Black OPS 2 DirectX error එක fix කරමු. ~ CybeR TubE

Friday, February 01, 2013

Black OPS 2 DirectX error එක fix කරමු.


අපේ සමහර යාළුවන්ට මෙන්න මේ Black OPS 2 DirectX error එක ඇවිල්ලා තිබුනා. බලන්න ඔයාගෙත් BO 2 වැඩ කරන්නේ නැතුව මේ error එක ආවද කියලා.

ඔය ලෙඩේ මට නම් අවේ නෑ. හැබයි ඕක ආපු කට්ටිය සැහෙන ඉන්න බව මම නෙට් එකේ හොයද්දි දැනගන්න ලැබුනා. කොහොමහරි විසඳුමකුත් හොයා ගත්තා.හැබයි මේ error එක එන්න විවිද හේතු බලපාන්න පුළුවන්. ඒ නිසා මන් පහල දාලා තියන විදියට කරලා බලන්න. 

[1] මුලින් ඔයා දැනට ගේම් එක මැෂින් එකට දාලා නම් තියෙන්නේ එක uninstall කරලා දාන්න.

[2] ඔයාගේ VGA කාඩ් එක අලුත් drivers වලට update කරන්න. එහෙම කරන්න අමාරුනම් ආයේ දැනට තියන VGA drivers Reinstall කරන්න.

[3] ඔයා මේ වෙන කොට අමතර වෙනත් sound drivers install කරලා තියනවානම් ඒවා ඉවත් කරන්න. onbord sound drivers විතරක් තියන්න.

[4] දැන් ගේම් එක මගේ කලින් ලිපියේ විදියට install කරන්න.

[5] ඔයා ගේම් එක install කරපු ෆෝල්ඩර් එක ඇතුලේ "redist" කියලා ෆෝල්ඩර් එකක් ඇත, එකේ ඇතුලේ "vcredist_x86.exe" හා "directX setup" එක install කරන්න.

[6] දැන් ඔයා ඩෙස්ක්ටොප් එකට ඇවිල්ලා windows key + P ප්‍රෙස් කරලා එහි "Computer Only" යන්න දෙන්න.


වැඩේ ඉවරයි. දැන් ගේම ඕපන් කරලා බලන්න. අනිවා වැඩ වෙන්න ඕනේ.  

3 comments: