DOTA 2 : ප්‍රවේශය [ 3 පාඩම ] ~ CybeR TubE

Monday, November 24, 2014

DOTA 2 : ප්‍රවේශය [ 3 පාඩම ]



අද ලියන්න බලාපොරොත්තු වෙන්නේ ගේම් එකට ආධුනිකයන්ට, සරල hero කෙනක් ගෙන් ගේම් එකට ප්‍රවේශ වෙන හැටි. ගේම් එක දැනට heroes ලා 109 දෙනක් ඉන්නවා. ඒක නිසා මුලින් ඉතා සරල, ලේසි hero කෙනක් ගෙන් ගේම් සෙල්ලම් කරන්නේ කොහොමද කියලා මන් කියලා දෙන්නම්. මන් හිතනවා ඔයාලා ගේම් එකේ training එක ඉවර කරන්න ඇති කියලා.  ඒ නිසා hero ව හසුරවන විදිය වගේ සරල දේවල් ඔයාලා දන්නවා. ඔන්න ඊට පස්සේ තමයි online සෙල්ලම පටන් ගන්නේ. ඔයා ආධුනිකයෙක් නම් මෙන්න මේ heroes ලා 3න් දෙනා ගෙන් විතරක් සෙල්ලම් කරොත් හොඳයි කියලා හිතනවා. මොකද මුලදී hero කෙනක් අතට හුරු වෙන්න අඩුම වශයෙන් online match 10ක් වත් play කරන්න වෙනවා. එක නිසා ඔයා ගේම් එකට හුරු වෙන තෙක් මෙන්න මේ heroes ලා විතරක් තෝරා ගන්න. 

Sniper
Viper
Drow Ranger




ඔතනින් Sniper කියන කෙනාව ඔයාට training එකේදී හම්බෙනවා. එක නිසා මන් එයාව තෝරා ගන්නවා මගේ ලිපියේ ඉදිරි පැහැදිලි කිරීම් වලට. ඒ වගේම sniper තමයි මුළු ගේම් එකේම ඉන්න ලේසිම hero. එක නිසා sniper කියන්නේ අධුනිකයන්ටම හදපු hero කෙනක් වගේ. අනෙක් දෙන්නත් sniper පුරුදු වෙන ගමන් සෙල්ලම් කරන්න. 

ඔය අලුත් නම් match එකක් find කරන්න කලින් game mod එකේ "limited heroes" එක ටික් කරලා find කරා නම් වඩා හොදයි කියලයි මම කියන්නේ. එතකොට සීමිත, ටිකක් ලේසි heroes ලා විතරයි ඔයාට match එකේ දකින්න ලැබෙන්නේ. 


හරි දැන් ඔයා online match එකකට sniper ව select කරන් ගියාම, ඔයා මුලින්ම කරන්න ඕනේ "item build guide" එකක් active කරන එක. ඒක ඉතාම වැදගත්. මොකද item මත තමයි ඔයාගේ hero ගේ ප්‍රබල බව තීරණය වෙන්නේ. ඒ වගේම අපිට හිතුනු හිතුනු item එක heroes ලට දාන්න බෑ. ඒ කිව්වේ දාලා වැඩක් නෑ. මොකද සැම item එකක්ම සැම hero කෙනක් එක්ක compatible නොවන නිසා. එක නිසා ඒ ඒ heroes ට අපිට item/ ability guide එකක් අවශයි. item build guide එක ගන්න මෙන්න මේ විදියට යන්න.

[1] left side එකේ උඩම තියන book වගේ සලකුණ click කරන්න

[2] එකේ කෙළවර තියන පොඩි arrow එක click කලාම තව window එකක් ඒවි.

[3] එතනින් Grayshark.sniper කියන එකට like එකක් දාලා OK කරන්න. (මේක තේරුම් ගන්න ලේසියි)


දැන් ඔයාට "buy කරන්න ඕනේ item" මොනවාද? "ability active කරන්න ඕනේ පිළිවෙල" පෙන්නාවි. ඔයා Grayshark build එකම ගන්න ඕනේ නෑ. වැඩිම like කරලා තියන item guide හෝ කැමති එකක් ගන්නත් පුළුවන්.  පහල තියෙන්නේ මන් Grayshark build එකට පටන් ගත්තු ගමන් buy කරපු item ටික.  මන් අරන් තියෙන්නේ Tango එකයි, Slippers of Agility 2යි, Iron Branch 2යි. Healing Salve එක අරන් නෑ gold මදි නිසා. ඒ වගේම sniper ගේ ability 4න් "Take Aim" කියන passive වර්ගයේ ability එක තමයි මුලින්ම active කරලා තියෙන්නෙත්.


