GameRanger එකෙන් COD 4 server එකක් Host කරමු! ~ CybeR TubE

Monday, January 14, 2013

GameRanger එකෙන් COD 4 server එකක් Host කරමු!


    මේ ලිපිය Call Of Duty 4 online සෙල්ලම් කරන සෙට් එකට ගොඩක් වැදගත් වේවි. කට්ටිය කැමති ඇතිනේ තමන් හදපු server එකක යාලුවෝ එක්ක online සෙල්ලම් කරන්න. හරි එහෙනම් වැඩි ටෝක්ස් නැතුව වැඩේට එන්ටර් වෙමු. මතකනේ වෙනදා වගේම step by step යමු.

[1] ගේම් ඒක දැනටමත් ඉන්ස්ටෝල් කරලා නැතිනම් ඔයාගේ මැශින් එකට ඉන්ස්ටෝල් කරන්න. අනිවා ගේම් එක 1.7 වලට Update වෙලා තියෙන්න ඕනේ එහෙම නැත්නම් මගේ මේ ලිපිය බලන්න.  

[2] හරි දැන් මේ iw3mp_17.rar එක බාගෙන එක්ස්ට්‍රැක්ට් කරගන්න.
(මේක තමයි ඔයාට ගේම් එක Host පුළුවන් වෙන MP.exe එක)

[3] ඒ ෆෝල්ඩර් එක ඇතුලේ තියන iw3mp.exe එක ඔයා ගේම් එක ඉන්ස්ටෝල් කරපු තැනට කොපි පේස්ට් කරන්න.

(මතක ඇතුව ඔයාගේ ගේම් එක ඉන්ස්ටෝල් කරලා තියන තැන තියන පරණ iw3mp.exe එක Rename හරි වෙන තැනකට Backup කරලා ඉන්න. නැත්නම් පරණ එකටම Replace වේවි. මොකද මේ අලුත්  iw3mp.exe එකෙන් ඔයාට ගේම් එක ඇතුලෙන් සර්වර් search කරලා සෙල්ලම් කරන්න බෑ.)

[4] දැන් මේ GameRanger කියන පොඩි app එක බාගෙන ඉන්ස්ටෝල් කරන්න. 

[5] ඉන්ස්ටෝල් කරාට පස්සේ ඔයාට GameRanger එකේ account එකක් හදන්න වේවි, ඔයාගේ දැනට use කරන Email එක දාලා account එකක් හදාගන්න.

[6] account එක verify කලාට පසු, GameRanger එක ඕපන් කරන්න. එතන මැද්දේ හරිය තියන කොන්සෝල් එකේ "My Games" යන්න තෝරන්න.

[7] දැන් geme list එකේ COD 4 servers ටික පෙන්නාවි. හරි දැන් තමයි වැඩේ පටන් ගන්නේ. එතන දකුණු පැත්තේ උඩ හරියේ තියන "Host" කියන බටන් එක ක්ලික් කරන්න.

  [8] දැන් ඔයාට අලුත් වින්ඩොව් එකක් ලැබේවි. ඔයාට තියෙන්නේ ගේම් එක සිලෙක්ට් කරලා ඔයාට කැමති විදියට Host settings හදලා ok කරන්න. ("allow friends only" ලබා දුන්නොත් server එකට පැමිණිය හැක්කේ ඔබගේ මිත්‍රයන්ට පමණි)


[9] දැන් Game Room එක ඔයාට ඕපන් වේවි. මෙහිදී ඔයාගේ යාලුවොන්ට හරි අනෙක් කට්ටියට ඔයාගේ Room එකට එන්න පුළුවන් කම ලැබෙනවා. server එක හදන්න පහල තියන "Start" බට්න් එක ක්ලික් කරන්න.


[10] දැන් Game එක ඕපන් වෙලා Menu එකට ඒවි. ඔයාට තියෙන්නේ "Start New Server" ගිහිල්ලා ඔයා කැමති විදියට server එක හදලා launch කරන්න. ඊට පස්සේ ඔයාගේ යාලුවෝ කට්ටියට ඔයාගේ server එකට join වෙන්න පුළුවන් GameRanger එකෙන්.



    මේ දවස් මම යාලුවෝ එක්ක COD 4 සෙල්ලම් කරනවා. ගොඩක් වේලාවට වැඩරාජකාරි නිසා  රෑ 8න් පස්සේ වගේ තමයි server එක හදන්නේ. ඔයාලටත් කැමතිනම් join වෙන්න පුළුවන්. server එකේ නම "SL සුජාත දියණිය" (ගණන් ගන්න එපා! ෆන් එකට දාපු නම.) පහලින් මගේ හා server admin ලාගේ GameRanger ID එක හා Nick එක පහල දාලා ඇති ඔයාලට පුළුවන් අපිව search කරලා add කරගන්න. 

 
මගේ ID එක. 
Nick - Eagle EYE
ID - 3641153

මේ අයවත් add කරගන්න.

