GTA 4 හොර වැඩ ~ CybeR TubE

Tuesday, September 18, 2012

GTA 4 හොර වැඩ


    GTA 4 Patch කරන හැටි මන් කලින් ලිපියේ කිව්වා. Patch කිරීමෙන් ගේම් එකේ තියන bugs fix කරන්න පුළුවන්. GTA 4 වල නම් Patch කරාම ගේම් එකේ තියන හිරවෙන ගතිය ගොඩක් අඩු වෙනවා. ගේම් එක ප්ලේ කරන කට්ටියට ට්‍රයි කරලා බලන්න පුළුවන්. හරි අද එහෙනම් GTA 4 වල හොර වැඩ ටික බලමු. මම මුලින්ම මේ ගේම් එක හරියට ප්ලේ කරන්න ගත්තේ A\L විභාගයේ සාමාන්‍ය පොදු පරීක්ෂණයට කලින් දෙන සතියක විතර නිවාඩු කාලයේ. ගේම් එක සම්පුර්ණයෙන් දවස් 4 ක් ඇතුලත ඉවර කලා. එතකොට මම මේ Trainer කේස් එක දැනගෙන හිටියේ නෑ. මමත් කවුද වගේ වෙඩි කකා හෙල්ත් චිට් ටයිප් කරකර ගේම් එක ඉවර කලා. මේ දවස් ටිකේ ප්ලේ කරන්න ගේම් එකක් නැති නිසා අයේ GTA 4 ප්ලේ කරන්න ගත්තා. එතකොට තමයි මේ Trainer එක හොයා ගත්තේ. හැබයි මේ Trainer එක වැඩ කරන්නේ නම් ගේම් එක Patch කරලා තියෙන්න ඕනේ. එකට මගේ කලින් ලිපිය බලන්න. හරි දැන් එහෙනම් Trainer එක දාන විදිය බලමු.

[1] මුලින් මේ වෙබ් අඩවියෙන් GTA 4 Native Trainer v6.4 .rar එක බාගන්න.  

[2] ඒ ෆයිල් එක extract කරලා, එහි ඇති ෆයිල් ටික ගේම් එක ඉන්ස්ටෝල් කරපු තැනට පේස්ට් කරන්න.

[3] දැන් ගේම් එක ඕපන් කරලා, ගේම් එකට ආවට පස්සේ F3 ප්‍රෙස් කරන්න. දැන් ඔයාලට Cheat Menu එක පෙන්වී.

[4] මෙහිදී ඉහල පහල යාමට NUM 8NUM 2 ද, අවශ්‍ය Cheat select කිරීමට NUM 5 ද, back වීමට NUM 0 ද, Cheat Menu එකෙන් ඉවත් වීමට F4 කීස් භාවිතා කරන්න.

[5] මිට අමතරව shortcut keys මගින් එම Cheat active කරන්න පුළුවන්. මෙහිදී වැදගත් වන Cheat කිහිපයක්. 

RCTRL+ F1  --   Special God Mode On/Off
RCTRL+ Num/ --   Car God Mode On/Off
Insert --   Clear Wanted Level 
LAlt + Num 7  --   Give Weapons
;:   --   No Reload/Always Unlimited Ammo
F5  --  Add Money (100.000) 
LAlt+A  --   Turismo Car
LAlt+G  --   FBI Buffalo Car
LAlt+M  --   NRG900 Bike
LAlt+X  --   Jetmax Boat

    ඔතනින් ස්ටෙප් ටික ඉවරයි. දැන් තියෙන්නේ ඉතින් මරා ගන්න එක තමයි. ඔය මන් උඩ දීලා තියන Cheat අමතරව තව ගොඩක් Cheat මේ Trainer එකේ තියනවා.  ඒ ටික ඔයා මුලින් බාගත්තු rar ෆයිල් එකේ "readme"  Word Document ෆයිල් එකෙන් බලාගන්න පුළුවන්.    

3 comments:

  1. mama oya widihata kara..aeth weda karan nea?..aea aei..

    ReplyDelete
  2. mama oya widihata kara...aeth f3 aebuwata weda karan nea?..aea aei kiyala dannawada?,,,...

    ReplyDelete
  3. මචන් ඔයා ගේම් එක patch කරලා නැතුව ඇති හරියට. ලිපිය හොඳට කියවලා යේ කරලා බලන්න.

    ReplyDelete