතු නවතා සුජාතා දියණිය බැලීමට නොව, කෙනෙකු රසාස්වාදය සඳහා වැඩසටහනක් තෝරා ගන්නේද එයට සුදුසු වටිනාකමක් ඇති වැඩසටහනක් තොර ගන්නා ලෙසය.

චන්ගුමි දුවගේ ෆොටෝ කිහිපයක්!


        

6 comments:

  1. දැන් ගොඩක් උන් අර මල ජරාවල් බලන්නේ බලන්න දෙයක් නැති කමට මිසක් ඒවාට ආස නිසා නෙවෙයි කියලා "සුජාත දියණි" ඔප්පු කරලා ඉවරයි. ලස්සන කතාවක්.

    ReplyDelete
  2. ශ්‍රී ලංකාවේ නාලිකාවල විකාශනය වන නාට්‍ය බැලීම වර්ජනය කරමින් සිටි මා නැවත ඊට පෙළඹුනේ 'සුජාත දියණි' නිසයි. මන්ද, එය සත්‍යය කතාවක් වීමත්, එම සත්‍යය කතාව ප්‍රේක්ෂක රසාස්වාදය උපරිමයට ගෙන එන පරිදි නිර්මාණය කර තිබීමත් යන කරුණු නිසාය.

    ReplyDelete
  3. අදහස් වලට ස්තුති මචන්ලා...

    ReplyDelete
  4. පට්ට කතාව නේද. මන් මේකට මාර විදිහට පිස්සු වැටුනා පේජ් එකකුත් හැදුවා :)

    http://www.facebook.com/SujathaDiyanii

    ReplyDelete
  5. hehe... එල මචන්. මාත් ඔය පේජ් එකට ලයික් පාරක් දාලා තියෙන්නේ.

    ReplyDelete
  6. mama rukshan kiyala changumita kiyanna

    ReplyDelete