මුලදී ඔයා මේ guide එකේ කියන විදියටම කරන්න. පස්සේ අපි යම් මට්ටමකට ආවම මේ guide අවශ්‍ය නෑ. දැන් බලමු මේ hero ගෙන් සෙල්ලම් කරන විදිය. මෙයා Ranged hero කෙනෙක් නිසා ඕනෑම lane එකක (top, mid, bot) සෙල්ලම් කරන්න පුළුවන්. ඔයාගේ පළමු match කිහිපය නම් mid සෙල්ලම් නොකරනවානම් හොඳයි. මොකද ඔයා ඒක ටිකක් අමාරු නිසා. හැබයි mid තමයි වැඩිම වේගෙන් gold හා experience (farm එක) ලැබෙන lane එක. ඔයා මුලින්ම කරන්න ඕනේ enemy creep ලාට shoot කරන ගමන් enemy hero ට වරින් වර පහර දෙන ඒක. sniper long ranger කෙනක් නිසා මේ වැඩේ හොඳටම ලේසි. ඒ වගේම enemy hero ගේ farm speed එකත් දුර්වල කරන්න පුළුවන්. හැබයි මතක තියා ගන්න enemies ලගේ ලඟට වැඩිය යන්න එපා. මොකද sniper ට වැඩිය ගුටි කන්න බෑ health එක පොඩ්ඩක් නිසා. පුළුවන් තරම් පස්සට වෙලා attack කරන්න. මෙහෙදී ඔයාගේ 1st ability එක Shrapnel එක( වෙඩි වැස්ස) වැඩිය use කරන්න එපා enemy creep ලාට. එක තේරුමක් නැති ඔයාගේ Mana(ශක්තිය) නාස්ති වෙන වැඩක්. ඒ ability එක tower වලට පහර දෙන්න තියා ගන්න. ඔය විදියට වරින් වර enemy hero ට  පහර දෙමින් එයාලව පීඩනයක්, වධයක් වෙන එක තමයි ගේම් එකේ මුලදී ඔයාගේ role එක. ඒ වගේම enemy creep ලව last hit එකෙන් මරලා පුළුවන් තරම් gold එකතු කර ගන්න. මෙතැනදී last hit කියන ගොඩක් වැදගත් මොකද last hit එකේදී තමයි ඔයාට සම්පුරණ gold අගය ලැබෙන්නේ kill එකක. enemy hero කෙනක් මැරුවොත් ඔයාට ලොකු gold එකක් ලබා ගන්නත් පුළුවන්. හැබයි enemy hero ව මරන්න හදිස්සි වෙන්න එපා. හැම වෙලාවේම,  නියම වේලාව එනකන් අවධානයෙන් ඉන්න hero ව attack කරන්න. ගේම් එකේ team fight එකට එද්දී පුළුවන් තරම් team එකේ අනෙක් අයට cover වෙලා ඒ කිව්වේ පස්සට වේලා ඔයාගේ attack එක දෙන්න, මන් කලින් කිව්වා වගේ. sniper ට යුද පිටියේ ඉස්සරහට ගිහින් සටන් කරන්න ශක්තිය නෑ. මෙතනදී ඔයාගේ 1 power එකත් (Shrapnel) ගොඩක් වැදගත්. low health තියන enemy hero කෙනක් දැක්ක ගමන් ඔයාගේ ulti එක (4 ability) එක use කරන්න. ඔයාට ලේසියෙන් enemy hero ගේ kill එක ගන්න පුළුවන්. 

ඒ වගේම තවත් වැදගත් කරුණ තමයි item build එක සිදු කරන ආකාරය. අපිට ඔතැන හැම item එකම එකවර buy කරන්න බෑ. ඒ නිසා එක item එකක් වුනත් කොටස් වශයෙන් තමයි build කරන්න වෙන්නේ. පහල රූපය බලන්න. 


ඔතන gold 1400 වෙන Power Treads කියන item එක හැදෙන්නේ තවත් සුළු item 3ක් එකතු වෙලා. ඔයා එක පාර ඔය boot එක ගන්න ඕනේ නෑ. ඔයාට gold හම්බෙන විදියට අර සුළු item 3න් එක බැගින් මිලදී ගන්න. ඔයා ඒ item 3 එකතු වුනු ගමන් Power Treads කියන main item එක build වෙනවා. මේ කිව්ව එක වැදගත් වෙන්නේ ගොඩක් වැඩි වටිනාකමක් ඇති item build කරනකොට. හරියට sniper ගේ gold 4100 වෙන Desolator කියන item එක හදනකොට වගේ. ඔයා එකපාර 4100 ගෙවන්නේ නැතුව, එක හැදෙන සුළු item කිහිපය හඳුනා ගෙන් කොටස් වශයෙන් එකතු කරන්න. අවසානයේ අවශ්‍ය item එක නිර්මාණය වෙලා තියේවි.

ඔයා sniper ගෙන් play කරනවානම් අනිවා මේ item හදා ගන්න උනන්දු වෙන්න. 

Desolator
Shadow Blade
Power Treads

Mask of Madness





Sniper ගේ වැඩි විස්තර මේ link එකෙන් බලන්න. මේකේ ඉන්න heroes ලා පිළිබද හැඳින්වීම ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වෙන්න. අදහස් චෝදනා යෝජනා තියනවනම් පහලින් කොමෙන්ට් කරන්න!          

5 comments: