Call of Duty 4 Offline Multiplayer සෙල්ලම් කරමු. ~ CybeR TubE

Friday, January 13, 2012

Call of Duty 4 Offline Multiplayer සෙල්ලම් කරමු.

pezbots
    අද මන් ඔයාලට දෙන්න යන්නේ සිරා ගජෙට් එකක්. ගොඩක් කට්ටිය COD 4 online play කරලා තිබුනට, offline සෙල්ලම් කරලා නැතුව ඇති. Offline වල තියන එකම වෙනස අපි සෙල්ලම් කරන්නේ PC bots ලා එක්ක. ඕනෙම කෙනෙකුට multiplay skill එක වැඩි කරගන්න තියන හොඳ ක්‍රමයක් තමයි Offline Multiplayer කියන්නේ. මේකට internet ඕනේ නැති නිසා, net නැති කෙනෙක්ට උනත් COD Multiplay සෙල්ලම් කරන්න පුළුවන්.
    
    Offline සෙල්ලම් කරන්න අපිට mod එකක් දාන්න වෙනවා. මන් මීට කලින් ලිපියක කියල තිබුන අපිට mod එකක් දාන්න, 1.6/1.7 patch දාන්න ඕනේ කියලා. මේ mod එකටත් එහෙමයි. ඔයාලා patch දාලා නැත්නම් මෙතනින් ඒ ලිපිය බලන්න. හරි අපි එහෙනම් Offline mod එක දාන්න පටන් ගමු.

[1] PeZBOT_2010_MOD .rar එක  මෙතනින් බාගන්න.

[2] ඒ file එක extract කරලා,ඇතුලේ තියන PeZBOT කියන folder එක copy කර ගන්න.

[3] ඔයාලගේ COD 4 install කරලා තියන තැනට යන්න.එක ඇතුලේ “Mods” කියලා folder එකක් ඇති. ඒ folder එක ඇතුලට PeZBOT කියන folder එක paste කරන්න.

[4] දැන් cod 4 multiplayer.exe එක click කරලා game එක open කරන්න.

[5] Main menu එකේ තියන “Mods” කියන එක click කරන්න.

[6] දැන් එතනට “PeZBOT” කියලා mod එකක් අව්ල්ලා ඇති. එක select කරලා Launch කරන්න. (1 රූපය)

[7] වැඩේ හරි නම් main menu එක දම් පාට ට හුරු background එකක් ඇවිත් ඇති. (2 රූපය)

[8] දැන් “Start New Server” click කරලා, ඔයාට ඕනේ විදියට private server එක හදලා “Start” කරන්න (මතක ඇතුව punk buster “No” කරන්න)

[9] Game එකට ආවට පස්සේ keyboard එකේ Console button ”~” එක press කරලා එතන මේ විදියට type කරලා enter කරන්න.  

/svr_pezbots #

( ඉහත # ලකුණෙ වෙනුවට ඔයාට Bot players ලා ඕන ගණන දමන්න.)  

Eg:-   /svr_pezbots 11

[10] දැන් Tab key එක press කරලා බලන්න ඔයා එක්ක players ලා 12 දෙනෙක් පෙන්නාවි.
    
    ඔන්න වැඩේ ඉවරයි. දැන් ඉතින් මරා ගන්න තියෙන්නේ.වැඩේ හරි ගියානම් comment එකක් දාන්න අමතක කරන්න එපා. මේ ගැන මොනවා හරි දැවෙන ප්‍රශ්න තියනවනම් අපේ FB fan page හෝ contact us ෆෝරමය ට ලියන්න.

Screen Shots

 ( 1 රූපය )



  ( 2 රූපය )






11 comments: