Mozilla Thunderbird | අකුණු කුරුල්ලා දාගමු ~ CybeR TubE

Saturday, January 07, 2012

Mozilla Thunderbird | අකුණු කුරුල්ලා දාගමු


    ගොඩක් කට්ටිය Thunderbird use කරනවා අඩු නිසා මේ ගැන පොස්ට් එකක් දාන්න හිතුනා. මේ වගේ නොමිලේ දෙන හොඳ software එකක් පාවිච්චි නොකිරීම අපරාධයක්. (ඇත්තම කියනවනම් මමත් Mozilla Thunderbird කියන්නේ මොකද්ද කියලා මුලින් දැන ගත්තේ බණ්ඩාර සර්ගේ BS tute එකක තිබිලා.) Thunderbird කියන්නේ email application එකක්. අපේ ගිනි නරියාගේ සහෝදරයෙක්. වෙනදට අපි mail බලන්න කරේ web browser එකට ගිහිල්ලා, sign in ගිහිල්ලා, mail &  password type කරගෙන වැඩ ගොඩයි. එත් මේ application එකෙන් අපිට ඕන වෙලාවක ගේමක් නැතුව Mail බලන්න, යවන්න, save, delete කරගන්න පුළුවන්. ලොකුම වාසිය Thunderbird තුල ඕනෑම email accounts කිහිපයක් එකවර පවත්වාගෙන යන්න පුළුවන්.(1 රූපය ).

    Thunderbird open කරපු ගමන් දාලා තියන හැම account එකකටම auto log වෙනවා. ඊට පස්සේ තමන්ට ඕන account එකක mail check කරගන්න පුළුවන්. ඒ වගේම තමා mail යවන්න මාර ලේසි. mail address book එකක් තියන නිසා වැඩේ තවත් ලේසි. ඉක්මනින් file එකක් attach කරන්නත් පුළුවන්. නිකන් drag කරලා දැම්මත් ඇති. තව කියනවනම් මේකට themes, addons වගේ දේවලුත් site එකේ නොමිලේ දීලා තියනවා. මේකේ account එකක් හදන එක හරිම ලේසි. මුලින් Thunderbird PC එකට install කරලා, mail එකයි password එකයි දෙන්න විතරයි තියෙන්නේ. 
    
    ඔන්න ඔය ටික තමයි මන් Thunderbird ගැන දන්නේ. සමහරවිට මිට වඩා ගොඩක් වැඩ කැලි ඇති. ඔයාලට accounts හදන එකේ ගැටළු තියනවනම් අපේ FB fan page එකට ලියන්න. පහලින් Mozilla Thunderbird නවතම සංස්කරණය බා ගන්න.



 Screen Shots

         
(1 රූපය )


0 comments:

Post a Comment