AndroiD මදුරු නාශකය ~ CybeR TubE

Monday, August 06, 2012

AndroiD මදුරු නාශකය


    පහුගිය ටිකේ මදුරු case වැඩි වුනු නිසා ඒ වෙනුවෙන් පොඩි පොස්ට් එකක් දාන්න ඕනේ කියලා හිතුනා. ඇත්තටම මේ පොස්ට් එක කලින් දාන්න හිටියේ. එත් වැඩ එක්ක අමතක වුනා. මීට මාස කිහිපයකට කලින් ඇන්ඩ්රෝඉඩ් විශාරදයෙකු වන මගේ අතිජාත පාපී මිතුරෙක්(shaviya) පොඩි ගජෙට් එකක් දුන්නා බ්ලොග් එකේ දාන්න කියලා. මේක පොඩි මදුරුවෝ එළවන Android app එකක්. මේකෙන් නිකුත් වන ඉතා සියුම් ශබ්දයකින් මදුරුවන් එළවන්න පුළුවන් කියලා තමයි මෑන්ස් කිව්වේ. මමත් ඉතින් අපේ ගෙදර බිත්තියේ වහලා ඉන්න මදුරුවන්ට ෆෝන් එක ලන්කරලා බැලුවා. මෙන්න බොලේ අයෙත් නෑ හුණා කිව්වා වගේ මදුරුවෝ ටික වෙඩි වැදිච්ච ඌරෝ වගේ එහෙ මෙහෙ පියාබනවා.ලොල්. මමත් ඉතින් හරියටම ඕක වැඩ කරනවද කියලා බලන්න පරීක්ෂණ කරේ නෑ. හැබයි ඕක දාන් ඉන්නකොට මදුරුවෝ කන්නේ නෑ වගේ කියලත් හිතෙනේවා. ලොල්. කට්ටිය කැමතිනම් මේ app එක test කරලා බලන්න. පහලින් app එක Direct Download කරගන්න. 


 

0 comments:

Post a Comment