[ PROTOTYPE 2 ] ගැන කලකිරුනෙමි ! ~ CybeR TubE

Thursday, September 13, 2012

[ PROTOTYPE 2 ] ගැන කලකිරුනෙමි !


    දින, මාස ගණන් ගොස් ඒ දවස උදා විය. බලාපොරොත්තු දෝත දරාගෙන මා ගේම් කඩය වෙත පිය නැගුවේ මෙතෙක් කල් මග බලා සිටි ගේම් එක අදවත් තියේද බලන්නටය. "මල්ලි ඔන්න PROTOTYPE 2 ඇවිල්ලා" ගේම් කඩේ අයියා  කිවේය. එය ඇසු සැනින් මගේ සතුට නිම්හිම් නැතිවිය. දෙවරක් නොසිතා මා එය මිලදී ගත්තෙමි. ගැහෙන හදින් යුතුව මා ගේම් ඩිවිඩි එක අතට ගෙන කඩිමුඩියේ මගේ නිවස වෙත පිය නැගුවෙමි. වේලාවද වේගයෙන් යනවා සේ දැනෙයි. මට සියදොරිස්ගේ "බයිසිකලය" පාඩම මතක් විය. එදා ඔහු බයිසිකලය ගත් වේලේ මෙවැනිම සතුටක් දැනෙන්නට ඇත. මා තනියෙන් සිතුවෙමි. ගෙදරට ආ විගසම මා මැෂින් එක පණගන්වා ගේම් එක ඉන්ස්ටෝල් කරන්න වූවෙමි. දැන් නම් වේලාව හෙමින් යනවා සේ දැනේනට විය. මිනිත්තු කිහිපයකින්  ක්‍රියාවලිය අවසන් විය. දැන් ගේම් එක ඕපන් කරන මොහොතයි. නැවතත් ගැහෙන හදින් යුතුව මා ගේම් සෙටප් .exe එක දෙවරක් ක්ලික් කරමි. තිරය කළු විය. එකවරම කොටුවක් දිස් විය 

    හත් ඉලව්වට ගහපු කලාබරේ කිව්වලු! " Prototype 2.exe has stopped working " එහි දිස් විය. මා දන්න සෙල්ලම් සියල්ල දාන්න විය. ක්‍රැක්, පැච්, අප්ඩෙට්, සියල්ල දැමුවෙමි. කීබෝර්ඩ් මවුස් ගලවා ගේම් එක දැමුවෙමි. කිසවක් පලක් නොවිය. සැමවිටම ශාප ලත් කොටුව දිස් විය. ගේම් ෆෝරම් වලද, යු ට්යුබ් වලද හරි හැටි පිළිතුරක් නැත. ඇත්තේ ගේම් එකට ශාප කර බැන වැදීම් පමණි. මගේ සිහිනය බොඳ මීදුමක් සේ දැනෙයි. මා හට කිරීමට තව කිසවක් ඉතිරි වී නැත. ගේම් එක පිලිබඳ මහත් කලකිරීමක් ඇති විය. ඇතැම් විට මා ආශා කල අවසාන Activision හි පරිගණක ක්‍රීඩාව වනු ඇත.

10 comments:

  1. Microsoft .Net Framework 4
    Microsoft Visual C++/2008
    directx_Jun2010
    මෙටික දලබලන්න .
    .හරිගියෙ නැති උනොත්
    win7 sp1 දගන්න

    ReplyDelete
  2. මාරයි.....................ඇඩෙනවා....................

    ReplyDelete
  3. ස්තුති යාළුවා.. @ella

    ReplyDelete
  4. තාම නෑ යාළුවා.. Net Framework 4 / C++/2008 / VGA update කලා. එත් ගේම් එක නම් තාම එහෙමමයි. සමහරවිට තව ටික දවසකින් patch එකක් එන්න පුළුවන්.

    ReplyDelete
  5. ඔයගෙ dvd එකෙ මෙහෙමද install කරන්න තිබුනෙ.

    අනිවරයෙන්ම steam එක Computer install වෙන්න ඔනෙ.


    Use "install" inside Aw Installation folder.
    When ask for the next dvd , press "yes" , "Could not find the next SID-file....." , then press yes,
    Insert Disc 2. Then select all files
    Then select PROTOTYPE2_disk1_3.sid then press open
    When ask for the next dvd insert disk 3.
    Copy the crack manually from Disc 3 or autoapply it at the end of the setup.
    Play the game.

    ReplyDelete
  6. හ්ම්ම් මම steam නම් දැම්මේ නෑ. බලමු එකත් දාලා. ඔයාගේ අදහස් වලට නැවතත් මගේ ස්තුතිය යාළුවා..

    ReplyDelete
  7. tnx lot @ella ... steam එකෙන් play වෙනවා.

    ReplyDelete
  8. Black Box Repack eka down karala balanna

    ReplyDelete
  9. අදහස් වලට ස්තුති! @IP man

    ReplyDelete