Nick - ShAvIyA_GosH
ID - 3658470

Nick - Gihanzero
ID - 3658609

ගොඩක් වෙලාවට Nick එක වෙනස් වෙන්න පුළුවන් නිසා ID එකෙන් search කරන්න. අපිව add කරගත්තම ඔයාට පුළුවන් අපි online නම් අපේ profile එක right click කරලා " Join Game Room" සිලෙක්ට් කිරීමෙන් පහසුවෙන් අපි ඉන්න server එකට connect වෙන්න. 


ඔයාට මේ Friends Box එක ඇවිල්ලා නැත්නම් " Ctrl + 1" ප්‍රෙස් කරන්න. දැන් COD 4 Host කුප්පිය අවසානයි. තව මේකේ advanced විදියට server host settings වෙනස් කරන්න පුළුවන් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් තියනවා. වේලාවක් ලැබුන හැටිය ඒ ගැනත් පොස්ට් එකක් දාන්නම්. අදට එච්චරයි. සුබ දවසක් සුබ අනාගතයක්!

16 comments:

  1. GameRanger විතරක් තිබ්බම ඇති. මේ මම කරන්නෙ අපූරුවට

    ReplyDelete
  2. පට්ට ඈ. බඩු වැඩ.

    ReplyDelete
  3. dongle ekak haraha host ekak hadanna barida ???? haduwa anith playerslata log wenna bane game ekata ai a

    ReplyDelete
  4. dongle එකෙන් host කරන්න පුළුවන් මචන්. අනෙක් players ලාට එන්න බැරි වෙන හේතුවක් නිසා වෙන්න ඕනේ. මම මේ පොස්ට් එකේ දාලා තියන crack iw3mp.exe එක අනිවා දාලද බලන්න.

    ReplyDelete
  5. mang gaawa slt 512kbps connection ekak thiyenawa.kastiya keeyakata host karanna puluwanda ? Plz help !

    ReplyDelete
  6. 512 නම් ගොඩ දෙනුකට සෙල්ලම් කරන්න බෑ මචන්. lag වෙන්න පුළුවන්. උපරිම 4/5 ක් වගේ පුළුවන් වේවි.

    ReplyDelete
  7. host karana eken thiyana wasiya monawada kiyala pahadilikaranna puluwanda? e kiyanne system requirements madi pc ekakin host karala play karanna barida ekakin hari kamak nae requirements adu ekaka online play karanna hadaganna barida loku help ekak bro,

    ReplyDelete
  8. requirements madi pc ekakin play karanna puluwanda online/ vps ekaka host karana hati kiyaladenna puluwannda? thanks bro,

    ReplyDelete
  9. සරලව කිව්වොත් host කරනවා කියන්නේ ඔයා online play කරන්න game room එකක් හදනවා කියන එක. එතකොට වෙනත් අයට ඔයා හදපු room එකට නෙට් හරහා join වෙලා ඒ අය එක්ක සෙල්ලම් කරන්න පුළුවන්. මෙතැනදී host කරන කෙනාටත් සෙල්ලම් කරන්න පුළුවන්.

    cod 4 කියන්නේ දැන් නම් එච්චර ලොකු ගේම් එකක් නෙමයි. ගොඩක් machine වල දැන් සෙල්ලම් කරන්න පුළුවන්.

    Minimum System Requirements:
    Pentium 4 2.4 GHz.
    512MB RAM (768MB for Vista)
    NVIDIA GeForce 6600+ / ATI Radeon 9800
    10 GB hard disk.

    intel i3,i5.. වගේ වල නම් ඕවා onbord VGA වැඩ.

    ReplyDelete
  10. oka p4 1gb ram
    128 onbord vga 1ka play karanna puluwanada

    ReplyDelete
  11. p4
    1GB RAM
    128 n brd vga1ke play karanna puluwanada oka

    ReplyDelete
  12. P4 වගේ මැෂින් එකක නම් on board VGA බැරි වෙයි මචන්.

    ReplyDelete
  13. mchan ochara duk vidinata on nane ban google akata ghin free game hosting kiyla typ karala pala weniyta ana link aka regester wela server akak host karala ip aka xfire akata add karapan dongle akan ma wde goda dagata pulauwan ochara sarala karam thiyaddi wat wndanwe yanna on nane ban mod server akak unath hadanat puluawn

    ReplyDelete
  14. ane ban google akat ghin free gme hostin kiyala typ karala palawnaiyata link akat ghin server akak host karapan dongle aknuth puluwan kissima ginnak na ochara wata wnadanawe yanna on nane wade lasi dongle use karana aytath lssinyanma pulauwan wde kara ganat

    ReplyDelete
  15. Mata Mod server ekak hadanna one eke script gahana vidiha kiyala denna puluwan kenek innawanam mage e mail ekata msg ekak danna plz
    nimesh1999dilshan@gmail.com

    ReplyDelete